විල්පත්තුවේ කෝමාරිකා වගාව ගැන විවාදයකට පාහියංගල ආනන්ද හිමිගෙන් වනජීවී ඇමතිට අභියෝගයක්
Posted on February 29th, 2020

උපුටා ගැන්ම  හිරු පුවත්

විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ ප්‍රේරණ කලාපය ආශ්‍රිතව කෝමාරිකා වගාවක් සදහා අනවසරයෙන් වැවක් කැපීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙස සුරකිමු ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරයේ සභාපති පුජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් වනජීවී අමාත්‍යවරයාට අභියෝග කරනවා.

අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් උන්වහන්සේ මෙම අභියෝගය සිදුකළා.

සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන පරිදි විල්පත්තුව වනෝද්‍යානය විනාශ කරමින් පෞද්ගලික සමාගමක් විසින් කෝමාරිකා වගාවක් සිදුකරන්නේ දැයි සොයා බැලීමට අප ඊයේ පරිසර සංවිධාන සමග එම ප්‍රදේශයේ සංචාරයක නිරත වුණා.

එහිදී අනාවරණය වුනේ කෝමාරිකා වගාව සදහා යොදාගෙන ඇති භූමිය විල්පත්තුව ප්‍රේරණ කලාපයෙන් බැහැරව පවතින භූමියක් බවයි.

එහෙත් එම වගාව සදහා ජලය ලබාගැනීමට විශාල වැවක් හා ඇල මාර්ගයක් ඉදිවන අතර ඒ සම්බන්ධයෙන් අනුමැතියක් ලබාගෙන නොමැති බව එහිදී හෙළි  වුණා.

පරිසර සංවිධාන මේ පිළිබද පෙන්වාදීමත් සමග කෝමාරිකා ව්‍යාපෘති ආයෝජක නන්දික විරාජ් මහතා වැව ඉදිකිරීමේ කටයුතු තාවකාලිකව නතර කර තිබුනා.

එම ඉදිකිරීම් නතර කිරීමත් සමග ගම්වාසීන් පිරිසක් අනුරාධපුර – පුත්තලම ප්‍රධාන මාර්ගය රාජාංගනය නගර මධ්‍යයෙන් අවහිර කරමින් විරෝධතාවක නිරත වුණා.

පැය දෙකකට ආසන්න කාලයක් පැවති විරෝධතාව අවසන් වුයේ ව්‍යාපෘති ආයෝජකයා පැමිණ උද්ඝෝෂකයින්ට කරුණු පැහැදිලි කිරීමෙන් අනතුරුවයි.

එම ආයෝජකයා විසින් කෝමාරිකා වගා ව්‍යාපෘතිය පිළිබඳ අද දිනයේ ද ගොවීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබුනා.

මෙම කෝමාරිකා ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ නියෝජිතයන් පළ කලේ මෙවන් අදහසක්.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress