ගෝඨාභයට එරෙහිව සැකසූ තවත් අසත්‍ය තොරතුරු ඇතුළත් අත්පත්‍රිකා තොගයක් පානදුරේදී සොයා ගනී
Posted on November 12th, 2019

උපුටා ගැන්ම හිරු නිව්ස්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට එරෙහිව සකස් කළ අසත්‍ය තොරතුරු ඇතුළත් තවත් අත්පත්‍රිකා තොගයක් පානදුර නගරයේ පිහිටි නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ මැතිවරණ කාර්යාලයක තිබී පොලීසිය සොයාගෙන තිබෙනවා.

ඒ, එම පත්‍රිකා බෙදාහරිමින් සිටින බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන හිටපු මන්ත්‍රීවරුන් පිරිසක් පොලීසියට කළ පැමිණිල්ලකට අනුවයි.

මේ අතර සූරියවැව ප්‍රදේශයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන, සූරියවැව ප්‍රාදේශීය සභා මන්ත්‍රී චතූ සේනාධීර කියා සිටියේ තමන්ට, අමාත්‍ය සජිත් ප්‍රේමදාසට සහය පළ කරමින් රැළියකට එක්වන ලෙස ඉල්ලීමක් ලැබුණු බවයි.

එම මාධ්‍ය හමුවට එක්ව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක එම ඉල්ලීම ඇතුළත් හඬ පටයද මාධ්‍ය වෙත ඉදිරිපත් කළා.

මේ අතර පසුගියදා රාජිත සේනාරත්න අමාත්‍යවරයා සමඟ මාධ්‍ය හමුවකට එක්වූ පුද්ගලයෙකු සිදුකළ ප්‍රකාශයකට අදාළ ස්ථානය මීට පෙර මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අයත් නිල නිවාසයක් ලෙස භාවිත කළ බවට අනාවරණ වී තිබෙනවා.

එම ස්ථානය මොණරාගල ඩිපෝවට යන මාර්ගයේ පිහිටි නිල නිවාසයක් වන අතර, පසුව එය ජාතික ශිෂ්‍ය භට බලකාය භාවිත කළ බවට වාර්තා වනවා.

මේ අතර අමාත්‍ය රාජිත සේනාරත්නට එරෙහිව එක්සත් ජාතික පක්ෂ කඹුරුපිටිය හිටපු සම සංවිධායක උදය දිසානායක අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress