ගෝඨාභය රාජපක්ෂ විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම්දීමෙන් අනතුරුව දිවයින පුරා විවිධ සැමරුම්
Posted on November 18th, 2019
උපුටා ගැන්ම හිරු නිව්ස්
ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට 7 වන විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම්දීමෙන් අනතුරුව දිවයින පුරා විවිධ සැමරුම් පැවැත්වුණා.
ගෝඨාභය රාජපක්ෂ මහතා අනුරාධපුර ඓතිහාසික රුවන්වැලිසෑය ඉදිරිපිට ජනාධිපති ධූරයේ දිවුරුම් දීමත් සමගම රට පුරා ස්ථාන රැසක ගිනිකෙළි දල්වමින් ජනතාව සිය සතුට පළ කළා.
බස්නාහිර පළාතේ ස්ථාන රැසකම ජනතාව ප්‍රධාන මාර්ග අසලට පැමිණ කිරිබත් දන්සැල් පවත්වමින් සිය සතුට පලකළ ආකාරයයි මේ.
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයට පත්වීම සිහිවීම පිණිස ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථා සේවකයින් මෙලෙස පැල සිටුවීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කළා.
මේ අතර දිවයිනේ අනෙකුත් පළාත්වල ජනතාවද විවිධාකාරයෙන් සිය සතුට සැමරුවා.