වෙනම තරග කිරීමට නිදහස් පක්ෂයේ අවධානය – හිටපු ආණ්ඩුකාර පේෂල ජයරත්න
Posted on March 11th, 2020

උපුටා ගැන්ම  හිරු පුවත්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් එල්ලවන විවේචන හමුවේ ඉදිරි මහ මැතිවරණයට වෙනම තරග කිරීම පිළිබඳව නිදහස් පක්ෂයේ අවධානය යොමුව ඇති බව වයඹ පළාත් හිටපු ආණ්ඩුකාර පේෂල ජයරත්න පවසනවා.

පොළොන්නරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

මේ අතර කුරුණෑගල – හෙට්ටිපොල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර කියා සිටියේ තම පක්ෂයට එල්ලවන විවේචන වහා නතර විය යුතු බවයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයේ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කළේ ප්‍රබල දේශපාලන පක්ෂයක් නිර්මාණය වූ විට නාමයෝජනා සම්බන්ධයෙන් විවිධ ගැටළු මතුවන බවයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress