අන්තර්ජාතික සංවිධාන පිරිණමන තෑගි [MCC] සහ ණය පිළිගැනීමට අධිකරණ බලය අවලංගු කල යුතුද ?
Posted on April 18th, 2020

නීති පරීක්ෂණ කණ්ඩායම

   අප රටේ 

1] ඉඩම් ප්‍රතිපත්තිය,  2] ඉඩම් නීති 3] ඉඩම් ආයතන  සියල්ල     වෙනස් කිරීමට දැඩි උත්සහයක් දරති.   මෙසේ  කිරීමට  ආධාර  ලබාගැනී මට  අත්සන් තබන  අන්තර්ජාතික  ගිවිසුම් වල   කැපීපෙනෙන කොන්දෙසියක්වන්නේ   ඉඩම් සම්බන්දයෙන්  අදිකරණයට ඇති    බලය  අහෝසි කර    ඉඩම්හිමියන්ට    උසාවියට පිවිසීමට ඇති මූල්යමය අයිතිය   අවම   කිරීමය.  

මෙය ගෝලී  කරණ වැඩසටහනේ කොටසකි.    ශ්රේෂ්ඨාධිකරණය  විනිසුරවරයකුවූ   ගරු    . ර් .බි  අමරසිංහගේ   බුද්ධිමත් වචන—-  ———– — ‘’අන්තර්ජාතික සංවිධානයන්ගේ  ෂණික  උවමනාව  වන්නේඉඩම් විකිනීමට බාදාකරන සියලු නීති හා  ආයතන අහෝසිකොට, කඩිනමින් ඉඩම් විකිණීමේ හා උකස් කිරීමේ නව නීති  හඳුන්වාදීමය.’’      [1970 වර්ෂයේ  ‘ටයිටල්  ඉන්ෂුරන්ස්  ‘නමැති පොතේ   පෙරවදනෙයන්  ]

ලෝක බැ න්කුවෙන්,  USAID ,  ඇමෙරිකානු තානාපති කාර්යාලය සහ  වෙනෙත් ඇ මෙරිකා ණු   ආයතනවලින්  ආධාර ලබා,  පුරවැසියන්ට කිසිදු දැනුම් දීමක්   නොකොට,    විදේශ රටවල ඉඩම් නීති හඳුන්වා දීම දැනට සිදුවේ . බිම් සවිය  ඉඩම් නීතිය ඉන් පළමු ස්ථානය ගනී

1]  බිම් සවිය  ඉඩම් නීතිය හා අධිකරණ බලතල අහෝසි කිරීම    

බිම් සවිය නීතිය පැනවුවේ 1998 -අං ක 21  පනතින්ය.    මෙම  ‘  පනතේ  ‘ බිම් සවිය නාමය කොහෙවත්  සදහන් කර නොමැත.  1998 -අං ක 21  පනතින්   ලංකාවට හඳුන්වා දී ඇත්තේ විදේශීය  නීතියකි.  මෙම නීතියේ  අන්තර්ජාතික නාමය    'ටො ර න් ස් ‘ නීතිය  ' නොහොත්  ටයිටල්   රෙ ජි ස් ට්රේෂන්ය '. අන්තර්ජාතික නාමය භාවිතා නොකිරීමෙන්   මෙම  නීතිය පිළිබද දැනුම ඉඩම්  අයිති කරුවන්ටත්  නීතිවේදීන්ටත්  ලබා ගැනීමට අපහසුවී ඇත.   [therefore refer to   Torrens  law or Title Registration  on the  internet -  Few references  are mentioned below ]  .බිම් සවිය යන නාමය භාවිතා කරන්නේ මහජනයා නොමග යැවීමටද ?.  නීතිය රටට  නොගැලපෙන විදේශ  නීතියක්  යන්න වසා  දැමීමට ද ?.      
බිම් සවිය  නීතිය ඉඩම් හිමියන්ට මහත් පුදුමයක් විය හැකිය.  ලංකාවට හදුන්ව දී ඇ ති   මෙම නීතිය   නව ලිබරල්   ආථික ප්‍රතිපත්තිය    මත සැදුනු නීතියකි .  එනම් ගැනුම් කරුවන්ට  , උකස් කරුවන්ට  ලෙහෙසියෙන් ඉඩමවල අයීතිය සොයා  ගත හැකි ,  නව  ලියා පදිංචි  රෙජිස්ටරයක් සකස්කිරිමයි.   කඩිනමින් විකිණීම හා උකස් කිරීම,  ආථිකය  වැඩිදියුණු කිරීමේ  හා දුප්පත් කම ඉවත් කිරීමේ  මාර්ගයයි 
නව ලිබරල්   ආථික  ප්‍රවීණයන්ගේ ප්‍රකාශයයි  .

බිම් සවිය  නීතිය අනුව   රෙජිස්ටරයේ   ඇති අයිතිකරුවන් ගේ  අයිතිය  විභාග කිරීමට   උසාවියකටවත්  බලයක්  නැත.  මෙම බලගතු ලියාපදිංචි කිරීමට  ‘Indefeasible’  [වෙනස් කළ නොහැකි ]   යන නාමය භාවිතා  කරනු ඇත.   එබැවින් වංචනික  ඔප්පුවක් මත හෝ නීතියට පටහෙනි   ඔප්පුවක් මත රෙජිස්ටරයේ  නම ලියාපදිංචි කරගතහොත්  ,   වංචාකරුට  ඉඩම  අයිතිවේ.  .  [මෙය ඇතුලත් කර ඇත්තේ  අංක 21 පනතේ 33 වගන්තියේය.  උදාහරණයක්—– සරෝජාගේ  ඉඩම නිමල්ට් විකුණු පසු සරෝජාගේ නම මැකියයි. නිමල්ගේ නම පමණක් රෙජිස්ටේරයේ  සදහන් වේ.   උසාවියට ​​පිවිසීමේ මූලික අයිතිය   සරෝජාට නොමැත

තවද පනතේ  73  වන වගන්තිය  අනුව,   අං ක 21   පනත  වෙනත්  ලිඛිත නීති  කිසිවක් නොතකා  සියළුම  නීතිවලට වඩා ඉහළින් පවතී.    එබැවින්  ,   අං ක 21   පනත      පුද්ගලික ඉඩම් , රාජයේ ඉඩම් ,  පූජනීය ඉඩම්, දේවාල   ඉඩම් , කුබුරු ඉඩම් , වගාව හුවමාරු  කිරීමට අදාල , හා පොලොව  යට සම්පත් ආරක්ෂා කිරීමටයොදා ඇති  නීති සියල්ල බිම් සවිය නීතියට යට කරන්නේය  .   රෝම ලන්දේසි නීතිය,  අවුරුදු 100 ක් පැරණි උසාවි තීන්දු ,[ judicial precedence ] බෙදුම් නඩු පනත, [ Partition Acct  ] හවුල් අ යිතිවාසිකම් [co-ownership] බුක්තිය පිලිබඳ නීතිය [ Presciption  Ordinance] තහනම් නියෝග වාර [ injuctions]   මේ සියල්ල  අහෝසි  කරන්නේය    

බිම්  සවිය  නීතියෙන්  ඉඩම්  වලට  අදාල  අවුරුදු සීයයක් පමණ     පැරණි  රටේ  නීති  මෙසේ අහෝසි  වන  බව  දැනසිටින්නේ  සුළු පිරිසකි.

 ලංකාවේ පන්සල් වල ඉඩම් වලට මෙම නීති  කිසිසේත් නොගැ ලපෙන බව අස්ගිරිය  ගෞරවනීය  මාහිමියන් විසින්  ප්රචාරයකර කර  ඇති අතර පන්සල්  හා දේවාල  බූමි මෙම නීතියෙන්  වහාම  ඉවත් කරන ලෙස  අ න කර ඇත    https://srilog.com/sri-lankan-chief-prelate-threatens-to-launch-protest-over-government-failure-to-amend-land-laws_3206.htmlSri Lankan Chief Prelate threatens to launch protest over government failure to amend land lawshttps://srilog.com/sri-lankan-chief-prelate-threatens-to-launch-protest-over-government-failure-to-amend-land-laws_3206.htmlSri Lankan Chief Prelate threatens to launch protest over government failure to amend land laws

Posted on April 17, 2014 by jamal Leave a comment

විදේශ රටවල ඉඩම් නීති ලංකාවට  හදුන්වා  දීමේදී  ගෞරවනීය බෞද්ධ පූජක පක්ෂයටත් , වෙනත් ආගම් වල ගෞරවනීය පුජකවරුන්ටත්  මහජනයාට පැහැදිලිකිරීම   ඉතාමත් අවශ්වූ නමුත් එය එසේ නොවේ

ලංකාවේ අවුරුදු  සීයයක් පමණ  පැරණි  පෙලපත ලියවූ, ලියාපදිංචි පොත්   අහිමි වේ .

අංක 21  පනතේ,    53  වගන්තිය අනුව පසු ගනුදෙනු  ලියාපදින් චි   ලේඛන  විනාශ කෙරේ . 

ලියාපදිංචි  කන්තෝරු 45 ක්  ලංකාවේ ඇත . මෙහි  ලක්ෂ 2 ක් පමණ පොත් ගබඩා කොට ඇත . මෙම පොත්වල 18  හා 19  ශත වර්ෂයන්  වල සිට මෙ රටේ ඉඩම් වල  ඉතිහාසය  සහ පසු ගනුදෙනු සටහන් කර ඇත . එනම් ඉඩමේ පැ ටිකිරිය  නොහොත් ඉඩම් පැ වත ආ ආකාරයයි.

  ලංකාවේ ඉඩම් නීතිය බිම් සවියට වෙනස් කල විට  අයිතිකරු  පමණක්     බිම් සවිය නීතියෙන් ලියාපදිංචි පොත්වල පෙන්නුම් කරයි .  මුල්  ඉඩම්  කරුවන්ගේ නම්    මෙම නීතියෙන්  සම්පූර්යනයෙන්  අස්කර යි.  මේ රටේ ලාංකිකයන් ට  තමාට ඉඩම ලැබුනේ කෙසේද යන්න සොයා ගත නොහැකි වේ

ඉඩම් අයිතිකරුවන්ගේ පෙළපත ඉතිහාස ගතවන පොත්   වලට‍ යන ඉරණම  ගැන රජයේ  නිලධාරීන්ගේ ඉල්ලීම .  https://www.parliament.lk/uploads/documents/paperspresented/performance-report-land-title-settlement-department-2017.pdf  ඉඩම් අයිතිකරුවන්ගේ පෙළපත ඉතිහාස ගතවන පොත්  ගණන  ලක්ස දෙකක් [200000] පමණ වේ   බිම් සවියෙන් පසු ලංකාවේ ඉඩම් ඉතිහාසය ලියාඇ ති පොත් විනාස වීමට ඉඩ ඇත 

 පොත්වල චායරුපයක්  

  නොසලකා හරින ලද   පොත් ගබඩා— පොත් අහුරා  තිබෙන්නේ මෙසේය  —– 2017https://www.parliament.lk/uploads/documents/paperspresented/performance-report-land-title-settlement-department-2017.pdf

 ලියාපදිංචි කන්තෝරුවේ පොත් සංරක්ෂිතය කළ යුතුය. ------ ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ කොමසාරිස්  ජනරාල්   මෙස්සේ කියයි --------
2017 වාර්තාව ----- -දෙපාර්තමේන්තුවේ වාර්තා කාමරය ජාතික වැදගත්කමක් ඇති මුල් ලේඛන සහිත ස්ථානයකි. එහි ඇති ලේඛන නිසි ලෙස පරිලෝකනය කර සුරක්ෂිත කළ යුතුය. කෙසේ වෙතත්, මේ සඳහා අවශ් භෞතික, මානව හා මූල් සම්පත් මෙන්ම අවකාශයන්  ඉතා සීමිතය.  අනුව, එක් එක් ලේඛනයේ ස්කෑන් කරන ලද පිටපතක් ලබා දෙන ලියකියවිලි භාරගෙන සංරක්ෂණය කරන ලෙස ඉල්ලා ජාතික ලේඛනාගාර දෙපාර්තමේන්තුව සමඟ අවශ් සාකච්ඡා පවත්වන ලදී. එහි ප්රති files ලයක් ලෙස ලිපිගොනු 650 ක් ඔවුන්ට ලබා දෙන ලදී. ලිපිගොනු 200,000 ක් වාර්තා කාමරයේ ඇති බැවින්, මෙම ක්රියාවලිය වේගවත් කළ යුතු අතර ජාතික වැදගත්කමක් ඇති ව්යාපෘතියක් ලෙස සැලකිය යුතුය.’
 ඩිජිටල්කරණය

.  දියුණු රටවල මෙම  වෙනස් කම්  කරන්නේ  , නීතිය හා පරිඝනික භාවිතය ගැන  පර්යේෂණ  කිරීමෙන් හා මහජනයා දැනුවත් කිරීමෙනි.     හොන්කොන්  වෙනි රටවල්  මෙයට  අවුරුදු 12 පමණ කාලයක් ගත කලේය .

 අවුරුදු 100ක් පැරණි පොත් සංරක්ෂිත නොකොට, ඉඩම් ලියාපදංචි කන්තෝරු සකස් නොකොට  විෂයේ  විශේෂිත වූවන් ද නීති  පොත්ද නොමැතිව , අප  රටේ නීති උපදෙස් හා අපගේ පනත්  බාවිතා නොකොට මෙවැනි දැවෙන්ත වෙනස්කම් කිරීම ‘කරත්තය ගොනා  ඉසරහෙන් සිටින්නා’  සේය  කියා  මා හට පෙනෙන්නේය. [ cart before the horse ]  .  

  පුද්ගලික හා ආණ්ඩුවේ ඉඩම්  ගණුදෙනු සියල්ල්ල රෙජිස්ටරයේ  සටහන් වී නැති අතර,  ව්යාජ  ඔප්පු තැන්පත් වී ඇති    බව රෙජිස්ටාරා ජෙනරාල්  කියාසි ටී.  මේ සියල්ලම  මගහැර  හිමිකම්  පරණ රෙජිස්ටරයෙන්   රෙජිස්ටරයට  පිටපත් කිරීම   ඊ රෙජිස්ට්‍රේ තත් වය කුමක්ද ?    අපරටේ පර්යේෂණ සමග   උත්හසහායක්    නොකරන්නේ  සියල්ල  පැවෙතෙන්නේ විදේශ  මුදල් හා විදේශ  පර්යේෂණ  මත  බැවිනි. අප රටේ  රහසිගතව  පනත් ඉදිරිපත් කරන බැවින් [බිම් සවිය එස්සේ පැමිණි නීතියකි ]  ඉඩම් හිමියන් පමණක් නොව නීතිඥයාවරුන් ට  මේ සම්බන්දව එතරම්  දැනුමක් නැති බව පෙනී යයි  

දැනට  බිම් සවිය රේජිස් ටරය  සකස් කලාට  පසු,  දෙවනුව ඉඩමේ නම වෙනුවට  .  ඉල්ලක්කම් 12 කින් යුතු  නොම්බෙරයක්   [ 12 digit number ]     අයිතිකරුට ලැ බෙන්ට සලස්ව යි.    කඩදාසි ලේඛන යුගය  අවසන් වන අතර   ලියාපදිංචි කන්තෝරුවල පරිගණක යුගය මෙතැන්සිට ආරම්බ වෙයි. 

මෙම හදිසි තීරණ වල   බලපෑම් කුමක් වේද යන්න දැනට යටපත් වී ඇත.

 මේ සම්බන්දව කිසිම දැනුමක් මහජනයයාට නැත. අප රටේ නව නීතිය [බිම් සවිය] සම්බන්දයෙන් සහ පරිගණක ඉඩම් ලේකන පිළියෙළ  කිරීම සම්බන්දයෙන් කිසිදු නීති පොතක් නැති  අතර , දැ නුම ලබා  දීමට උගතුන් ද  නොමැත.  අපි   සම්පූර්ණයන්  විදේශීය  උපදේශකයන්ට  සහ බාහිර කොන්ත්‍රාත්කරුවන්ට බාරදී   මේ  වෙනස්කම්ර  කිරීමට බලපොරෝතුවෙමු. 

මේ සියල්ල කෙරෙන්නේ එකම මතයක් උදෙසාය; ව්‍යාපාර දර්ශකයේ ඉහළට නැගීමටය .[ Doing Business Index] .   ඉඩමට නොම්බරය ක්  තබා  ලේඛන පරිලෝකනය කරන්න,  කඩදාසි ලේඛන නැතිව ඉඩම් ගනුදෙනු කරන්න ‘ ඩිජිටල් කරණය , ඉඩම් නීති විදේශ නීති වලට පරිවර්තනය කිරීම සියල්ල සිදුවන්නේ අන්තර්ජාතික සංවිධාන  පිරිණමන    තෑගි[MCC]   සහ ණය  පිළිගැනීමටය .

මෙහි ඇති බයානක කම    වෛරස් සහ සයිබර් ක්රයිම් වලට ගොදුරු වීමය    එ වැනි දෙයක් සිදූ වූ වොත් අප රටට  ඉඩම් වල අයිතිය රැකගන්න ශක්තියක් තිබේද?

2] බිම් සවිය ව්‍යප්ත  කිරීමට --- දෙවෙනි වරටත් අධිකරණ බලතල අවලංගු කරන තවත් ගිවිසුමක් ඉදිරිපත්වේ MCC  6.8

අවුරුදු 5 ක ට  දිස්ත්රික්ක 7 ක  අධිකරණයේ බලය ඉවත් කොට බිම් සවිය ලියාපදිංචිය සහ ඉ රෙජිස්ටර සකස් කිරීට විදේශිකයන්ට බාරදීම

. MCC සහ එක්සත් ජනපද රජය මෙම සංයුක්තය යටතේ සිදුවන ක්‍රියාකාරකම් හෝ අතපසු වීම් හේතුවෙන් පැන නගින කිසිදු හිමිකම් පෑමක් හෝ අලාභයක් සඳහා කිසිදු වගකීමක් දරන්නේ නැත. මෙම සංයුක්තය යටතේ සිදුවන ක්‍රියාකාරකම් හෝ අතපසු වීම් හේතුවෙන් ඇති වන පාඩු හානිය, තුවාල හෝ මරණය සම්බන්ධයෙන් රජය විසින් එම්.සී.සී. හෝ එක්සත් ජනපද රජයට හෝ වර්තමාන හෝ හිටපු නිලධාරියෙකුට හෝ එම්.සී.සී. එවැනි අලාභයක්, හානියක්, තුවාලයක් හෝ මරණයක් සඳහා ඉහත කිසිදු ආයතනයකට හෝ පුද්ගලයන්ට එරෙහිව කිසිදු ආකාරයක හිමිකම් පෑමක් හෝ නෛතික ක්‍රියාමාර්ගයක් ගෙන නොයනු ඇත. එම්.සී.සී. සහ එක්සත් ජනපද රජය හෝ එම්.සී.සී. හෝ එක්සත් ජනපද රජයේ වර්තමාන හෝ හිටපු නිලධාරියෙකු හෝ සේවකයෙකු ශ්රී ලංකාවේ සියලුම අධිකරණ හා විනිශ්චය සභාවල අධිකරණ බලයෙන් නිදහස් විය යුතු බවට රජය එකඟ වේ.

විදේශිකයන්ට අප රටේ ලියාපදිංචි කන්තෝරු බාරදීම

  ඉඩම් රෙජීස්ට්රිය  ආරක්ෂා කිරීම සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ විශේෂ නීති තිබේ. වෙනත් රටවලත් එසේමය . [ රටවලට ගිය අපට පෙනීයන්නේ ඇතුල් වීම  තහනම් බවය  ] මන්ද යතහොත්,  ඉඩම් ලියාපදිංචි කන්තෝරු වල රටේ ධනය [ රටේ ඉඩම් වල විස්තර ]  ගබඩා කර ඇති  බැවිනි . ඒවා රහසිගතව තබා ගත යුතු බැවිනි  . 

රටේ  ඉඩම් නීති වෙනස් කිරීම  හා  ලියාපදිංචි කන්තෝරු වල අවුරුදු 5 ක්  රටේ නීති වලට  යටත් නොවන ආකාරයට සම්පූර්නයෙම්ම   නිදහසේ ඇතුල් වීම    විදේශිකයන් අතට පැවරීම කණගාටු දායකය

විසඳුමක්

නීති  සංගමය සහ ගරු  ජනාධිපති මහින්ඳ රාජපක්‍ෂ කොමිටුව  පිලියෙල කල නීති පිළිගැනීම.  බිම් සවිය වැනි  අධිකරණ  බලය  නැති කරන නීති අප රටට  හඳුන්වා දීම අවම කල යුතුය. මේ සියල්ල සම්බන්දයෙන් රෑපවාහිණි ය හා පත්තර මහජනයාව දැනුවත් කලුතුය . 

 ඉඩම් ඔප්පු  දුප්පත් අය ට පිරිනමා ඔවුන්ට ඉ රෙජිස්ටෙරය භාවිතා  කොට විදේශීය නීති අනුගමනය කරන්ට කීම ඔප්පු නුදුන්නාසේය

ඉහත කරුණු උපුටාගත්තේ 

1]     වෙනත් රටවල්  Torrens law [බිම් සවිය ] හදුන්වාදී මෙන්  අධිකරණයට සහ ඉඩම් හිමියන්ට  සිදුකල බරපතල ගැටළු  දැක්වෙන අධිකරණය  වාර්තා  ———–

A]Mlaysian experience  —   උදාහරණයක් වසයෙන් එම රටේ ඉඩම් දැන්  වංචාකරුවන්ට බිම් සවිය නීතිය හරහා  බාරදෙයි .   මෙසේ සිදුවී ඇත්තේ අවලංගු  ව්‍යාජ   ඔප්පු  ලියාපදිංචි කරුවන්ට,   විරුද්දව ඉඩම් හිමියන්ට  උසාවියට යෑමට නොහැකි වීමය  http://www.hba.org.my/laws/CourtCases/2000/adorna.htm. —-Adorna Properties Sdn Bhd – vs -Boonsom Boonyanit]   –නඩු පැවරු ඉඩම් හිමියාට මැලයසියාවේ උසාවියට  උදව්  කිරීමට නොහැකි  වීමේ  නඩු තීන්දුව 

B] UK experience– අවලංගු  ව්‍යාජ   ඔප්පු සම්බන්දව  එන්ගලන්ත යේ   අධිකරණය මෙම නීතියට හිරවී ඇත .  එහි නඩුකාරවරු  නොතාරිස්  [ solicitors]වරුන්ට වන්දි ගෙවන ලෙසට තීන්දු දී ඇත.   නොතාරිස්වරු මවිත කෙරුණු , ඉතිහාස ගතවන නදුතීන්දුවක් 2018 ප්‍රථම වරට   ඉතිහාසගතවනු  ඇත.නඩුව  [ reamvar-v-mishcondereya-]—  https://www.kingsleynapley.co.uk/insights/blogs/real-estate-law-blog/property-fraud-after-dreamvar-v-mishcon-de-reya

C]Singapore experience  --- බිම් සවිය නීතිය වංචාකරුවන් සඳහා අදහස් කරන ලදී-- ? https://ink.library.smu.edu.sg/sol_research/2325/
2] what happened Papua New Guinean?----judicial assault on the citadel of indefeasibility of title under the Papua New Guinean Torrens System of conveyance By John Mugambwa[*]http://www.paclii.org/journals/fJSPL/vol05/2.shtml
3]  Evaluating Land Governess Issues by B Kirubanathan 2013 https://webapps.itc.utwente.nl/librarywww/papers_2013/msc/la/kirubananthan.pd
4] Title Insurance book  by  Justice A.R.B.Amerasinghe 
5] Equality and Freedom book by Justice C.G.Weeramantr
6]New  Perspectives On Land Registration contemporary problems and solution by Amy Gaymour Stephen Watterson NAD Martin Dixon https://www.bloomsburyprofessional.com/uk/new-perspectives-on-land-registration-9781509906031/
7] World Bank reports land title project  Sri Lanka –see web sites years  2002  and 2007 and 2016
8] Annual reports of the Commissioner of Title and Survey General Sri Lanka see web sites
9] Australian Torrens system --https://api.research- repository.uwa.edu.au/portalfiles/portal/34721286/ Thesis_doctor_of_philosophy_Carruthers_Penelope_Jane_2018.pdf 
10]   http://www.colombopage.com/CGImgs_reps/MCC.pdf  Millennium  Challenge Compact 

මී ළග  ළිපිය MCC   හා බිම් සවිය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress