බදියුදීන් මුදල් අවභාවිත කළ බව අමාත්‍යාංශයම කියයි
Posted on November 28th, 2019

උපුටා ගැන්ම හිරු නිව්ස්

හිටපු අමාත්‍ය රිෂාඩ් බදීයුදීන් විසින් දිර්ඝ කාලීනව අවතැන් වූ පුද්ගලයින් නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘතියට වෙන් කල මුදල් ඡන්දදායකයින් ප්‍රවාහනය කිරීම සඳහා යොදා ගෙන ඇති බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

ඔහු විසින් රුපියල් අනුපන් ලක්ෂ 29,060ක මුදලක් මෙලෙස ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට ඒ වෙනුවෙන් ගෙවා ඇති බව සදහන්.

පසුගිය ජනාධිපතිවරණයේදි අවතැන් වුවන් ලෙස හදුන්වමින් පුත්තලමේ ජිවත් වු පිරිසක් ඡන්දය ප්‍රකාශ කිරිම සදහා ශ්‍රී ලංගම බස්රථ 222කින් මන්නාරම දක්වා ප්‍රවාහනය කිරිම පිළිබදව හිටපු අමාත්‍ය රිෂාඩ් බදීයුදීන්ට එරෙහිව චෝදනා එල්ල වුණා.

ඒ පිළිබදව ප්‍රථමයෙන් කරුණු හෙළි කළේ හිරු CIA මගින්.

කෙසේ වෙතත් අමාත්‍යාංශයේ ලේකම්වරයා දිර්ඝ කාලීනව අවතැන් වු පුද්ගලයින් නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘති අධ්‍යක්ෂක වරයාට දන්වා ඇත්තේ මෙම ගෙවීම් ජනාධිපතිවරණයට අදාල ගෙවීමක් බැවින් රජයේ මුදල් මේ සදහා වැයකිරිම කිසිසේත්ම නොකල යුතු බවයි.

ඒ අනුව හිටපු කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදීයුදීන් මෙම මුදල් නියමිත කාර්යයන්ගෙන් පරිබාහිර කාර්යක් වෙනුවෙන් භාවිත කර ඇති බවට පෙනි ගොස් ඇති බවයි එම අමාත්‍යාංශය අද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress