මැතිවරණය පවත්වන්නේ නඩු තීන්දුවෙන් පසු දින 70කින්..
Posted on May 23rd, 2020

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

පාර්ලිමේන්තු මැතිවරණය පවත් වන්නේ කවදාදැයි තීරණය කරනු ලබන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය දැනටත් ගොනු කර ඇති පෙත්සම් සම්බන්ධයෙන් තීන්දුව ලබාදෙමින් ඉන්පසු බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.

එහි අධ්‍යක්ෂ සමන් රත්නායක මහතා සඳහන් කරන්නේ අදාළ නඩු තීන්දුව ප්‍රකාශ කළ දිනයේ සිට දින 70 තුළ ඡන්දය පවත්වන බවයි.

මැතිවරණ පවත්වන ආකාරය ගැන සෞඛ්‍ය බලධාරීන් සමඟ තවදුරටත් සාකච්ඡා කරන බව ද ඔහු පැවසීය.

මැතිවරණ රාජකාරි වලට එන සියළුම නිලධාරීන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳව අනිවාර්යෙන්ම සැලකිලිමත් වන බවත් මෙවර මැතිවරණ රාජකාරි සඳහා කැඳවනු නිලධාරීන් වැඩි කිරීමට බොහෝ දුරට සිදුවුනු ඇති බවත් එමෙන්ම මැතිවරණ වියදම ද ඉහළ යන ඇති බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress