චම්පිකගේ අනතුර ගැන පොලිස් ලොක්කන් 7ක ගෙන් ප්‍රශ්න කරයි
Posted on December 25th, 2019

උපුටා ගැන්ම  මව්බිම

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක විසින් 2016 වසරේදී රාජගිරියේදී අනතුරක් සිදුකොට පලා යෑම, සාක්ෂි වසන්  කිරීම යනාදී චෝදනා මත සිදුකෙරෙන විමර්ශනවලට අදාළව පොලිස් අධිකාරිවරයකුගෙන් සහ හිටපු පොලිස් ස්ථානාධිපතිවරුන් තිදෙනකු ඇතුළු පොලිස් නිලධාරීන් හත් දෙනකුගෙන් කොළඹ අපරාධ කොට්ඨාසය ප්‍රශ්න කර තිබේ. 

මෙලෙස ප්‍රශ්න කර ඇත්තේ එවක වැලිකඩ පොලිසිය භාරව කටයුතු කළ සහකාර පොලිස් අධිකාරිවරයකු වූ වර්තමාන පොලිස් අධිකාරි ධුරය හොබවන හේරත් ප්‍රියදර්ශන, එවක වැලිකඩ පොලිසියේ ස්ථානාධිපති වූ වර්තමාන සහකාර පොලිස් අධිකාරිවරයකු ලෙස කටයුතු කළ සුදත් අස්මඩල, එවක බොරැල්ල පොලිසියේ ස්ථානාධිපතිවරයා වූ වර්තමාන සහකාර පොලිස් අධිකාරිවරයකු වන ප්‍රගති ලක්මිණ අබේසිංහ, පාදුක්ක පොලිසියේ එවක ස්ථානාධිපති ධුරය හෙබවූ ප්‍රධාන පොලිස් පරීක්ෂක රොහාන් මහේෂ්, එවක වැලිකඩ පොලිසියේ රථවාහන අංශ ස්ථානාධිපති වූ පොලිස් පරීක්ෂක පෙරේරා සහ එහි රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකුගෙන් මෙලෙස ප්‍රශ්න කර ඇත.

මෙම විමර්ශනයට අදාළව අධිකරණ නියෝග මත ඉදිරි දින කිහිපය ඇතුළත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පොලිස්පති පූජිත් ජයසුන්දරගෙන්ද ප්‍රශ්න කිරීමට නියමිතව තිබේ.

කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරි ජේ. නන්දනගේ අධික්ෂණය මත එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් ද සිල්වාගේ උපදෙස් මත මීට විමර්ශන සිදුකෙරේ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress