ඉස්කෝලේ ගෙදරටම ඇවිත්
Posted on August 3rd, 2020

Sriyanjanaka

කොවිඩ් 19 වසංගතය නිසා නිවසට කොටුවූ “ලොව පුරාම බිලියන 1.2ක්පමණ පාසැල්යන දරුවන්  ඉදැන් ගෙනගන්නේ වෙනස්ම ලෙසකටය. 

ඒ නිසා කලින්  තිබුනු අධ්‍යාපන රටාව වෙනස් වී ඇත.

ඔන්ලයින් ක්‍රමය නිසා ඩිජිටල් තාක්ෂණය උපයෝගී කරගෙන තමන් කැමති තැනක සිට දැන් දරුවන්ට ඉගෙනගත හැකි බව ලෝක ආර්ථික සංසදය World Economic Forum) පෙන්වා දෙයි.  

පාසැල හා උපකාරක පන්ති වටා බැඳුණු සම්ප්‍රදායික අධ්‍යාපනික රටාවක් තිබුණු ශ්‍රී ලංකාවෙත් අධ්‍යාපනය ඒ අනුව බොහෝ දුරට වෙනස් හෝ වෙනස් වෙමින් ඇත. 

වසංගත සමයේ ස්වාධීන රූපවාහිනී සේවය ඇරඹු ‘ටෙලිවිෂන් ඉස්කෝලේ’ එහි එක් පියවරකි 

මෙයද නිවසේ සිට ඉගෙන ගන්නා දරුවන්ට මග පෙන්වීමකි.  

 නිවසේ සිට තනියම පාඩම් වැඩ කරන්නේ කෙසේද? 

ඒ අභියෝගය පහත දැක්වෙන අයුරින් දරුවන්ට ජයගත හැකිය.

1. ඔබට නිශ්චිත කාලසටහනක් නැතිනම් එවැන්නක් හදාගෙන ඒ අනුවම වැඩ කරන්න. පාසල් දිනයක් සේ හිතාගෙන දවසේවැඩ ටික සැලසුම්කරන්න. 

2. නියමිත වෙලාවක් ඇතුලත පාඩම් වැඩ නිම කරන්න.

3. තමාව පාලනයකරගැනීමට පුරුද වෙමින් අකමැත්තෙන් හෝ නියමිත වැඩ කොටස ඉවර කරන්න. නැතිනම් වැඩ ගොඩ ගැසෙනු ඇත. 

4. පාඩම් කිරීම සඳහා වටපිටාවෙන් බාධාවක් නැති තැනක් තෝරාගන්න. ජංගම දුරකථනයක් වැනි අවධානය බිඳෙන කිසිවක් ළඟ නොතබාගන්න.

 5. සුළු විවේකයක් ගෙන විනෝදාංශයකට යොමු වීමත් අවශ්‍යයි. ඉන් ඔබට නව පණක් ලැබෙන බැවිනි.

 6. මේ පිළිබඳව අමතර තොරතුරු දැනගැනීමට සහ මෙහි අඩංගු තොරතුරු භාවිත කරමින් යම් නිපැයුමක්  කිරීම සඳහා අවසර ලබාගැනීමට Terry  Jenorge 

0776211715 යන දුරකථන අංකය ඔස්සේ අමතන්න. එසේ නැතිනම් PublicInformationDesk@jw.org යන ඊ-ලිපිනයෙන් තොරතුරු විමසන්න 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress