මුන්ට පිස්සු හිමියනේ!
Posted on September 20th, 2020
චන්ද්‍රසේන පණ්ඩිතගේ
ඉන්දියාවේ දඹදිව වැඩ විසු බුදුරජානන්වහන්සේ දෙසු ධර්මස්කන්ධය තමන්ගේ ධර්මය කොටගත්,70%ක ජනතාවක් වාසය කරන ශ්‍රී ලංකාවේ, තවත් ජන කණ්ඩායමක් පෘතුගීසින් මෙරටට ගෙන ආ රෝමානු කතෝලික ධර්මය තම ධර්මය කරගෙන ඇත. තවත් ජන කණ්ඩායමක් ලන්දේසින් මෙරටට ගෙන ආ රෙපරමාදු ධර්මයද තමන්ගේම ධර්මය කරගෙන සිටි. එංගලන්තයේ උපත ලැබූ එංගලන්ත සබාවේ ධර්මය හා මෙතොදීස්ත සභාවේ ධර්මය තවත් මෙරට වසන ජන කණ්ඩායමක ධර්මයයි. මේ අතර ඉන්දියාවේ ආරම්භවූ හින්දු ධර්මය තමන්ගේ ධර්මය ලෙස සලකන තවත් ජන කණ්ඩායමක් එම ධර්මය තම ධර්මය කරගෙන ඇත. ඒ ආගමික සංස්කෘතීන්ට මෙරට ජනතාව අනුගතවී ඇති ආකාරයයි.
මෙරට ඇත්තේ රෝම ලන්දේසි නීතියයි. එය රටපුරාම බල පැවැත්වෙන නිතිය වේ. ඒ අප සතු නීතියයි.
මෙරට ඇත්තේ එංගලන්තයේ වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තු සම්ප්‍රධායට අනුව ගොඩනගාගත් පාර්ලිමේන්තුවකි.ඒ අපේ දේශපාලනයේ එක උපාංගයකි.
මීළඟට ඇමෙරිකාවේ ජනාධිපති ක්‍රමයට සමාන ජනාධ්පතිවරයෙකු මෙරට ස්ථාපිත කිරීමට ජේ. ආර්. ජයවර්ධන මහතාට අවශ්‍යවී, එම ක්‍රමයද ස්ථාපිත කොට ඒ ආකාරයේ ජනාධිපති වරයෙක්ද අපට නිර්මාණය වී ඇත.
ඒ අතර ඉන්දියාව බලහත්කාරයෙන් මෙරටට පැන පළාත් සභා ක්‍රමයක්ද ස්ථාපිත කොට ඇත.
දැන් අපේ දේශපාලනයේ ඔලුව ඇමරිකන් ක්‍රමයේ වන අතර, කඳ එංගලන්ත වෙස්ට්මිනිස්ටර් ක්‍රමයට නෑකම් කියමින් සිටි තත්වයක් යටතේ කකුල් ඉන්දීය පළාත් සභා ක්‍රමයට ගැට ගසා ඇත.
අපේ දේශපාලන දර්ශනයන් හැම එකක්ම බටහිර දාර්ශනිකයින් ගෙන් ලබාගත් දැනුමෙන් යුක්තය.
අපි ඉගෙන ගන්නේ මොනවාද? ඉතිහාසය හා සාහිත්‍ය හැරුනවිට හැම දෙයකටම ඇත්තේ විදේශීය ඥාතිත්වයයි.
මෙවන් තත්වයක් පතින විට අපේ විනිශ්චකාර්යින්ද බටහිර රාජ්‍යන්ට ගොස් පුහුණුව ලබා එන තත්වයක් තුලදී.
අපේ එවුන් ද්විත්ව පුරවැසියන් පාර්ලිමේන්තුවට ගියහොත් සිදුවිය හැකි හානිය සම්බන්ධව මහා දේශනා පවත්වමින් සිටි.
ස්වාමිනි! මුළු රටම විදේශීන්ට විවිධ ගිවිසුම් මගින්ද ගැට ගසා ඇති මේ අවදියේ, අපිට දේශප්‍රේමී සටන්කරුවෝ තවමත් බිහිවෙන්නේ,ඇමරිකන් ජාතික හෙන්රි ඕල්කොට් ප්‍රමුඛ ශ්‍රී ලාංකිකයින් විසින් ගොඩනැගු පාසල් වලිනි.
අපි දේශප්‍රේමී කවි මතුරන්නේ, ටිබෙට් ජාතික මහින්ද හිමි ලිවූ කවිය.
අවුරුදු 30ක යුද්ධය පවතී සමයේ අපේ එකද කලාකරුවෙක් සටන් කරන රණවිරුවන්ගේ චිත්ත ධෛර්ය වදන එකද ගීයක් ගායනා කලේ නැත. ඒ අපේ කලාවයි.
එවන්තත්වයක් තුල ද්විත්ව පුරවැසිභාවය හිමියා බිල්ලෙක් ලෙස මවා පාන වංචාවට අසු නොවන්න ඔබට හොදින්හිතන්න.ඔබට සත්‍ය මනාව වැටහේවි. රට රකින්න
විදේශයන්හි පුරවැසියන්ව ඉන්න අපේ ජනතාවනි පෙරමෙන්ම පෙරට එන්න..
ද්විත්ව පුරවසියෙනි පෙරට එන්න.
රටට ආදරය කරන ජනතාවෙනි අත්වැල් බදාගන්න.
බොරුව හා වංචාව පරදවන්න
September 20th, 2020 at 4:44 pm
Forgot to mention Mahendran?.