රාමළාන් ඊද් උත්සව සුභ පැතුම
Posted on May 23rd, 2020

ඒ.ජේ.එම්. මුසම්මිල්, වයඹ පලාත් ආණ්ඩුකාරවර.

මෙවර නව පරිසරයක් තුළ රාමළාන් නෝම්බි උපවාසයේ නියෙලන ශ‍්‍රී ලංකාවාසී ඉස්ලාමීය ජනතාවට ශුද්ධ ඊදුල් ෆිතර් උත්සවයකට සුභ පැතුම් එක්කිරීමට ලැබීම ගැන මම ආඩම්බර වෙමි.

කොරෝනා වෛරසය හේතුවෙන් අපේ සහෝදර සිංහල සහ දෙමළ ජනතාව ඔවුන්ගේ ආගමික උත්සව සාමකාමීව තම නිවෙස්වල සිට සමරනු ලැබු ආකාරයටම මුස්ලිම් ජනතාවත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ උපදෙස් පිළිපදිමින් සමාජ දුරස්ථභාවය සහ මුඛ ආවරණ පැළඳගෙන නිහඬතාවයෙන් සිට ඊද් උත්සවය සමරන්නැයි ඔවුන්ගෙන් මම කාරුණිකව ඉල්ලා සිටිමි.

ඒ හා සමානව, රාමසාන්  උපවාස සමයේදී අනුගමනය කළ වත්පිළිවෙත් යහක්‍රියා සහ දේවවිශ්වාසයන් ඒ ආකාරයෙන්ම තම ජීවිත කාලය පුරාවටම හොඳින් පිළිපැදීමට අධිෂ්ඨාන කරගත යුතුයි. කොරෝනා වෛරසය මුළු ලෝකයම උඩු යටිකුරු කර පෙරළා දමා ඇත. අද මුස්ලිමි ආගමික සිද්ධස්ථාන වසා තිබෙන අතර, නිවාස මුස්ලිමි පල්ලි බවට පත්ව ඇත. පස්වේල් යාච්ඤා මෙහෙයන්, කුරාන් පාරායනය සහ තරාවි නැමදුම් වැනි යහපත් ක‍්‍රියා අපගේ පවුලේ සාමාජිකයන් සමග කිරීමට අවස්ථාව ලබා දී තිබේ. මෙම යහපත් ක‍්‍රියාවන් තවදුරටත් කරගෙන යාමෙන් අපට මෙලොව සහ පරලොවත් ජයග්‍රහණය කර ගැනීමට හැකි වේවී.

එලෙසම කොරෝනා වසංගතයට එරෙහිව ජාති ආගම් භේදයකින් තොරව සටන් කරන අතිගරු ජනාධිපතිතුමන්, අතිගරු අගමැතිතුමන් සෞඛ්‍ය දෙපාර්තමේන්තු නිළධාරීන් සහ සියලූ‍ම හමුදා නිලධාරීන් වෙනුවෙන් මෙම ශුද්ධ දිනයේදී අපි යාචිඤා කරමු. මෙවැනි මාරාන්තික රෝගවලින් ජනතාව ආරක්ෂා කර එක්සත්ව ජීවත් විය හැකි වටපිටාවක් ලබා දෙන ලෙස අල්ලා දෙවිඳුන්ගෙන්  මාගේ දෙඅත් ඔසවා ප්‍රාර්ථනා කර සිටිමි.


ඊදුල් ෆිතර් උත්සවය සමරන ඔබ සැමට ඊද් මුබාරක්!

ඒ.ජේ.එම්. මුසම්මිල්,
වයඹ පලාත් ආණ්ඩුකාරවර.

One Response to “රාමළාන් ඊද් උත්සව සුභ පැතුම”

  1. aloy Says:

    It is customary for head of state to issue a message on this very important day of the muslims. But I was surprised on what he said. He wants to have solidarity with “muslim brotherhood”.
    Muslim Brotherhood is a banned organization in Egypt as they were creating lot of problems in that country.
    Who wrote the message for him?. Hope he knew what he was saying.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress