ජවිපෙන් හකීම්ට සැර ප්‍රතිචාරයක්
Posted on February 24th, 2020

උපුටා ගැන්ම  හිරු පුවත්

සුළු පක්ෂ සමඟ එක්වී සන්ධානගතවීම සම්බන්ධයෙන් තමා ඊයේ සිදුකළ ප්‍රකාශය එළැඹෙන මහ මැතිවරණය ඉලක්ක කරගෙන සිදුකළ ප්‍රකාශයක් නොවන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පවසනවා.

කෙසේ වෙතත්, ජනතා විමුක්ති පෙරමුණ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ රවුෆ් හකීම් මහතා සිදුකළ ප්‍රකාශයේ කිසිදු සත්‍යතාවක් නොමැති බවයි.

තමන් ඊයේ සිදුකළ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමට රවුෆ් හකීම් මහතා අද මහනුවරදී  ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණා.

කෙසේ වෙතත්, ජනතා විමුක්ති පෙරමුණ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංගසය සමඟ සන්ධානයක් ලෙස තරග වැදීම පිළිබඳව කිසිඳු සාකච්ඡාවක් සිදුකර නොමැති බවයි.

මේ අතර, රවුෆ් හකීම් ඊයේ සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දේශපාලනඥයින් මෙලෙස අදහස් පළ කළා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress