අවශ්‍ය වුවහොත් දිනක් තුල PCR පරීක්ෂණ 3000ක් සිදු කිරීමට හැකියි – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්
Posted on May 1st, 2020
උපුටා ගැන්ම හිරු පුවත්
අවශ්‍යතාවක් මතුවුවහොත් දිනකට සිදුකරන පී සී ආර් පරීක්ෂණ 3000 දක්වා වැඩි කිරීමට හැකියාව පවතින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසනවා.
විශ්ව විද්‍යාල පද්ධතිය ද මෙම පරීක්ෂණ සිදු කිරීම හේතුවෙන් දිනකට සිදුකරන පරීක්ෂණ ප්‍රමාණය ඉහළ නැංවීමට හැකියාව ලැබී ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.
චීනයෙන් පරිත්‍යාග ලෙස ලැබුනු පරීක්ෂණ කට්ටල මෙන්ම භාවිත කරන කුමන පී සී ආර් පරීක්ෂණ කට්ටලයක් වුව ද එහි නිරවද්‍යතාව පිළිබඳ නිරන්තරයෙන් පරීක්ෂා කෙරෙන අතර එබැවින් පරීක්ෂණවල ප්‍රතිඵල සම්බන්ධයෙන් තමන් සෑහීමකට පත්වන බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කියාසිටියා.
කෙසේවෙතත් වෛරසය පාලනය වෙනුවෙන් බලපාන ප්‍රධාන සාධකයක් වන්නේ මහජනතාව විසින් තවදුරටත් සෞඛ්‍ය උපදෙස් නිසි ලෙසට පිළිපැදීම බවයි අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ.
ඊයේ දිනයේ පමණක් පී සී ආර් පරීක්ෂණ 1397ක් සිදු කර තිබෙනවා.
කෙසේවෙතත් පරීක්ෂණවලට සාපේක්ෂව වෛරස් ආසාදිතයන් හමුවන්නේ සුළු වශයෙන් බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පෙන්වා දෙනවා.
මේවන විට බස්නාහිර පළාතේ විශාල වශයෙන් පරීක්ෂණ සිදු කරන අතර විවිධ අවදානම් කණ්ඩායම් තෝරා ගනිමින් පී සී ආර් පරීක්ෂණ සිදු කරමින් පවතින බව ද ඔහු සඳහන් කළා.
බස්නාහිර පළාතේ කොරෝනා තත්වය පාලනයකට යටත් කර තිබුන ද තවමත් 100%ක් පාලනය කර ඇතැයි පැවසිය නොහැකි බවයි අනිල් ජාසිංහ මහතා කියාසිටියේ.
පාලනය අප අතින් ගිලිහී නොමැති අතර පාලනය අප අතට ගෙන ඇති බව වගකීමෙන් ප්‍රකාශ කළ හැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වැඩිදුරටත් කියාසිටියා.