සජිත් පොළොන්නරුවට ආ හෙළිකොප්ටර් යානය ගොඩබැස්වීමේදී ගොඩනැගිලි කිහිපයකට හානි
Posted on November 12th, 2019

උපුටා ගැන්ම හිරු නිව්ස්

ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස පැමිණි හෙළිකොප්ටර් යානය කදුරුවෙල සීවලී ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ ක්‍රීඩාංගණයට ගොඩබැස්වීමේදී ඒ ආසන්නයේ තිබූ වෙළඳසැල් කිහිපයකට අලාභහානි සිදුව තිබෙනවා.

අද පස්වරු 3 ට පමණ හෙළිකොප්ටර් යානයකින් අමාත්‍යවරයා එහි පැමිණියේ කදුරුවෙල පැවති ජන හමුවට සහභාගී වීම සඳහායි.

මේ අතර එම ස්ථානයේ සිටි දෙදරු මවක් තුවාල ලබා ඇති බවයි වැඩිදුර තොරතුරු වාර්තා වන්නේ.

මේ අතර පසුගිය 7 වනදා ද දෙනියාය මොරවක ජන රැළියට සජිත් ප්‍රේමදාස පැමිණි හෙළිකොප්ටර් යානය ගොඩබැස්වීමේදීද කොටපොළ ජාතික පාසල් ක්‍රීඩාංගණය ආසන්නයේ තිබූ ගොඩනැගිලි කිහිපයකට හානි සිදුවූණා.

අද පස්වරුවේ කදුරුවෙල සීවලී විද්‍යාලයේ ක්‍රීඩාංගණය ආසන්නයේ පැවති ගොඩනැගිලි කිහිපයකට හානි සිදුවූ අයුරු පහතින්.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress