සබරගමු පළාත තුළ දෙමළ ජනතාවගේ දරුවන්ට විද්‍යා හා ගණිත විෂය ධාරාවන් හැදෑරීම සඳහා පාසල් නොමැතිවීම සම්බන්ධවයි.
Posted on September 8th, 2020
ලංකා ගුරුසේවා සංගමය.
ගරු අධ්‍යාපන අමාත්‍ය,
ජී.එල්. පිරීස් මහතා,
අධ්‍යාපන අමාත්‍යංශය,
ඉසුරුපාය.
බත්තරමුල්ල.
අමාත්‍යතුමණි,
සබරගමු පළාත තුළ දෙමළ ජනතාවගේ දරුවන්ට විද්‍යා හා ගණිත විෂය ධාරාවන් හැදෑරීම සඳහා පාසල් නොමැතිවීම සම්බන්ධවයි.
සබරගමු පළාත තුළ අ.පො.ස. උසස් පෙළ විද්‍යා, ගණිත විෂය ධාරාවන් හැදෑරීම සදහා දෙමළ ජනතාවගේ සිසු දරුවන්ට තම මාධ්‍යයෙන් ඉගැනීමට අදාලව කිසිදු පාසලක් නොමැති වීම පිළිබදව ඔබගේ දැඩි අවධානය යොමු කරවන අප සංගමය ඊට කඩිනම් විස`දුම් ලබා දීමට මැදිහත් වන ලෙස ඉතා ඕනෑකමින් යුතුව ඉල්ලා සිටිමු.
- 2022 වර්ෂයට අදාලව මේ වන විට පාසල් වල අ.පො.ස. උසස් පෙළ පන්ති ආරම්භ වෙමින් තිඛෙන අවස්ථාවක දෙමළ සිසු දරුවන් රැසකටම එම අවස්ථාව අහිමිව සිටින බව වාර්ථා වන අතර දීර්ඝ කාලයක සිට පවතින මෙම ගැටලූව නොවිස
දීම බරපතළ තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇත.මෙය එම සිසු දරුවන්ට සිදු කරන බලවත් අසාධාරණයක් මෙන්ම අධ්‍යාපනය ලැබිමට ඔවුන්ට ඇති මුලික මානව අයිතිය වැළැක්වීමකි.වසර 72 ක් ගත වුවද ලාංකීය ධනේෂ්වර පාලකයින් මෙවන් සරළ ගැටලූවක්වත් විසදීමට අපොහොසත් වීම ලැජ්ජා සහගත කරුණකි. - පසුගිය කාලසීමාවෙහි මෙම සිසු දරුවන්ගෙන් කොටසක් පළාතෙන් බැහැරව වෙනත් පළාත් වෙත තම අධ්‍යයන කටයුතු ස
දහා යොමු වු නමුත් මේ වන විට අදාළ පළාත් වල පදිංචි සිසු දරුවන්ට විශ්ව විද්‍යාල ප්‍රවේශයේදී අසාධාරණයක් සිදු වන බව සදහන් කරමින් එම පළාත් බලධාරීන් විසින් සිය පළාත් වල පාසල් වලට ඇතුලත් වීමේ අවස්ථා අහිමි කර ඇත. - එහෙයින් මේ පිළිබ
දව කඩිනම් අවධානය යොමු කර මෙවර එම අවශ්‍යතා ඇති සිසු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සදහා අදාල පළාත් බලධාරීන් සමග සාකච්ඡා කර අවශ්‍ය විෂය ධාරාවන්ට ප්‍රමාණවත් ගුරුවරුන් බදවා ගනිමින් පාසල් තුළ පහසුකම් ගොඩ නැගීම සදහා මැදිහත් වන ලෙසත් එතෙක් අදාල පළාත් අධ්‍යාපන බලධාරීන්ට අ.පො.ස. උසස් පෙළ විෂය ධාරාව හැදෑරිම සදහා පහසුකම් සලසා දීමට නියෝග කරන ලෙසත් ඉල්ලා සිටිමු.
මෙයට,
විධායක සභාව වෙනුවෙන්,
මහින්ද ජයසිංහ,
ප්‍රධාන ලේකම්, 0718297022- සම්බන්ධීකරණය
ලංකා ගුරුසේවා සංගමය.
පිටපත් – 01. ගරු ආණ්ඩුකාරතුමා – සබරගමු පළාත් ආණ්ඩුකාරවර කාර්යාලය
02. ලේකම් – අධ්‍යාපන අමාත්‍යංශය