පාලනයක් ඇතිව රට විවෘත කළත් කොරෝනා තර්ජනය තවම අවසන් වී නැහැ- විශේෂ සාකච්ඡාවේදී ජනපති කියයි(වීඩියෝ)
Posted on April 20th, 2020

උපුටා ගැන්ම  හිරු පුවත්

යම් පාලනයක් ඇතිව රට විවෘත කළත් කොරෝනා වෛරසයේ තර්ජනය තවම අවසන් වී නොමැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කරනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග සමග කළ විශේෂ සාකච්ඡාවකදියි. හිරු ටී වී ඔස්සේ විකාශය වූ එම සාකච්ඡාවේදී ජනපති වැඩිදුරටත් පැවසුවේ තවත් රට වසා තැබීම කළ හැකිද යන්න බැරෑරුම් තීරණ ගැනීමට සිදුවූ බවයි.

ජනතාව අත විශාල වගකීමක් ඇති බවත්, ඔවුන්ගේ සහයෝගය අතිශය වැදගත් බවත් ජනපති සඳහන් කළා.

විදේශවල සිටින ශ්‍රී ලාංකිකයන් ප්‍රමුඛතා අනුපිළිවෙළට මෙරටට ගෙන්වා ගන්නා බවද පැවසු ජනපති, මැතිවරණය ගැන සම්පූර්ණ  බලය තිබෙන්නේ ස්වාධින මැතිවරණ කොමිසමට බවද කියා සිටියා.

සම්පුර්ණ සාකච්ඡාව ඇතුළත් වීඩියෝව පහතින්

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress