මේ රටේ සැබෑ නිදහස් දිනය පැවැත්විය යුත්තේ මැයි මස 22 දා මිස පෙබරවාරි 4 දා නොවේ යයි කියන ආචාර්ය සුදත් ගුණසේකරට පිළිතුරක්
Posted on December 30th, 2019

(ලෙවලුත් පේල් වෙච්ච) R. වික්රමසිංහ

කොඩි ගහ යට මම උපන්නේ
නමගිය තැනකි රටේ
කොළඹය කියලයි කියන්නේ
මුළු ලෝකෙම හතරවටේ….

අමන වැඩට හරි සූරයෝ
අපිත් කොළඹ කොල්ලෝ
කසඩ වැඩට හරි සූරයෝ
අපිත් කොළඹ කොල්ලෝ

පහුගිය දෙසම්බෙර් 25 වැනිදා අර කියල තියෙන මාතෘකාවෙන් ලිපියක් ලියල Dr. සුදත් ගුණසේකර කියල මහත්තයෙක් කියල තිබුන  “මේරටේ සැබෑ නිදහස්දිනය පැවැත්විය යුත්තේ මැයි මස 22 දා මිස පෙබරවාරි 4 දා නොවේ” කියල. මේ මනුස්සයට මොලේ කචල්ද කොහෙද.

මහත්තයෝ, මම එකක් කියන්නං… තමුන්නාන්සෙල වගේ අය නිසා තමයි අද ලංකාවට මෙහෙම වෙලා තියෙන්නේ. සුද්ද හොඳට ලංකාව දියුණු කරගෙන ආව. එතකොට 1948 දී, මොකද්දෝ හේතුවක් නිසා, ඇමරිකාවෙන් කියපු නිසාද කොහෙද අපි යන්ඩ  එපා, ඉන්ඩ කියද්දීත් අපිව දාල සුද්ද ගියා. පෙබරවාරි 4 නිදහස සමරුවේ නැත්තං අපිට එලිසබත් මහා රැජිනට, එඩින්බරෝ ආදිපාදයට, ප්‍රින්ස් චාල්ස්ට, ප්‍රින්ස් එඩ්වඩ් ට වගේ රජ පවුලෙ අයට එන්ඩ කියල පාටියක් දාන්ඩ පුලුවන්ද? තමුන්නාන්සේ කියන විදියට මැයි 22 සමරුවොත් අපිට ප්රින්ස් උදය ප්රියන්තට තමයි එන්ඩ කියන්ඩ වෙන්නේ. අපිට අඹුඩ ගහගෙන කසිප්පු බොන්ඩද කියන්නෙ හලෝ? ගංකබරයො! මේවා ඇහෙනකොට අපේ ඇඟේ ෆිෂ් කැබරේ ඩාන්ස් දානවා!

අපි අතින් වියදම් කරගෙන ලන්ඩන් ගිහින් සූට්-බූට්, ටයි-පයි ගෙනල්ල අපේ පවුල්වල අනික් අයගේ වෛෆ්ලටත්  මේකප් ගෙනල්ල ලක්ස කෝටි ගණන් වියදම් කරලා තියෙනේ රෝයල් පැමිලියේ බල්ලා එක්කහරි පොඩ්ඩක් ගැවසිලා බුදියගන්ඩනේ හලෝ. අපි දේසපාලනේ කරන්නේ අත ලෙවකකා ඉන්ඩ නෙමෙයි හරිද? අපිට සුද්දෙක්ගෙ පුකක් ලෙවකාල මලත් සැපයි ඕයි! (In British English ඕයි ‘OY’ means Greeting, meaning “hello” or “Hi”}.

අපිට රජ පවුලේ අයත් එක්ක චුට්ටක් ගැවසෙන්ඩ තියෙන එකම චාන්ස් එකත් තමුන්නාන්සේලා නැති කරන්ඩයි හදන්නේ නේද. තමුන්ලා හරි ඉරිසියා කාරයෝ හලෝ.

සුද්ද නොහිටින්ඩ අපි වගේ අයට (සමහරු කියනවා වගේ ‘හාල් පාරුවන්ට’) කෝටිපතියෝ වෙන්ඩ පුළුවන් රටක්ද මේක? සුද්දනේ හලෝ අර කාලකන්ණි පරණ වලව් පැලැන්තිය, කුජීතු රදළ හැලපයෝ කම්මුතු කරලා අපිට අලුත් වලව් පැලැන්තියක් දාල දුන්නෙ.

අපි තමයි හලෝ රොබට් නොක්ස් කියල තියන විදියට, වතුර බිබී හිටපු ලංකාවේ නොදියුණු මිනිස්සුන්ට, (Robert Knox) අරක්කු බොන්ඩ පුරුදු කරේ. නැත්තං මේ යක්කු අඩුගානේ කොක්ටේල් පාටියක් වත් දාන්ඩ දන ගනියිද? නෑනේ. ගොරක හැත්ත.

දැන් ඔය සොයිස, යතුරක් අතේ තියාගෙන ඉන්නේ මොකද කියල දන්නවද? දන් නෑ නේ? කියවනවකෝ හලෝ කුමාරි ජයවර්දනගේ ‘නෝ බොඩිස් ටු සම්බොඩිස්’ (Nobodies to Somebodies) කියන පොත.  එකේ ලියල තියනවනේ අපේ කතාව ලස්සනට. සොයිස අරින්ඩ බැරි දොරක් ඇරපු නිසා තමයි එයාගේ අතට යතුරක් දීල තියෙන්නේ. ඉස්සර ලංකාවේ ඉන්න සුද්දෝ සල්ලි තියෙන නිසා අපිට සැලකුවට, එංගලන්තෙ රජ පවුල අපි ගැන දන්නේ නැහැනේ හලෝ. ඒ නිසා සුදු ආණ්ඩුවේ අය ලවා එංගලන්තෙ රජ පවුලෙන් තානාන්තර ගෙන්න ගන්ඩ හිතාගෙන තමයි අපි ඔය සමාජ සේවය කලේ. එතකොට සුද්ද අපිට සර් පට්ටං, මුහන්දිරම්, මුඩ්ලියර් අර පට්ටං මේ පට්ටං දුන්න.

අපි මොන තරං මහන්සි වෙලාද මේ තත්වෙට ආවේ? ඔහෙලා කියන විදියට නිකම්ම අත ඇරලා දාන්ඩ පුළුවන් දෙයක් නෙමෙයි අපි ගොඩ නැගුවේ හරිද? දැන් සුද්ද රටේ නැති නිසා, එයාගේ පුක පොඩ්ඩක් හරි ඉම්බින්ඩ තියෙන එකම චාන්ස් එක තමයි අපේ පෙබරවාරි 4 නිදහස් දවස. 1948 ට ඉස්සෙල්ල හැමදාම වගේ සුද්දගෙ පුක ඉඹ ඉඹ හිටපු අපිට දැන් අවුරුද්දකට එක සැරයිනේ ඒ චාන්ස් එක හම්බ වෙන්නේ. තමුසෙ හදන්නේ එකත් නැති කරන්නද. (‘තමුසේ’ යනු ‘තමුන්නාන්සේ’ යන යෙදුමට පර්යාය කෙටි යෙදුමකි) ඊරිසියාකාර හැත්ත.

තමුසෙලා 4 වෙනද ‘නිදහස සමරණ දිනය’ කියල කිව්වට අපි කොහෙවත් එහෙම කියල නැහැනේ හලෝ. තමුසෙලා ‘ස’ යන්නක් ඉස්සරහට දා ගත්තට අපි ‘ස’ යන්න නැතුවනේ නිදහස (ස)මරන්නේ.

සිරිමා මේක නැති කරාට පස්සේ අපේ නායක තුමා JR ආයිත් පෙබරවාරි 4 වෙනිදට මේක දාගත්තේ තේරුමක් අතුවනේ. 1981 එලිසබත් රැජිණ ගෙන්නුවා. JR කියන්නෙ සුද්ද කියනවනම් ඕන දෙයක් කරන, හිත හොඳ අවංක, සුද්ද වගේ මිනිහනේ? දැන් ඔය ඉන්දු ලංකා ගිවිසුම උනත් එයා ගැහුවේ සුද්ද කියපු නිසානේ.

දැන් බලන්ඩ, සුද්ද ලංකාවට කරලා තියෙන සේවය තමුසෙලා කරලා තියනවද? 1818 දී අර ගොන් හැත්ත ගහපු වනචර කැරැල්ල ආයි ඔයවගේ කාලකන්නින්ට ඔලුව උස්සන්ඩම බැරිවෙන්ඩ දස දහස් ගානක් උනත් මරල සාදාරන විදියට විසඳූවනේ. ඊගාවට 1848 දී, ඒවගේම ගොන් හැත්තක් රට කන්ඩ ගියපුවහම, අර වගේම දස දහස් ගානක් ත්‍රස්තවාදියෝ මරල හරිම සාදාරන විදියට ඒකත් විසඳුවනේ.

දැන් බලන්ඩ, උඩරට මිනිස්සු…… මන්නං කියන්නෙ මුන්ට කාලකන්ණි කියලයි, ගං කබරයො, ගොරක හැත්ත, ගොඩේ බයියල, උන් නිකන් තියාගෙන කාබාසිනිය කරකර හිටපු ඉඩකඩන් ඔක්කොම සාදාරන මුඩුබිම් පනතක් ගෙනල්ල, ඒ කාලකන්නි හැත්ත පන්නල දාල ……………. තේ, කෝපි වගා කරලා රට දියුණු කලානේ. මන්නං කියන්නෙ ඒ ඉඩන් ආයි දෙන්ඩම නරකයි. අපි කොළඹ පන්තිය බලයේ ඉන්නකං කීයටවත් ඔය සිංහලය කියන කාලකන්ණි මඩකරියන්ට ඉඩක් දෙන්ඩම නරකයි. කාලකන්නි හැත්ත

අර 1818 යි 1848 ත්‍රස්තවාදියො ලක්ස ගානක් මරල රට බේර ගත්ත එකම ඇතිනේ ඕයි අපේ නායක තුමා JR ට එලිසබත් රැජිනට ආරාධනය කරන්ඩ. එහෙම රට බෙර නොගත්තා නම් අපිට මේ තත්වෙට එන්ඩ පුළුවන් වෙන්නේ නැහැනේ ඕයි?  

අනික අපිනේ ඕයි උඩරටට ගිහිල්ල ගෙවල් ගිනිතියල, හරක බාන මරල, ළමයි පුච්චලා, ගෑනුන්ට මාස ගානක් ඉස්සරහට හම්බ වෙන්ඩ හිටපු ළමයි එවලේම සීසර් කරලා එලියට අරන් පරලොව යවල සුද්දට සපෝර්ට් කරලා ප්‍රස්නේ විසඳුවේ. නැත්තං සුද්දට තනියෙන් විසංදන්ඩ පුළුවන් විදියේ සුළුපටු ප්‍රශ්නයක්ද ඇතිඋනේ? ඒකාලේ අපිට සුද්ද කිව්වේ සිපයි කියල. සුද්ද අපිට සිපයි කියල කිවුවේ අද කාලේ කියන විදියල ‘ලපයි-සිපයි’ කියන පල් තේරුමෙන් නෙමෙයි. ගරු නම්බු ඇතුව හරිද. පෘතුගීසි කාලේ ඉඳලම අපි සුද්දට අවංකව සේවය කලා හරිද, ඒකාලේ අපිට කිව්වේ ලස්කිරින්ඥ හමුදාව කියල. අපිට හොඳ වාසි දෙනවනම් අපි ඕන දෙයක් කරනවා. එකාලෙත් එහෙමයි, දැනුත් එහෙමයි. ඔය ශ්‍රා, ප්‍රා, කළු  බළල්ලු, කහ බළල්ලු, රාජිත ඔසී ඔය ඔක්කොමල අපේ කට්ටිය තමයි.

1818 දී සුද්ද කොයි තරං බයවෙලා හිටියද කීවොත්, පෙට්ටි මුට්ටි පටෝගෙන ගෙදර යන්නයි ලෑස්තිවෙලා හිටියේ. අපි තමයි ඉස්සරහට ඇවිල්ල කිවුවේ, තමුන්නාන්සේලා ඉන්න එක අපිට ඕන. එහෙම නොවුනොත් 1505 ඉඳල පාත රට අපි ගොඩ නගපු අපේ තත්වේ ඔක්කොම විනාස වෙනවා. පහත රට උඩරටට යටත් උනොත්, අපේ ඔක්කොම ඉවරයි. එක වෙන්ඩ ඉඩ දෙන්ඩ  බැහැ   ඒ නිසා අපි එන්නං උඩරට යන්ඩ. අපි වැඩේ ඉවරකරලා දෙන්නන් කියල ගිහින් උඩරට හිටපු වල් බල්ලන්ගේ කැවුතු කෑව. වල් හැත්ත. අපි තමයි සුද්ද බේරාගෙන මේ තත්වෙට රට ගෙනාවේ.

ඔය බටලන්ද ටෙක්නික් අපිට ඒකාලේ සුද්ද කියල දීපුවා තමයි. අපේ පාටිය, ඒ කියන්නේ ගූ ඇන් පී එක (එකියන්නේ අසුචි සහ මුත්‍රා) පාටිය හැදුවේ ඒ අපේ සිපයි ටික එකතු කරලා තමයි. අපි ලපයි සිපයි උනාට, අරක්කු විකුණලා, මිනිරන් විකුණලා සල්ලි හොයල අපි ලොකු ගෙවල් හදල, ඒවාට වලව් කියල නම් දාල, ඒ නම් ගේට්ටු වල ගහල, කෝචෝක් එකට වගේ “බල්ලන්ගෙන් ප්‍රවේසම් වෙනු” කියල බෝඩුත් ගහල, මේ ගෙවල් ඇතුලේ ඉන්න ‘අපි වගේ බල්ලන්ගෙන් ප්‍රවේසම් වෙලා හිටපල්ලා’ කියන එක නොතේරෙන බාසාවෙන් මිනිස්සුන්ට කියල සමාජය බය කරගෙන තමයි මේ තත්වෙට ආවේ. අපි සුද්දගේ පිහිටෙන් හාමුල වෙච්ච අය හරිද. සුද්ද නොහිටින්ඩ අපිට හාමුල වෙන්ඩ පුලුවන්ද? අපි සුද්දට සදා කාලිකව ලව් කරන්නේ ඒකයි.

දැන් අපි යමුකෝ පෙබරවාරි 4 නිදහස් සැමරුමට. අපේ අර ලොන්ත බබක්ක පනස්වෙනි නිදහස සමරන උත්සවයට ප්‍රින්ස් චාල්ස් ට එන්ඩ කිව්වනේ. ඒකෙ වීඩියෝ බලපු හුඟක් අය කිව්වේ ලොන්ත බබක්ක එතනම චාල්ස්ට මොනවා හරි කරයි කියල බය හිතුන කියලයි. අක්කගේ ලව් එක මූණෙන් පෙරී පෙරී තිබුන කියල තමයි කට්ටිය කිව්වේ. හරිම හිත හොඳ ගැනි අප්ප. සමහරු හිතන්නේ හිත හොඳ ගැනියෙක් නම් හැමදාම බඩින් ඉන්ඩ ඕන කියලනේ. දැන් විද්‍යාව දියුණුයිනේ. එනිසා හිත හොඳ ගනුන්ට බඩින් නොඉඳ හිත හොඳ කම රැකගෙන ඉන්ඩ පුළුවන්නේ.

හරිනං අපි දවස් තුනක් සමරන්ද ඕන. පෘතුගීසි දවසයි, ලන්දේසි දවසයි, ඉංග්‍රීසි දවසයි. මැයි 22? හඃ, පිස්සුද හලෝ? තමුන්නාන්සේ ඔය වගේ අපිට මරුව නගින අදහස් කියන්ඩ එන්ඩ එපා හරිද? අපි බොහොම අමාරුවෙන් අවුරුද්දකට සැරයක් සුද්ද එක්ක ගැවසෙන්ඩ ක්‍රමයක් හැටියට තියාගෙන ඉන්න දවස, තමුසේ නැති කරන්ඩ නේ හදන්නේ? අපි දනි පනි ගාල බොහොම අමාරුවෙන් සුද්දගේ ටේබල් මැනස් ඉගනගෙන එලකියුෂන් ක්ලාස් ගිහිං ඉංග්‍රීසි පොලිෂ් කරගෙන පෙරුම් පුරාගෙන ඉන්නේ මේ වගේ අවස්තාවක් උදා කරගන්ඩනේ ඕයි. තමුසෙල වගේ ගොරකයන්ට ඕවයේ වටිනාකම් තේරෙන්නේ නෑ හලෝ. කල්පනා කරලා බලනවකො, සුද්දගේ ටේබල් මැනස් කියන්නේ සෙලන්ද කියල? කනවා තියා කෑම එපා වෙලා හත් ගව්වක් දුවන්ඩ හිතෙනවනෙ ඔයි ඒකට සම්බන්ද බඩු මූට්ටු ටික දැක්කහම. කාටද ඕයි ඔයාකාර දේවල් මතක තියාගන්ඩ පුළුවන්. තේරෙනවා ඇතිනෙ අපිත් කොයි තරම් මහන්සියක් ගන්ඩ ඇත්ද කියල ඕව ඉගෙනගන්ඩ?

ඒ ඔක්කොම බඩුමුට්ටු දැක්කම ඇත්තටම සැකයකුත් ඇතිවෙනව කටින් විතරක් කන්ඩමද මේ ඔක්කොම තියෙන්නේ කියල. ඇත්තටම සුද්ද අනිත් තැන්  වලිනුත් කනවද කියල සැකයකුත් ඇතිවෙනවා මේවා දැක්කම. සුද්ද නිකන්හරි අහවල් තනෙනුත් කාල තිබුනනං අපිත් කොහොමහරි එකත් ඉගෙන ගන්නවා. අනික සුද්ද මේවා, ඒ කියන්නේ කන එක මේ තරම් අමාරු කරලා තියෙන්නේ තමන් වෙනස් කියල අනිත් යට පෙන්නන්ඩනේ. ඉතින් අපිත් ඕව අකුරටම ඉගනගෙන ඉන්නේ මේවගේ දවසකදී වැඩ පෙන්නන්ඩනේ. කොහොමත් සාමාන්‍ය සුද්දොත් මේවා දන්නේත් නැහැනේ. රජ පවුලේ කෙනෙක්ම එන්ඩ ඕන අපේ වැඩ පෙන්නන්ඩ. නැත්තං සාමාන්‍ය සුද්දෝ හිතයි අපිට පිස්සුද කියල.  සුද්ද කියනවනම් ඕන දෙයක් අපි කරනවා හලෝ. සුද්ද හෙට කිවුවොත් වැලි කඩදාසි වලින් පස්ස පිහිදාණ්ඩ කියල, අපේ නෝනල කිසි කතාවක් නැතුව ඒකත් කරනවා හරිද?

අපි වගේ අය පැටව් ගහන්ඩ පුළුවන් ආයතන අපි ඇති කරලයි තියෙන්නේ. කතාවට කියනවා සුද්ද ලංකාවේ ප්‍රදාන වසයෙන් පිස්සන් කොටු තුනක්  ඇති කලා කියල. එකක් අංගොඩ තියෙන එක. අනිත් දෙක කොළඹ තියෙන මොළ හෝදන්ඩ හදපු ලොකු ඉස්කෝල දෙකක්ලු. මොළ හෝදන තැන් අපි ඊට වඩා දාලයි තියෙන්නෙ. හැම නගරයකටම දෙක තුන ගානේ ඒවගේ ඉස්කෝල අපි දාලයි තියෙන්නේ.

සුද්දට ද්‍රෝහී වෙන්ඩ  ආපු ඔක්කොටම අපි ගේම දුන්න. අර කිව්වා වගේ බණ්ඩාට ගේම දුන්න, අනගාරික දර්මපාලට ගේම දුන්න, දර්මපාලට ගේම දෙන්ඩ සුද්දට ද්‍රෝහී උනාට අමතරව තව හේතුවක් තිබුන. එයා අමද්‍යප වියාපාරයක් දාගෙන අපේ අරක්කු බිස්නස් එකටත් කෙලින්ඩයි ආවේ. ආ…එතකොට හෙන්රි පේදිරිස්, එයත් අපි වගේම සුද්ද නිසා මනුස්සයෙක් වෙලා පස්සේ සිංහලයට සපෝර්ට් කරන්ඩ ගියා. අපි එයාටත් ගේම දුන්න. සුද්ද නිදහස දෙනකොට අපි අතර හිටපු හොඳම ගේම් කාරයෙකුට තමයි අගමැති කම දුන්නේ. සුද්දට තිබුනේ ටප් තේරීමක්. මොකද අපි හැම එකෙක්ම, ඔය ගමේ එවුන් කියන විදියට, සුද්ද වෙනුවෙන් වනචර කමේ ගිය ද්‍රෝහියෝ උනාට, ද්‍රෝහියෝ අතරින් හොඳම ද්‍රෝහියා තොරණ එක සුද්දට හරි අමාරු උනා.   

අපේ කොළඹ කට්ටියටමම එකක් කියන්නං. සිංහලයට ඔලුව උසන්ඩ විතරක් ඉඩ දෙන්ඩ එපා. පෘතුගීසි කාරය ලංකාවේ ඉන්න කාලේ ඉඳන් අපේ කිරිකිත්තල ගොඩනගපු බලයක් තමයි කොළඹ අපි අතේ තියෙන්නේ. අපි අදටත් පුළුවන් තරම් සුද්දට සුප්පොර්ට් කරලා එක රැක ගන්ඩ ඕන. NGO, INGO අර සංවිදාන, මේ සංවිදාන දාගෙන කොහොම හරි සිංහලයව පාගාගෙන ඉන්ඩ  ඕන. UNO එකේදී කොහොමහරි සිංහලයව බෙල්ලෙන් අල්ලලා දෙන්ඩ ඕන. ගොටාටත් මොකක් හරි ගේමක් දෙන්ඩ ඕන. දැනටමත් අපි නව ලිබරල් වාදියෝ ටිකක් ගොටා ලඟට දාලයි තියෙන්නේ. ඒ ගොල්ල ඒ ගේම දෙයි.

අවසාන වසයෙන් මං මේ කියන්නෙ, කොළඹ අපිට පාට් දාල බේරිලා ඉන්ඩ හිතන්ඩ එපා හරිද? කොළඹ ඉන්න ලොකුම මිනී මරුවෝ, IRC කාරයො ඉන්නෙ කුරුඳු වත්තෙ හරිද? නැතුව ඔය වනාතමුල්ල, කූඹි කැලේ, හැටේ වත්ත, අර වත්ත, මේ වත්ත කියන තැන වල නෙවෙයි. අපි බන්ඩටත් ගේම දුන්න. ඔය හුඟක් අයට ගේම දුන්නේ අපි තමයි. පෘතුගීසි කාලේ ඉඳං අපි ගේම් කාරයෝ. තමුන්නාන්සේත් මොකද ගේමද ඉල්ලනේ?

R. වික්රමසිංහ

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress