සුරක්ෂා රක්ෂණය දිගටම – නව අධ්‍යාපන ඇමතිගෙන් තීරණයක්
Posted on November 28th, 2019

උපුටා ගැන්ම හිරු නිව්ස්

පසුගිය රජය විසින් පාසැල් දරුවන් සඳහා ක්‍රියාත්මක කළ සුරක්ෂා රක්ෂණය කිසිසේත්ම නතර නොකරන බව අධ්‍යාපන, ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසනවා.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ හිරු ප්‍රවෘත්ති අංශය ඔහුගෙන් මේ පිළිබඳව විමසු අවස්ථාවේදීයි

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ, හිටපු අධ්‍යාපන අමාත්‍යවරයා විසින් ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය අගය කළ යුතු බවයි.<br /><br />ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සමඟ සාකච්ඡා කර මෙය යළිත් ක්‍රියාත්මක කරන බවයි ඔහු ප්‍රකාශ කළේ.

මිට අමතරව පාසැල් දරුවන්ට පසුගිය රජයෙන් ලබාදුන් ටැබ් පරිඝනක ව්‍යාපෘතියේ ගැටළු සහ අක්‍රමිකතා පවතින බැවින් එම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට සුදානම් බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

පසුගිය රජයේ දුෂණ වංචා සෙවීමට හිටපු ජනාධිපතිවරයා විසින් පත්කළ විශේෂ ජනාධිපති කොමිෂම මඟින් ද ටැබ් පරිඝනක ව්‍යාපෘතියේ යම් දුෂණ සම්බන්ධයෙන් හෙළිදරව් කර ඇති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

ටැබ් පරිඝනක වලට වඩා මුලික අවශ්‍යතා රැසක් පාසැල් දරුවන් වෙනුවෙන් සම්පුර්ණ කළ යුතුව තිබෙන බව අධ්‍යාපන අමාත්‍යවරයා හිරු ප්‍රවෘත්ති අංශයට වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress