අභාවප්‍රාප්ත ඉන්දියාවේ හිටපු ජනාධිපති ප්‍රනාබ් මුකර්ජි මහතාට ගෞරවයක් ලෙස අග්‍රාමාත්‍යතුමා ශෝක පණිවිඩයක් තබයි
Posted on September 2nd, 2020

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

ඉන්දියාවේ හිටපු ජනාධිපති ප්‍රනාබ් මුකර්ජි මැතිතුමාගේ අභාවය පිළිබඳ ශෝකය පළ කිරීම සඳහා ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අද 2020.09.02 දින ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් නිල නිවස වෙත ගියේය.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින දිගු කාලීන මිත්‍රත්වයේ එක් සංකේතයක් ලෙස ජනාධිපති මුකර්ජි මැතිතුමා කටයුතු කළ ආකාරය පිළිබඳව සිහිපත් කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා මුකර්ජි මැතිතුමාගේ අභාවය වෙනුවෙන් වූ ශෝක පණිවිඩ පොතෙහි පණිවිඩයක් තැබුවේය.

රාජ්‍ය තාන්ත්‍රික සංචාරවලදී මෙන්ම පෞද්ගලික සංචාරයන්හි දී ප්‍රනාබ් මුකර්ජි මැතිතුමා, රාජ්‍ය තාන්ත්‍රික නායකයකු මෙන්ම, දේශපාලන මිතුරෙකු ලෙස ද බොහෝ අවස්ථාවල මුණ ගැසීමට ලැබුණු අතර ඒ සෑම අවස්ථාවකදීම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එතුමා දැක් වූ උනන්දුව  පිළිබඳව ද අග්‍රාමාත්‍යතුමා ඒ මොහොතේදීත් සිහිපත් කළේය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress