ජනතා විමුක්ති පෙරමුනේ හඳුන්නෙත්ති රනිල් වික්‍රමසිංහ බේරාගෙන මහින්ද රාජපක්ස ආණ්ඩුවත් මහා බැංකු මංකොල්ලයට හිරකරන්ට ගත් වැඩපිළිවෙල
Posted on February 25th, 2020

චාර්ල්ස් පෙරේරා විසින් 

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිව්  ගුණසේකර මහත්මයා එදා කෝප් කමිටුවේ  සභාපතිවශයෙන් පාරලිමේන්තුවට කෝප් කමිටු  වාර්තාව ඉදිරිපත් කල දවසේ, ජනාධිපති මයිත්‍රීපාල සිරිසේන පාරලිමේන්තුව විසුරුවාහැරියා. ඒ එම වාරතාවෙන් රනිල්ට සහ ඔහුගේ එක්සත් ජාතික පක්ෂයේ සගයින්ට 2015 පෙබරවාරි මාසයේ 27 වනදා හා ඊට පසුවත් කල මහාබැන්කු මන්කොල්ලයෙන් ගැලවීමට ඉඩක්  නොතිබුන නිසා. 

ඊට පසුව සිරිසේන- රනිල් යහපාලන ආණ්ඩුව පිහිටෙව්වට පස්සේ ඔවුන් ඩිව්  ගුණසේකර වාර්තාව පැත්තකට දාලා රනිල්ට පක්ෂපාති ජනතා විමුක්ති පෙරමුණේ සුනිල්  හන්ඳුනෙත්ති ඔවුන්ගේ අලුත් පාරලිමේන්තුවේ කොප් කොමිටුවේ සභාපතිකරලා අලුත් වාර්තාවක් සැපයීමට නිර්දේශ දී  තිබෙන බවක් පෙනෙනවා. සුනිල් හන්ඳුනේත්තිගේ වාර්තවා කෝප් කමිටුවේ හිටපු එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු  පාදසටහන් දමලා මහ විහිළුවක් බවට පත්කලා. කොහොම උනත් එම වාර්තාව යහපාලන ආණ්ඩුව අරගෙන නීතිපතිවරයාට භාර දී නීතිපති වරයාගෙන් ලබාගත් රපොර්තුව පිළිනොගෙන  ඒ සඳහා වෝහාරික විගනන වාර්තාවක් ලබා ගැනීමේ මගඩියක් ආරම්භ කළා.

ජනතා විමුක්ති පෙරමුනේ  හඳුන්නෙත්ති කෝප් වාර්තාවේ රනිල් වික්‍රමසිංහට ගැලවිය නොහැකි බරපතල චෝදනා තිබෙන බැවින් එම චෝදනා බල හීනකිරීමටත් එයින් ජනතා විමුක්ති පෙරමුණට දේශපාලන වාසියක් ලබාගැනීම සඳහාත්   වෝහාරික විගණනයකින් මහින්ද රාජපක්ස ආණ්ඩුවත් බැංකු මංකොල්ලයට හිරකරන්න ක්‍රියා පිළිවෙලක් සකස් කළා. ඒ සඳහා හඳුනෙත්ති කෝප් කමිටු වාර්තාවේ සඳහන් කළා 2015 ට පෙරත් බැංකු බිල්පත්-බැඳුම්කර  විකිනීමෙදී අක්‍රමිකතා සිදුවී තිබෙන බැවින් ඒවත් සමග වෝහාරික විගණනයක් කල යුතු බව . එයින් මුන්කලේ බැංකු මන්කොල්ලයටත් වඩා ලොකු හොරකමක්. ඒ බැංකු මංකොල්ලයේ සැබෑ හොරුන් බේරාගැනීමේ වැඩපිළිවෙලක්.  

ඇත්ත වශයෙන්ම 2015ට පෙර බිල් පත්-බැඳුම්කර  විකුණුවේ අක්‍රමිකතා සිදු නොවන කෙලින් විකිණීමේ  පිළිවෙලකට . ඒ කාලයේදීත් බිල් පත් විකිණීමෙන් පාඩු ලැබුවා නමුත් ඒ පාඩුවලින්  වාසි ලැබුවේ ආණ්ඩුවේ බැංකු හා අර්ථ සාදක අරමුදල . පුද්ගල අංශයට ගියේ සීයකට හතරක් පමණ සුලු ප්‍රමානයක්. 2015 දී බිල් පත් වෙන්දෙසි ක්‍රමයකටවිකිණීම  සඳහා තීරණයක් අර්ජුන් මහේන්ද්‍රන් ගත්තේ බැංකු මංකොල්ලයට සුදානම් වෙමින් විය හැකියි.

මොවුන්   එකියන්නේ ජනතා විමුක්ති පෙරමුනයි  රනිල් ගේ එක්සත් ජාතික පක්ෂයේ සගයෝයි ඉන්දියානු විගණන සමාගම් දෙකින් ඉල්ලා ඇත්තේ විගණනය 2001 සිට 2004 රනිල් වික්‍රමසිංහගේ අගමැති කාලය අත හැර 2005 සිට 2014 කාලයත්  2015 න් පසු කාලයත් වෝහාරිකව විගණනය කරන්න. ඒ විතරක් නොවෙයි මුන් ඒ සමාගමෙන් ඉල්ලාසිටියේ ලාභ අත්හැර පාඩු පමණක් විගනනය කරන්න. ඒක තමා කෝපෙ සභාපතියි රනිල් වික්‍රමසිංහයි  ලංකා මහබැන්කුවයි එකතුවෙලා කර තිබෙන කුමන්ත්‍රණය. වෝහාරික විගණනයක් සාමාන්‍යයෙන් ලාභ පාඩු හැමෙකක්ම සොයන්න ඕනේ. එකයි වෝහාරික විගණනයකින් බලාපොරොත්තු වන්නේ. මේක නොකළේ රනිල් වික්‍රමසිංහ හා එක්සත් ජාතික පක්ෂය බේරාගෙන මහින්ද රාජපක්ෂ තුමාගේ ආණ්ඩුවටත් අභියෝගයක් එල්ල කරන්න.  ඇත්ත වශයෙන්ම වෝහාරික විගණනයක අවශ්‍ය තාවයක් තිබුනේ නෑ . විගනාධිපති තුමාගේ වාර්තාව හොඳටම ඇති. මේ බව මහබැංකුවේ අවුරුදු 36ක් සේවය කර ලංකා මහා බැංකුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ( ගවනර්වරයා ) වශයෙන් විශ්‍රාම ගිය W.A.Wijevardhana මහත්මයා හා බැන්කු පිලිබඳහොඳ දැනුමක්තියෙන රුසිරපාල තෙන්නකොන් මහත්මයාත්  මාධ්‍ය ට සැපයු ලිපිකීපයකම සවිස්තරව දක්වන්නේ .

ජනතා විමුක්ති පෙරමුණේ සුනිල්  හන්ඳුනේත්තිට උවමනාව තිබුනේ මෙයින් ඔවුන්ට දේශපාලන වාසියක් ලබාගැනීම සඳහා  රනිල්ලා-රාජපක්සලා ඔක්කොම එක කැඳ හැලියකට දමන්න. මේ සඳහා මොවුන් ඉන්දියානු විගණන සමාගමට රුපියල් මිලියන 275 ක් ගෙවා තියෙනවා. මෙපණ මුදලක් ගෙවන්ට ඇත්තේ  ඒ වෝහාරික විගණනය රනිල්ට උවමනා විධ්යට කරගන්න වියහැකියි.

මේ වෝහාරික විගනනයෙන් සිදුවී ඇත්තේ 2015  පෙබරවාරි 27වනදා සිදුකල මහා බැංකු මංකොල්ලයේ බරපතල කම සැහැල්ලු කිරීමක්,  එකවිධියකට යටපත් කිරීමක් මිස වෙන විශේෂ දෙයක් නොවේ. මේකයි ජනතා විමුක්ති පෙරමුණේ කයිරාටික වැඩපිළිවෙල. ජනතාව මේ ගැන කල්පනාකර ජනතා විමුක්ති පෙරමුණ තාමත් රනිල්ගේ අතකොලුවක් බව තේරුම් ගෙන  ඔවුන්ට චන්දය දීමෙන් වැලකීසිටින්න. ජනතා විමුක්ති පෙරමුණ රටට ආදරයක් නෑ ඔවුන්ට ඕනේ මොනවිධියෙන් හරි පාර්ලිමේන්තු ආසන වැඩි සංක්‍යාවක් ලබාගන්න.

අනුර කුමාර දිසානායක, විජිත හේරත්,  සුනිල් හඳුන්නෙත්ති, නලින්ද ජයතිස්ස   ආදී කතාවෙන් මිනිස්සු මුලාකරන්න දස්ස ජනතා විමුක්ති පෙරමුණේ  මනුස්සකමක් මුහුනෙන්වත් පෙන්නුම්කරන්න නොහැකි කටකාරයෝ දැන් කරන්න හදන්නේ  එක්සත් ජාතිකපක්ෂය ජනතා අප්‍රසාදයට පත්කරලා, ඒ එක්කම රාජපක්සලා හා පොදුජන පෙරමුනත් අප්‍රසාදයට පමුනුවලා  ජනතාවට පෙන්නුම්කරන්න හදන්නේ උන් විතරයි මේ රට පාලනය කරන්න පුළුවන් දක්ෂතම දේශපාලන කාන්ඩායාම කියල. 

අද එක්සත් ජාතික පක්ෂය දෙකඩ වී  තියෙනවා දකින ජනතා විමුක්ති පෙරමුණ එයින් සතුටුවන අතර,  කිසියම් හෝ හේතුවක් නිසා ඔවුන්ට රනිල් ආරක්ෂා කරගන්න උවමනාවක් තියෙනවා.  ඒ සජිත් ප්‍රේමදාස එක්සත් ජාතික පාක්ෂිකයන්ගෙන් වෙන්කරලා ලබන චන්දයෙදී ඔහුගේ පක්ෂය  පරාජය කරන්න වෙන්න පුලුවන්. කොච්චර කෑ ගැහුවත් අනුරකුමාර දිසානායක ඇතුළු ජනතාවිමුක්ති පෙරමුණේ   නායකත්වය ඒ තරම් බුද්ධිමත් නොවේ. ඔවුන් පිලිබඳ මහජන විශ්වාශය තව තවත් බිඳ යමින් පවතී. 

මේක හොඳට පෙනෙනවා දැන් ඔවුන් මේ ගෙනියන වෝහාරික විගණන වාර්තාව සම්බන්ධ කුමන්ත්‍රයෙන්. ඒක කුමන්ත්‍රණයක් බව පෙනෙන්නේ කෙසේද ? ජනතා විමුක්ති පෙරමුණට උවමනා රටේ බලවත් දේශපාලන පක්ෂ දෙකක් වශයෙන් සැලකෙන එක්සත් ජාතික පක්ෂයයි,  ශ්‍රී ලංකා පොදුජන පෙරමුනයි දෙකම ජනතාවගේ අප්‍රස්සාදයට පමුණුවා ඒ දේශපාලන පක්ෂ දෙකට අහිමිවන ජනප්ප්‍රසාදය ජනතාවිමුක්ති පෙරමුනට ලබාගත හැකියයි ඔවුන් ඇතිකරගෙන තිබෙන මෝඩ බලාපොරොත්තුව. 

ජනතා විමුක්ති පෙරමුණ මිනිස්සු මුලාකරනවා . මොවුන්ගෙන යන දේශපාලන වැඩපිළිවෙල ගඟට ගස්කපන්න වගේ . කවම දාකවත් මොවුන්ට  රටේ දැනට පිළිගත් දේශපාලන පක්ෂ දෙකෙන් තොරව තනිව ආණ්ඩුවක් පිහිටුවන්ට බෑ . ඒ බව ඔවුන්ගේ තියෙන අධික මාන්නය නිසා පෙනෙන්නේ නෑ .

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress