ඌව පළාත් හිටපු මහඇමතිවරයාගේ ගෝලයින් විදුහල්පතිවරයෙකුට පහර දීම සම්බන්ධව.
Posted on October 5th, 2020

Ceylon Teachers Service Union 

ගරු ආණ්ඩුකාරතුමා,
ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලය,
බදුල්ල.

ආණ්ඩුකාරතුමනි,

ඌව පළාත් හිටපු මහඇමතිවරයාගේ ගෝලයින් විදුහල්පතිවරයෙකුට පහර දීම සම්බන්ධව.

ඌව පළාත් හිටපු මහඇමති පාර්ලිමේන්තු මන්ති‍්‍ර චාමර සම්පත් දසනායකගේ අනුගාමිකයින් වන ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍ර සමන්ත හා ඔහුගේ මාධ්‍ය ඒකකයේ කටයුතු කරන ප‍්‍රසන්න නම් පුද්ගලයින් විසින් ඔක්. 04 වැනිදා පස්වරුවේ ලූණුගල ප‍්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිවරයාට ඔහුගේ නිවස තුළදි බිරි`ද හා දරුවන් ඉදිරියේ පහර දීම නිසා ලූණුුගල රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.මෙම මිලේච්ඡු පහර දීම තරයේ හෙළා දකින ලංකා ගුරු සේවා සංගමය හිටපු මහ ඇමතිවරයාගේ මැරයින් වහාම අත්අඩංගුවට ගෙන නීතීය කි‍්‍රයාත්මක කරන ලෙස බල කර සිටිමු.

2ග 2020.10.04 දින ලූණුුගල ප‍්‍රාථමික විද්‍යාලයේදී හිටපු මහඇමතිවරයා හා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය මැදිහත් වීමෙන් පවත්වන ලද 05 ශ්‍රේණියේ ශීෂ්‍යත්ව සම්මන්ත‍්‍රණයකට මෙම විදුහල්පතිවරයා ආහාර පාන නොසැපවුයේ යැයි යන කරුණ මත පළමුව ගුරු නිවාසයට පැමිණි ඉහත පුද්ගලයින් තර්ජනය කර තිබේ.ඒ පිළිබ`දව විදුහල්පතිවරයා විසින් පස්සර කළාප අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයා දැනුවත් කර ඇත. එසේ දැනුවත් කළ විට ප‍්‍රශ්නය ලොකුවට නොගෙන එය නිවි යාමට ඉඩ දෙන ලෙස ඔහු දුරකථනය මගින් දැනුම් දී ඇත.

3ග පසුව පස්වරු 01.00 ට පමණ පැමිණි ඉහත කී අය දරුවන් හා බිරිද ඉදිරියේ විදුහල්පතිවරයාට පරුෂ වචනයෙන් බැන පහර දීම නිසා ලූණුුගල රෝහලට ඇතුළත් කෙරුන අතර පහරදුන් අය බීමත්ව සිටියේදැයි පරික්ෂණයක් සදහා රෝහලට ගෙන ආවද පරීක්ෂණයකින් තොරව මත්පැන් ග`ද වහනය නොවන බව පවසා හරවා යවා තිබේ.

4ග පසුදින එනම් ඔක්.05 දින විදුහල්පතිවරයා සම්පුර්ණයෙන් සුව වී නොතිබියෙදී දේශපාලන මැදිහත්වීම් මත ඔහු රෝහලින් බැහැර කෙරුනද බාහිර පාර්ශව මැදිහත්වීම මත නැවතත් විදුහල්පතිවරයා වාට්ටුවට ඇතුළත් කර ගැනීමට කටයුතු කර තිබේ.
ඌව පළාත් හිටපු මහඇමතිවරයා විසින් විදුහල්පතිනියක තම නිල නිවසට කැ`දවා දණ ගැස්සවීමේ සිට දිගින් දිගටම විදුහල්පතිවරුන්ට සිදු කර තිබෙන හිංසාවන් බෙහෙවින්ම කනගාටුදායක තත්ත්වයක් බව අවධාරණය කරන අප සංගමය, මීට වගකිව යුතු සියල්ලන්ට එරෙහිව දැඩි කි‍්‍රයාමාර්ග ගන්නා ලෙසත් මෙවැනි සිදුවීම් දේශපාලන අනුග‍්‍රහයෙන් මින් ඉදිරියට සිදුවීම වැළැක්වීමටත් පියවර ගන්නා ලෙසත් ඉතා ඕනෑකමින් යුතුව ඉල්ලා සිටිමු.
ස්තුතියි.
මෙයට,
විධායක සභාව වෙනුවෙන්,

මහින්ද ජයසිංහ
ප‍්‍රධාන ලේකම්

පිටපත් – 01.ලේකම් – ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යංශය
02.පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂ – ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව
03.කළාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ – පස්සර කළාප අධ්‍යාපන කාර්යාලය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress