යුතුකම ඉටු කරමු! ‘ඉටුකම’ අරමුදල පොහොසත් කරමු!!
Posted on May 17th, 2020

මාධ්‍ය නිවේදනයයි ගෙවිඳු කුමාරතුංග සභාපති යුතුකම ජාතික සංවිධානය

කොවිඩ් 19 සෞඛ්‍යය හා සමාජ ආරක්ෂණ අරමුදලට හුදී ජනයාට ද දායක විය හැකි පරිදි ‘ඉටුකම’ අරමුදල ඇරඹීම ඉතා වැදගත් ය. ඒ සඳහා දායකවීම රටට ආදරය කරන සෑම රටවැසියකු ගේ ම යුතුකම යි. ඒ සඳහා මහා සංඝරත්නය හා ජාතික සංවිධාන ජනයාට මඟ පෙන්වනු ඇතැයි අපේක්ෂා කරමු.

වැන්දඹු හා අනත්දරු අරමුදලට තම වැටුපෙන් කොටසක් පරිත්‍යාග කරන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා රජයේ සේවකයන් ගෙන් කළ ඉල්ලීමට ධනාත්මක ව ප්‍රතිචාර දැක්වීම ද ඉතා වැදගත් වේ. ඒ උතුම් පරිත්‍යාගය  සිය පවුලේ මෙන් ම රටේ ද සුරක්ෂිතතාවය  වෙනුවෙන් එකවිට කරන ඉතිරියකි; ආයෝජනයකි. වෘත්තිකයන් මේ අවස්ථාවේ රැකගත හැක්කේ රට රැකගැනීමෙන් පමණක් ය යන අවබෝධයෙන් කටයතු කිරීම  වෘත්තීය සමිති නායකතාවයේ ද යුතුකම යි. වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණට ඒ සඳහා නායකත්වය දිය හැකි ය.

මෙ ලෙස රට වෙනුවෙන් පරිත්‍යාග කිරීමට ඉදිරිපත් වන රටවැසියන් ඇගයීමට  රජය කටයුතු කරනු ඇතැයි අපි අපේක්ෂා කරමු. එය, සිය මවුබිමට ආදරය කරන රටචැසියන්ට හිමි වන අගනා සිහිවටනයක් වනු ඇත.

ගෙවිඳු කුමාරතුංග

සභාපති

යුතුකම ජාතික සංවිධානය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress