තිස් එක්වෙනිවෙනි රෝගියා patient 31
Posted on March 16th, 2020

උපුටා ගැනීම – අනව තප්ත විල

ශ්‍රී ලංකාවේ covid-19 රෝගීන් 21 දෙනෙක් වාර්තා වෙලා ඉන්න වෙලාවේ පොඩි දෙයක් කියන්න හිතුණා.. මේ සටහන මම පටන් ගන්නෙ “Don’t try to be like patient 31” කියලා …

කවුද මේ patient 31 කියන්නෙ? දකුණු කොරියාව කියන්නෙ චීනයට පස්සෙ ඉතාම සීඝ්‍රයෙන් මේ වෛරසය මුලින්ම ව්‍යාප්ත වුන රටක්.. හැබැයි ඒ යම් හේතුවක් නිසා.. ඒ හේතුව තමයි ” patient 31″ කතාව.

Image may contain: one or more people and outdoor

පෙබරවාරි 18 වෙනකන් වගෙ දවසට එකා දෙන්නා වගෙ වාර්තා වුනු දකුණු කොරියානු රෝගීන් සංඛ්‍යාව තිබුණෙ 30ක් විදියට.. Daegu වල 61 හැවිරිදි කාන්තාවක් 31 වෙනි රෝගියා විදියට කොරෝනා පොසිටිව් වෙනවා..

කතන්දරේ පටන් ගන්නෙ එතනින්. පෙබරවාරි 28 වෙනකොට රෝගීන් 31 ක්ෂණයකින් රෝගීන් 1000 න් එහා පැත්තට පනිනවා.. 31 වෙනි රෝගියාගෙ ඉතිහාසය පරීක්ශා කරනකොට තමයි ඉහමොළ රත් වෙන්න ගන්නෙ..

මේ කාන්තාව පෙබරවාරි 6 රිය අනතුරකට මුහුණ දීලා රෝහල් ගත වෙලා තියෙනවා.. ඊට පස්සෙ 7 වෙනිදා රෝහලෙන් discharge වෙලා එයාගෙ ප්‍රියතම Shincheonji කියන පල්ලියට ගිහින් තියෙනවා.. උණ එක්ක හිසරදයක් මෙයාට ඇවිත් තියෙනවා.. වැඩිය ගණන් අරන් නෑ.. උණ ගතිය වැඩි වෙනකොට වෛද්‍යවරු කියලා තියෙනවා විවේක ගන්න කියලා .. අහලා නෑ.. පෙබරවාරි 15 කොරෝනා ටෙස්ට් එක කරන්න කීවට එයා අහලා නෑ. සාමාන්‍ය උණක් කියලා හිතාගෙන එදා යාළුවෙක් එක්ක හෝටලයක දවල් ආහාරයත් අරගෙන Shincheonji කියන පල්ලියේ යාඥා වලට උණ ගතියෙන්ම ගිහින් තියෙනවා.. මොකද ඒ පල්ලිය ක්‍රිස්තියානි කිව්වට වෙනම නිකායක්.. ඒ පල්ලියේ නිර්මාතෲට අනුව ” අසනීප වීම කියන්නෙ දේව යාඥාවන්ට සහභාගි නොවීමට තියෙන නිදහසට කාරණාවක් නෙමෙයි”.. එදා පෙබරවාරි 15 කොරෝනා ටෙස්ට් එක කරන එක ප්‍රතික්ෂේප කරන්න පල්ලියේ බලපෑමත් ඇයට හේතුවක් වෙන්න ඇති.

ඉතින් මෙයා හෙන භක්තිමත් කාන්තාවක්.. ගිහින් තියෙනවා 16 වෙනිදත්.. එදා ඒ පල්ලියට 9000ක් විතර ඇවිත් තියෙනවා. යාඥාව පැය දෙකක් වගෙ තිබිලා තියෙනවා.. යාඥාවෙන් පස්සෙ කැවිලි කෑම එහෙම බෙදාගෙන කන එකත් සිරිතක්ලු..

17 මෙයාට තදට අසනීප වෙලා රෝහලේ ඇඩ්මිට් වුනාලු.. 18 තහවුරු වුනාලු කොරෝනා කියලා.. ඊට පස්සෙ දවසින් දවස වාර්තා වුනු රෝගීන් ගාණ අසාමාන්‍ය ලෙස ඉහල ගිහින් තියෙනවා. අර පල්ලියේ යාඥාවට සහභාගි වුන අයගෙන් 1200ට විතර උණ ලක්ශණ එන්න පටන් තියෙනවා. ඒ පල්ලියට ආපු විරෝධය එක්ක පල්ලිය වහලා තියෙනවා.. පල්ලියට එන අයගෙ නාම ලේඛණයක් අරගෙන කට්ටියව වෙනමම කොරෝනා වෛරසය ආසාධිතද කියලා පරීක්ශණ කරනකොට patient 31 හරහා ආසාධනය වුනු රෝගීන් දවස ගානෙ වාර්තා වෙන්න පටන් අරන් තියෙනවා..

මේක නොසැලකිල්ල සහ මුරණ්ඩු කමට දෙන්න පුලුවන් ජීවමාන උදාහරණයක් .. ලංකාව වගෙ රටක මෙහෙම අය සෑහෙන්න වැඩියි. හිතට සහනයක් දෙන හේතුව තමයි තවමත් ලංකාවෙන් වාර්තා වෙන්නෙ කන්දකාඩු නිරෝධායනය මධ්‍යස්ථානයෙන් සිදුවීම් බහුතරයක් වීමත් පිටින් වාර්තා වුනු කොරෝනා රෝගීන්ගෙ සබඳතා හරහා බෝ වුනා යැයි සැලකෙන රොගීන් සංඛ්‍යාව තුනක් වගෙ අවම මට්ටමක තිබීමත්..

ඒත් ඉතාලියේ ඉදන් ඇවිත් නිරෝධායනය නොවී බොරු තොරතුරු දීලා හැංගිලා ඉන්න එක්කෙනෙක් හරි ‘patient 31’ වගෙ උනොත් ලංකාවට ලොකු ප්‍රශ්නෙකට මුහුණ දෙන්න වෙනවා.. එහෙම නොවේවා කියලා පතන ගමන් තව කාරණාවක් කියන්නම ඕන.

පාසල් කලින් නිවාඩු දුන්නෙ, 16 වෙනිදා නිවාඩු දුන්නෙ පවුල් පිටින් විනෝද චාරිකා යන්න නෙමෙයි … ශ්‍රී පාද වන්දනාවේ තෙරපි තෙරපි දහස් ගණනක් අය වන්දනාවේ යනවලු මේ කාලයේ..මේ ඒකට කාලය නෙමෙයි … ‘ Patient 31’ කෙනෙක් ඔය අතරේ හිටියොත් අර කොරියාවේ පල්ලියෙන් නාම ලේඛණය ඉල්ල ගත්තා වගේවත් link එකක් නෑ… ආයෙ ලංකාවට නැගිටින්න බැරි වෙන්න අඩාල වෙනවා ඒම වුනොත්..

ඉතින් තමන්ගෙ පුද්ගල වගකීම ඉෂ්ඨ කරන්නම ඕන වෙලාවක් මේක.. ‘ Patient 31’ කතාව කිව්වේ කාවවත් බය කරන්න නෙමෙයි .. අවදානම පෙන්නන්න. ඉතින් හැමෝම තමන්ගෙ පුද්ගල වගකීම ඉෂ්ඨ කරමු.. කොරෝනාවට ලංකාව බිලි ගන්න දීම හෝ නොදීම තීරණය කරන්න පුලුවන් ලාංකික අපිටමයි.. අර හැංගිලා ඉන්න අයටයි.. 🙂

උපුටා ගැනීම – අනව තප්ත විල
Copied

3 Responses to “තිස් එක්වෙනිවෙනි රෝගියා patient 31”

  1. aloy Says:

    We in SL are blessed in many ways. Summer throughout the year clean air and abundant water resources. Our curse is the dishonest politicos. Please read the article “Stop COVID 19 Now” by a doctor by the name Dan Lee Dimke appearing in this very site below.

    China, Korea and Europe all have very low temperature while we in SAARC & ASEAN countries have temperatures ranging from 29 to 33 and are not affected much. Those affected Sri lankans are the ones arrived from Italy and UK who were already sick and their very close contacts. If the method of treatment this doctor recommend is correct then those arriving from europe should be taken to Batticola in CTB buses and not air conditioned ones. By the time they get there the germs would have been killed.

    Our Health Minister has given a good example. Do not worry about this so much.
    We may be able to capitalize on it by promoting tourism by showing the above picture which is impressive.

  2. NeelaMahaYoda Says:

    True, Covid 19 is originated in China. But now we have got 28 confirmed infected cases and we should prevent the spreading of the virus. Indications are that some of these cases are infected from close contact with those who arrived in Sri Lanka recently. It is too early to draw conclusions on the way how the virus spread in Sri Lanka. As a precaution, Sri Lankan should avoid gatherings. Even yesterday someone told me that they had a Dana for 250 people at a meditation centre at Ratmalana. Out of 250 if you had one infected person, all 250 elderly people could get the infection.

  3. NeelaMahaYoda Says:

    True, Covid 19 is originated in China. But now we have got 28 confirmed infected cases and we should prevent the spreading of the virus. Indications are that some of these cases are infected from close contact with those who arrived in Sri Lanka recently. It is too early to draw conclusions on the way how the virus spread in Sri Lanka. As a precaution, Sri Lankan should avoid gatherings. Even yesterday someone told me that they had a Dana for 250 people at a meditation centre at Ratmalana. Out of 250 if you had one infected person, all 250 elderly people could get the infection.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress