ශ්‍රී ලංකාවට සංචාරකයින් ගෙන්වන්නන්ගේ සංගමයේ 40 වන වාර්ෂික හමුවට අග්‍රාමාත්‍යතුමා එක්වෙයි
Posted on September 30th, 2020

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

ශ්‍රී ලංකාවට සංචාරකයින් ගෙන්වන්නන්ගේ සංගමයේ 40වන වාර්ෂික හමුව ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ 2020.09.29 දින පස්වරුවේ කොළඹ රාමඩා හෝටලයේදී පැවැත්විණි.

මෙම සංගමයේ නව නිලධාරී මණ්ඩලය තෝරා පත්කර ගැනීම ද මෙහිදී සිදු විය. ඒ අනුව ශ්‍රී ලංකාවට සංචාරකයින් ගෙන්වන්නන්ගේ සංගමයේ නව සභාපති ලෙස තේරී පත්වූයේ තිලක් වීරසිංහ මහතායි.

ශ්‍රී ලංකාවට සංචාරකයින් ගෙන්වන්නන්ගේ සංගමය වසර 40 ක ඉතිහාසය තුළ සංචාරක ක්ෂේත්‍රය වෙනුවෙන් සැලකිය යුතු මෙහෙවරක් ඉටු කර තිබෙනවා.” නව අභියෝග හමුවේ රටේ සංචාරක කර්මාන්තය තවත් වැඩිදියුණු කිරීමට කැපවෙන බව නව සභාපති තිලක් වීරසිංහ මහතා මෙහිදී සඳහන් කළේය. අගමැති ආර්යා ශිරන්ති රාජපක්ෂ මැතිනිය, සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග, මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහත්වරු ඇතුලු සම්භාවනීය අමුත්තන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress