පසුගිය රජයේ දූෂිත අමාත්‍යවරුන්ට දඬුවම් දීම ජනතාවගේද වගකීමක් – අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන
Posted on December 10th, 2019

Hiru News

බලශක්ති රාජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා අද පෙරවරුවේ සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා.

එම ආයතනයේ සේවකයින් අමතමින් ඔහු පැවසුවේ, පසුගිය රජයේ දූෂිත අමාත්‍යවරුන්ට දඬුවම් දීම ජනතාවගේද වගකීමක් වන බවයි.

සපුගස්කන්ද තෙල් පිරිපහදුවට පැමිණි බලශක්ති රාජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා එම ආයතනයේ ඇති අඩුපාඩු මෙන්ම, ඉදිරියේදී එහි නිෂ්පාදන ධාරිතාව තවදුරටත් ඉහළ නැංවීම ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් අවධානය යොමු කළා

මෙහිදී රාජ්‍ය අමාත්‍යවරයා ඉන්ධන ගබඩාවක් නිරීක්ෂණය සඳහා එක්වූයේ මෙලෙසයි.

මේ අතර, නාවලපිටිය දුම්රිය ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍ය සී.බී. රත්නායක මහතා එහි අඩුපාඩු පිළිබඳව සොයා බැලුවා.

එම අවස්ථාවේදී නාවලපිටිය දුම්රිය ස්ථානයට ළඟවූ දෙනුවර මැණිකේ දුම්රියට ගොඩවූ රාජ්‍ය අමාත්‍යවරයා එහි වායුසමීකරණ ක්‍රියාත්මක නොවීම පිළිබඳවද අවධානය යොමුකළා.

මේ අතර, අධිකරණ, මානව හිමිකම් සහ නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ද වැලිකඩ බන්ධනාගරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වූ අතර, බන්ධනාගාරයේ පවතින අඩුපාඩු මෙන්ම රැඳවියන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන්ද සොයා බැලුවා.

මෙහිදී දෑතේ පහළ කොටස අහිමි රැඳවියෙකුගේ සිතුවම් කරන චිත්‍ර නැරඹීමටද අමාත්‍යවරයා එක්වුණා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress