බෙලිඅත්තෙ පාසල් දෙකක සිසු පිරිසක් අරලියගහ මන්දිරය නැරඹීමට පැමිණෙති
Posted on September 29th, 2020

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

බෙලිඅත්ත පුවක්දණ්ඩාව ප්‍රාථමික විද්‍යාලයේ සහ බෙලිඅත්ත ධම්මපාල බාලිකා විද්‍යාලයේ සිසු සිසුවියන් පිරිසක් අද 2020.09.29 දින අරලියගහ මන්දිරය නැරඹීමට පැමිණ සිටියහ.

මෙසේ අරලියගහ මන්දිරය නැරඹීමට පැමිණි සිසු සිසුවියන්ට අරලියගහ මන්දිරය පෙන්වූයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාය.

කාර්ය බහුල දෛනික කාර්යන් මදකට පසෙක දැමු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා දරුවන් සමඟ සුහද කතාබහක නිරතවෙමින් ඔවුන් සමඟ සමූහ ඡායාරූපයකටද පෙනී සිටියේය.

මෙම අවස්ථාවට බෙලිඅත්ත පුවක්දණ්ඩාව ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පති ඊ.ඒ සමන් කීර්ති මහතා, බෙලිඅත්ත ධම්මපාල බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය මංගලිකා විදානගම මහත්මිය ඇතුළු ගුරුවරු පිරිසක් ද එක්ව සිටියහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress