එක්සත් ජාතික පක්ෂය තුළ අර්බුද විසදාගන්න බැරිව, බලයට පත්වෙලා රටේ ගැටලූ වලට මුහුණදෙන්නේ කොහොමද?
Posted on February 25th, 2020

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

අද 2020/02/25 දින මාධ්‍ය සාකච්ජාවට සහභාගි වු නියෝජිතයින්
(පෙරවරු 10.30)

• වාරිමාර්ග හා ග්‍රාමීය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා.
• සංවර්ධන බැංකු හා ණය යෝජනා රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා.
• ශී්‍ර ලංකා පොදුජන පෙරමුණ අධ්‍යාපන සේවා සංගමයේ සභාපති වසන්තා හ`දපාන්ගොඩ මහත්මිය.

වාරිමාර්ග හා ග්‍රාමීය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා
අද එක්සත් ජාතික පක්ෂයේ ලකුණේ අර්බුදය මැතිවරණයට පෙර විසදා ගත නොහැකිව සිටින බවයි අපි දකින්නේ. එක්සත් ජාතික පක්ෂය තුළ අර්බුද විසදාගන්න බැරිව, බලයට පත්වෙලා රටේ ගැටලූ වලට මුහුණදෙන්නේ කොහොමද කියන එක අද රටේ ජනතාවට ගැටලූවක් වෙලා තියෙනවා.
ජිනිවා යෝජනාව දේශද්‍රෝහි යෝජනාවක් ලෙසයි දකින්නේ. ශී්‍ර ලංකාව ස්වාධීන රටක් විදිහට මෙම යෝජනාවෙන් ඉවත් වීමයි සිදු කළ යුතු වන්නේ.
අද වෙන කොට රටේ කෘෂිකර්මාන්තය පහළම තැනකට ඇද වැටිලා තියෙන්නේ. ඒ පසුගිය රජයේ අනුවණ කි්‍රයාකාරකම් නිසායි. වී ගබඩාවල තිබු සහල් අඩු මිලකට සත්ත්ව ආහාර ලෙස ව්‍යාපාරිකයන්ට විකිණීමයි. එවැනි අනුවණ කි්‍රයා හේතුවෙන් මතුව ඇති ගැටලූවට විසදුම් සෙවිය යුතුයි. කෘෂිකර්මාන්තය නගා සිටුවිය යුතුයි. අප කළ යුත්තේ කඩා වැටුන මේ රටේ කෘෂිකර්මාන්තය නගා සිටුවීමයි. එයයි මේ රජයේ සෞභාග්‍යයේ දැක්ම වන බව මහින්ද යාපා අබේවර්ධන මහතා කියා සිටියා. සංවර්ධන බැංකු හා ණය යෝජනා රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා වත්මන් රජය බලයට පත් වෙලා දින 100 ක් වෙනවා. මේ වෙද්දී මේ රටේ ජනතාව බලාපොරෝත්තු වු ආකල්පමය වෙනස ඇති කරලයි තිඛෙන්නේ. විශේෂ අවධානයක් යොමු කළ යුතු කරුණක් තමයි මේ රටේ නිතිය කි්‍රයාත්මක වන ප්‍රබල ආයතන වලට පසුගිය රජයේ දේශපාලන අතපෙවීම් සිදු කිරීම. ඒ තුළින් රටේ නිතී ආයතන වලට විවිධ බලපෑම් එල්ල වීම නිසා විවිධ සිද්ධීන් යටපත් වුනා. නමුත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය බලයට පත් වීමත් සමග අද නිතී ආයතන වලට ස්වාධීනව කටයුතු සිදු කිරීමට අවස්ථාව උදා වී තිඛෙනවා.
කෘෂිකර්මාන්තය නගා සිටුවීමට ගොවියාටත්, පාරිභෝගිකයාටත් සාධාරණයක් වන අයුරින් කටයුතු කිරීමට ගෝඨාභය රජපක්ෂ ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය සැලසුම් සකස් කරමින් තිඛෙනවා. ඒවාගේම අඩු අදායම්ලාභී පවුල්වලට නිවාස ලබා දීමේ ව්‍යාපෘතිය සෞභාග්‍යයේ දැක්ම යටතේ ඉතා පුඵල් ලෙස කි්‍රයාත්මකයි. නව රජය බලයට පත් වී බදු සහන විශාල වශයෙන් රටේ ජනතාවට ලබා දීමට කටයුතු කළා. වැට් බදු, ජාතිය ගොඩනැගීමේ බදු හා ආදායම් බදු පෙන්වා දිය හැකියි. මේ සියල්ල ජන වරමට ගරු කිරීමක් වශයෙන් ගත් කි්‍රයාමාර්ග බව කිව යුතුයි. වතුකම්කරුවන්ගේ දෛනික වැටුප ඉහළ දැමීම, උපාධිධාරී රැකියා විරහිත පිරිසට රජයේ රැකියා මෙන්ම 100000 ක් සදහා රැකියා ලබා දීමේ වැඩපිළිවෙල මේ රජයේ විසින් කි්‍රයාත්මක කළ එක් අංගයක් ලෙසයි අපි දකින්නේ. නමුත් පසුගිය රජය විසින් මහබැංකු මුදල් මංකොල්ලය මිස වෙන කිසිවක් රටේ ජනතාවට වෙනුවෙන් සිදු නොකළ බව පැහැදිලියි. ජනතාව මුලා කරමින් රට පහළම තැනකට පත් කිරීමයි පෙර පැවති යහපාලන ආණ්ඩුව සිදු කළෙA. එක්සත් ජාතික පක්ෂය රටට ද්‍රෝහි වු පක්ෂයක් විදිහට ජනතාවට හදුන්වා දෙන්න පුඵවන්. පාස්කු ප්‍රහාරයට වගකිව යුතු පිරිස නිතීයට හමුවට ඉදිරිපත් කරලා දඩුවම් ලබා දෙන බවට මේ රජය සහතික වෙනවා.

ශී්‍ර ලංකා පොදුජන පෙරමුණ අධ්‍යාපන සේවා සංගමයේ සභාපති වසන්තා හදපාන්ගොඩ මහත්මිය අද මේ රජය බලයට පත් වෙලා දින 100 ක් පිරීම බොහෝම අභිමානයෙන් ප්‍රකාශ කරන්න කැමතියි. භෝඨාභය රජපක්ෂ ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම තුළින් රටේ විශාල වෙනසක් ඇති වෙලා තිඛෙනවා. නමුත් අද වන විට අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුරු සේවයේ විශාල ගැටලූවක් මතුව තිඛෙනවා වැටුප් විෂමතාව සම්බන්ධව. කියන්න කණගාටුයි ගුරු සේවයට ලැඛෙන වැටුප පොලිස් කොස්තාපල්වරයෙකු ලබා ගන්නා වැටුපකට වඩා අඩු මට්ටමකයි පවතින්නේ . මෙය පසුගිය රජය විසින් විවිධ චක්‍රලේඛත් නිකුත් කිරමින් වැටුප් කප්පාදු කිරිමක් සිදු කළා. ගුරු සේවය කියන්නේ ඉතා ඉහළම සේවයක් බව අප දන්නවා නමුත් පසුගිය රජය මේ ගැටලූවට කිසිදු පිළියමක් සිදු කළේ නැහැ. වත්මන් ජනාධිපතිතුමා ඇතුඵ බලධාරීන් එකට එක්ව මේ ගැටලූව සමතයකට පත් කරන බව ප්‍රකාශ කර සිටියා. එළඹෙන මංගල අයවැයෙන් අධ්‍යාපනයට මෙන්ම ගරු සේවයට ඇති වු මේ ගැටලූව නිරාකරණයට අවශ්‍ය මුල්‍යමය ප්‍රතිපාදන වෙන් කරන බව එතුමන්ලා ප්‍රකාශ කරනු ලැබුවා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress