රණවිරු දඩයමට එරෙහිව ජනපති කොමිසක් පත් කරන්නැයි ඉල්ලීමක්
Posted on November 28th, 2019

උපුටා ගැන්ම හිරු නිව්ස්

රණවිරු දඩයමට එරෙහිව ජනාධිපති කොමිසක් පත් කරන ලෙස විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා ඉල්ලා සිටිනවා.

ඒ හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩු කටයුත්තකට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදහන්වීම පිලිබද නඩුව හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේදී අද යලි සලකා බැලුනා.

මෙහිදී මෙතෙක් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩු කටයුත්ත අවසන් කිරීමට හෝමාගම මහේස්ත්‍රාත්වරයා අද තීරණය කළා.

මෙම නඩුවේ දෙවන විත්තිකරු වන ප්‍රබෝධ සිරිවර්ධන ඇතුළු බුද්ධි අංශ නිලධාරීන් තිදෙනෙකු නිදහස් කිරීමටද මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

>කෙසේ වෙතත් මෙම නඩුවට අදාළ චූදිතයන්ට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයේදී සහ හෝමාගම මහාධිකරණයේදී අධිචෝදනා ගොනු කර තිබෙනවා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress