පසුගිය රජයේ දුෂණ අක්‍රමිකතා ගැන අල්ලස් කොමිසමට පැමිණිලි
Posted on November 28th, 2019

උපුටා ගැන්ම හිරු නිව්ස්

පසුගිය ආණ්ඩුව සමයේදී සිදු වූ බවට පැවසෙන දූෂණ සහ අක්‍රමිකතා පිළිබඳව පැමිණිලි කිරීම සඳහා සිවිල් සංවිධාන කිහිපයක් අද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණියා.

බිංගිරිය ආයෝජන කලාපයේ කිලෝමීටර් 6ක මාර්ගයක් ඉදිකිරීමේදී සිදු වූ බවට පැවසෙන වංචාවක් පිළිබඳව බිංගිරිය ආයෝජන කලාපය සුරැකීමේ සංවිධානය අල්ලස් කොමිසමට පැමිණිලි කළා.

මේ අතර, මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ සිදු වූ මූල්‍ය වංචාවක් පිළිබඳව ජාතික නිදහස් වෘත්තීය සේවක සංගමයද අල්ලස් කොමිසමට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ අනුදැනුම මත බාල ඖෂධ ගෙන්වමින් සිදු කළ බවට පැවසෙන මූල්‍ය වංචාව පිළිබඳව පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා සිංහලේ අපි සංවිධානය සහ බෞද්ධ තොරතුරු කේන්ද්‍රය ද අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණියා.

මේ අතර, අධිකරණ කටයුත්තක් වෙනුවෙන් බස්නාහිර පළාත් මහාධිකරණයට පැමිණි බලශක්ති රාජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා අදහස් පළ කළා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress