අලියා ලකුණ උකසට තැබිය නොහැකි බව එජාපය කියයි
Posted on February 17th, 2020

උපුටා ගැන්ම  හිරු පුවත්

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව සන්ධානය මෙතෙක් පිහිටුවීමට නොහැකි වී ඇති අතර ඔවුන් මහමැතිවරණයේදී තරඟ කරන ලකුණ සම්බන්ධයෙන් ද පවතින්නේ මතභේදකාරී තත්ත්වයක්.

එවැනි පසුබිමක සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂයේ අලියා ලාංජනය කිසිවෙකුටත් උකසට තැබිය නොහැකි බවයි.

කෙසේ වෙතත්, නව සන්ධානය සඳහා අලියා ලකුණ ලබා ගැනීමට නොහැකි වුවහොත් වෙනත් ලාංඡුනයක් යටතේ තරඟ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ හොරණ ප්‍රදේශයේ අද පැවැති උත්සවයකට එක්වෙමින්

මේ අතර, දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාව අනුව එහි ලාංඡනය හදවත බැවින් වෙනත් කිසිදු පක්ෂයකට හදවත ලාංඡුනය යටතේ ඉදිරි මහ මැතිවරණයට තරඟ කළ නොහැකි බව එම පක්ෂයේ ප්‍රධාන ලේකම් සුගත් හේවාපතිරණ පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ එම පක්ෂය ලියාපදිංචි කිරීම සඳහා මැතිවරණ කොමිසමට පැමිණීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress