මව් භාෂා දිනය වෙනුවෙන් පවත්වන රචනා සහ නිබන්ධන තරගයට සහාභාගී වී ත්‍යාග දිනා ගැනීමට අවස්ථාව….. …
Posted on December 31st, 2019

නීතිඥ අරුණ ලක්සිරි උණවටුන සමායෝජක

2020 පෙබරවාරි 21 මව් භාෂා දිනය අභිමානයෙන් සමරමු…!
මව් භාෂා දිනය වෙනුවෙන් පවත්වන රචනා සහ නිබන්ධන තරගයට සහාභාගී වී ත්‍යාග දිනා ගැනීමට අවස්ථාව…..  …

ජාතික ගීය සිංහලයෙන් ගයන අපි
හෙළයන් කියා උඩ පැන පැන නටන අපි
සිංහල කමට පෙම් බැදලා ඉන්න අපි
උසාවියෙදි සිංහල අත හරින අපි

සිංහලයන්ට නැහැ රටවල් හතර අතේ
සුද්දට ඉන්න ඇත රටවල් හතර අතේ
සිංහලයන් නිදයි මේ රට හතර අතේ
නොරටුන් ඇවිත් අල්ලයි රට හතර අතේ

ජාතියක් නැත ගීතයක් ඇත මේ රටේ
නිදහසක් නැත අයිතියක් ඇත මේ රටේ
යුක්තියක් නැත නීතියක් ඇත මේ රටේ
ධර්මයක් නැත ආගමක් ඇත මේ රටේ

වාහනයේ අංකයෙනුත් “ශ්‍රී” අකුරත් අයින් කළා
නඩුවේ තීන්දුවෙනුත් සිංහල බස අයින් කළා
සිංහල මොටද කියමින් බස අයින් කළා
දියුණු වෙන්න කියමින් බස අයින් කළා

නීතිඥ අරුණ ලක්සිරි උණවටුන 
සමායෝජක,
මව් භාෂාව ප්‍රවර්ධනය කිරීමේ අධ්‍යයන වැඩසටහන දුර 0712063394

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress