මාර පරාජය
Posted on December 10th, 2019

Chandrasena Pandithage

මාරයා අපට හොඳට හුරුය පුරුදුය. එමෙන්ම මාරයාද අපව හොඳට හඳුනයි. අපි පළමුව මාරයාව හඳුනා ගන්නේ බුද්ධ චරිතය තුලිනි. සිදුහත් කුමරුන්ට කිසිදු කරදරයක් නොකර සිටි මාරයා පළමුව එකුමරු වෙත කඩා පනින්නේ ගිහිගෙයින් නික්ම යාම ඇරඹීමත් සමගය. විමුක්තියට එල්ල වෙන බාධකයන් මාරයාගේ නිර්මාණයන් වන අතර මාරයා සෑම පුද්ගලයෙකු සමගද, සෑම සමාජ ක්‍රමයක් සමගද ප්‍රබලව බැදී සිටි.
මාරයා මහින්ද රාජපක්ෂ පාලනය සමග පොරබදා මහින්ද රාජපක්ෂයන්ව පරාජය කල අතර මෙරට ජනතාව මහා බලකඳවුරක් සේ එක්ව මාරයාව පරාජය කර, ඒ සතුට විදිමින්, කිරිබත් කමින්, පුරන් කුඹුරු අස්වද්දමින්, මුළු රටම පිරිසිඳු කරමින්, අපවිත්‍ර තාප්ප පවිත්‍ර කරමින් ඒ මත මහා බිතු සිතුවම් නිමවමින් යන්තම් සතියක් දෙකක ගතවුවා පමණි, මාරයා යලි අවදිව මේ සිදුවන්නේ කුමක්දැයි සිතමින් බලමින් අවබෝධ කරගනිමින් යලිත් සිය කටයුතු ලහි ලහියේ අරඹමින් සිටිනු දක්නට ලැබේ. මාරයාගේ හොඳම බලකායක් වන ප්‍රේත ගෝත්‍රික බලමුළු අවදිකරමින් යලිත් සටනට කැඳවා ඇති ආකාරයක් අපි දකිමින් සිටින්නෙමු. ගෝඨාභය රාජපක්ෂයන් බලයට පැමිණ, මාසයක්වත් ගතව නැති තත්වයක් තුලදී මෙරට ජනතාවට ඉටුකර ඇති කාරය සම්භාරය දෙස බලා කලබලයට පත් ඔහු, සියලුම බල ඇණි සටනට කැඳවා තිබීම නිසා මාර යුද්ධය මාරයා විසින්ම මහා අවුල් සහගත තත්වයකට පටලවාගෙන ඇත.
1.ඔහුගේ බල ඇණියක් වූ එක්සත් ජාතික පක්ෂය, බුද්ධ, ධම්ම, සංග යන ත්‍රිවිධ රත්නයේ සරණ යැවීම. 2.ජනතා විමුක්ති පෙරමුණ කෝප් වාර්තාව, සම්බන්ධ කර ගනිමින්, පාර්ලිමේන්තුව කල් තැබීමට එරෙහිව නැගිටවිම.
3.ජනතා විමුක්ති පෙරමුණ හා එක්සත් ජාතික පක්ෂය එක්ව රහස් පොලිසියේ සිටි සිය සගයන්ව ඉවත් කිරීමට එරෙහිව නැගිටවාලිම. 4.එංගලන්ත අධිකරණයකින් රණවිරුවෙකුට පවුම් 2400 දඩයක් නියම කරවීම. 5.ලංකාවේ ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ සිටි මාරයාගේ දියණියක් වූ රගා ලවා අමුතුම සුදු වෑන් පැහැර ගැනීමේ රංගනයක් එලි දැක්වීම. 6.මාරයාගේ අභ්‍යන්තර නියෝජිතයින් ලවා, මේ ජග්‍රහණය තනිකරම පොහොට්ටුවේ ජග්‍රහණයක් යයි කියමින් අනිත් පක්ෂවලට ඔච්චම් කරමින් අභ්‍යන්තරව සන්ධානය බිඳවීමට සැලැස්වීමට කටයුතු කිරීම. 7.ඒ සමගම පොහොට්ටු පුටු හබයක් මතු කොට අනවශ්‍ය වාග් සංග්‍රාමයක් නිර්මාණය කිරීමට වෙර දැරීම. 8. දුෂිතයන්ව නිසි ක්‍රමවේදයකට අනුව යමින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කිරීම, දුෂිතයින්ව රැකීමට දරන උත්සහයක් සේ පෙන්වීමට තුලින්, අභ්‍යන්තර වියවුලක් නිර්මාණය කිරීමට වෙර දැරීම

ඇතුළුව නව ආකාරයේ ක්‍රමයන් අධ්‍යනය කරමින් අත්හදා බැලීම සිදු කරමින් පසුවේ. මේ වනවිට පාලකයන්ට පෙර ජනතාව මාරයාව හොඳට හඳුනා ගනිමින් මාරයාගේ රෙදි ගලවමින් සිටි. හොදම උදාහරණය වන්නේ ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලය නිර්මාණය කල ජාත්‍යන්තර අර්බුදය ලත් තැනම ලොප් කිරීම තුලින් මාරයාට මාර පරාජයක් ලබාදීමයි. අප කොතරම් පරාජය කලද මාරයා අපට වඩා සුක්ෂම බැවින් ඉඩක් ලද විගසම අපව වැනසීමට නැගී සිටින බැවින්, අපි රටක් වශයෙන් අවදියෙන් සිට මාරයා පරාජය කොට ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ මේ රාජ්‍ය රැකගත යුතුමය එය මේ යුගයේ අපට පැවරී ඇති යුග මෙහෙවරයි. අපි ඒ සඳහා ඇප කැප වී අවදියෙන් සිටිමු. සටන් වදිමු.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress