කතාබහට ලක්ව ඇති විල්පත්තුවේ කෝමාරිකා වගාවේ ඇත්ත මෙන්න
Posted on February 28th, 2020

උපුටා ගැන්ම  හිරු පුවත්

පසුගිය සමයේ සිදුවූ වන විනාශය හේතුවෙන් විල්පත්තු වනෝද්‍යානය පිළිබඳ බොහෝ දෙනාගේ අවධානය යොමුවුණා.

මේ දිනවල යළිත් විල්පත්තු ජාතික වනෝද්‍යානය සම්බන්ධයෙන් අවධානයක් යොමුව ඇත්තේ වන විනාශයක් සිදුකරමින් ඒ ආශ්‍රිතව කෝමාරිකා වගාවක් සිදුවන බවට සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ පුවත් පලවීම හේතුවෙන්.

මේ පිළිබඳ සොයා බැලීමට හිරු පුවත් කණ්ඩායමක් අද එම ප්‍රදේශයේ සංචාරයක නිරත වුණා.

සමාජ මාධ්‍ය ඔස්සේ පසුගිය දිනවල ප්‍රකාශ වෙමින් තිබුණේ විල්පත්තුව වනෝද්‍යානය විනාශ කරමින් අක්කර සිය ගණනක් පුරා පෞද්ගලික සමාගමක් විසින් කෝමාරිකා වගාවක් සිදුකෙරෙන බවයි.

ඒ අනුව, එහි සත්‍ය අසත්‍යතාව සොයා බැලීම සඳහා පරිසර සංවිධාන සමග අප එම ප්‍රදේශයේ සංචාරය කළ අවස්ථාවේ දැකගත හැකිවුණේ අනුරාධපුර – රාජාංගණය – යාය 18 ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් කෝමාරිකා වගාවකට බිම් සකස් කෙරෙන ආකාරයයි.

ඒ, විල්පත්තු ජාතික වනෝද්‍යානයේ ප්‍රේරණ කලාපයෙන් පිටතයි.

කෝමාරිකා වගාවට ජලය ලබා ගැනීම සඳහා අමුණක් සහ ඇළ මාර්ගයක්ද සකස් කෙරෙන ආකාරය එහිදී අපට දැක්නට ලැබුණු අතර, පරිසර සංවිධාන ඒ සම්බන්ධයෙන් අදාළ ව්‍යාපෘතියේ ආයෝජකයින්ගෙන් විමසීමක් කළා.

ඒ අනුව පරිසර සංවිධාන පෙන්වා දෙන්නේ අදාළ අමුණ ඉදිවන්නේ විල්පත්තු ජාතික වනෝද්‍යානයේ ප්‍රේරණ කලාපයේ බවයි.

එල්ල වන මෙම චෝදනාව සම්බන්ධයෙන් පරිසර සහ වනජීවී සම්පත් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැහැදිලි කළා.

කෙසේ වෙතත් මෙම අමුණ කැපීමට එරෙහිව මේවන විට නඩු පැවරීමක් සිදුකර තිබෙන බව රාජංගණය ප්‍රදේශය භාර වනජීවී නිලධාරියෙකු පැහැදිලි කළා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress