අග්‍රාමාත්‍යතුමාට හා රටට සෙත් පතා කතරගමදී සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක්
Posted on September 5th, 2020

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

අග්‍රාමාත්‍යතුමාට හා රටට සෙත් පතා සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් 2020.09.04 දින කතරගම පූජා භූමියේ අෂ්ඨඵල බෝධීන් වහන්සේ අභියස දී පැවැත්වුණි.

රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන සංඝනායක, කතරගම ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති, කිරි වෙහර රජමහා විහාරාධිපති කොබවක ධම්මින්ද නාහිමි, කතරගම අභිනවාරාමාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක කපුගම සරණතිස්ස නාහිමි ඇතුළු මහා සංඝරත්නය දේශනා කළ මෙම පිරිත් සජ්ජායනාව ශ්‍රවනය කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ද එක්ව සිටියේය.

ඊට සමගාමීව අද 2020.09.05 දින පෙරවරුවේ කතරගම අභිනවාරාම විහාරස්ථානයේදී සංඝගත දක්ෂිණාවක් පැවැත්විණි.

අනතුරුව රුහුණු මහා කතරගම දේවාලයේ දේව පූජාව සඳහා එක්වුණු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා දේව ආශිර්වාදය ලබා ගත්තේය.

එහිදී පැමිණ සිටි බැතිමතුන්ගේ සුව දුක් විමසා සිටි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා බැතිමතුන් සමඟ සුහද කතා බහකද නිරත විය.

මෙම ආගමික වතාවත් සඳහා රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ, හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය උපුල් ගලප්පත්ති, කතරගම ප්‍රාදේශීය සභාවේ සභාපති චානක අමිල රංගන, රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ දිල්රුවන් රාජපක්ෂ මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress