ඖෂධ මාෆියාවෙන් රාජිතට ජීවිත තර්ජන ඇතැයි පැවසීම විහිළුවක්-GMOA
Posted on December 31st, 2019

උපුටා ගැන්ම  Adad Derana

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඖෂධ මාෆියාවට අවශ්‍ය පරිදි රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය පාලනය කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි.

රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටි අවධියේ දී ඖෂධ මිලදී ගැනීමේ දී සිදුවූ බව පැවසෙන අක්‍රමිකතා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට අද(30) පැමිණි අවස්ථාවේදී ඒ මහතා මේ බව සඳහන් කළේය. 

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, දෙරණේ සජීවිව විකාශය වු 360 වැඩසටහන සමඟ එක්වී ඉතා නරක ලෙස රටට බොරු පැවසු බවයි.

ඒ සම්බන්ධයෙන් අල්ලස් කොමිෂමේ අවධානය යොමු කළ බවත් පැවසු ඒ මහතා, ඒ සම්බන්ධයෙන් අද දිනයේ දී විස්තරාත්මක ප්‍රකාශයක් ලබා දෙන බවත් කියා සිටියේය.

විශේෂයෙන් විගණකාධිපති වාර්තා හා ජාතික ප්‍රසම්පාදන කොමිසමේ වාර්තා පදනම් කර ගනිමින් මෙන්ම තවත් වාර්තා රැසක් පදනම් කර ගනිමින් රාජිත සේනාරත්නට එරෙහිව නිරන්තරයෙන් නීතිය ක්‍රියාත්මක වෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් ඒ මහතා පැවසීය.

රාජිත සේනාරත්න මහතා අද වන විට විවිධ හේතු පවසමින් රෝහල් ගත වී සිටින බවත් කියා සිටි ඒ මහතා, සමහර මන්ත්‍රීවරු ඖෂධ මාෆියාවෙන් රාජිත සේනාරත්නට ජීවිත තර්ජන ඇතැයි පවසන බවත් කියා සිටියේය.

මෙය විහිළුවට කාරණයක් බවත් ඖෂධ මාෆියාව සමඟ ගනුදෙනු කරනු ලැබුවේ රාජිත සේනාරත්න බවත් ඖෂධ මාෆියාවයට අවශ්‍ය පරිදි රටේ සෞඛ්‍ය හසුරවනු ලැබුවේ ද ඔහු බව මෙහිදී හරිත අලුත්ගේ මහතා වැඩිදුරටත් පැවසීය.

රාජිත සේනාරත්න හිටපු ඇමැතිවරයා සමග ඩීල් දැමු පිරිස් එළිවෙන්නට පටන් ගෙන ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එහි ලේකම් හරිත අලුත්ගේ මහතා මහතා සඳහන් කළේ අදාල ඩීල් සියල්ල ඉදිරියේදී හෙලිදරවු කිරීම සූදානම් බවයි.

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් රාජිත සේනාරත්න ඇමතිවරයාට පිරිත් නුල් බඳින්න රෝහලට යාමට තරම් ඇති භූමිකාව කුමක්දැයි හෙලි කල යුතු බවත් ලේකම්වරයා කියා සිටියේය.

එම සංගමය විසින් කැදවා තිබූ මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

කෙසේ නමුත් එල්ල වන චෝදනාවන්ට ප්‍රතිචාර දක්වමින් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සඳහන් කළේ තමා රෝහලට ගියේ ගියේ කුමන්ත්‍රණයකට හෝ පණිවුඩ රැුගෙන නොවන බවත් තම යුතුකම වෙනුවෙන් පමණක් බවත්ය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress