නුතන විද්‍යාවේ සිරකාරයෝ
Posted on October 11th, 2020

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි.

යමෙක් අපට බලශක්තිය ලබාදෙන සුර්යා තුල  ජීවින් සිටින බවක් සදහන් කළහොත් ඔහුට අත්වෙන ඉරණම සම්බන්ධව අපට වටහා ගත හැක. සමාජයේ අති බහුතරයක් ඔහුට එරෙහිව නැගී සිටිනු ඒකාන්තය. ඒ නුතන විද්‍යාවට අනුව සුර්යා තුල ජීවයක් පැවතීමට කිසිදු ඉඩක් නැති බවට අප මනස තුල බලවත් මතයක් ගොඩනංවා ඇති බැවිනි. ඊට අමතරව අන් කිසිදු ග්‍රහ ලෝකයකවත් ජීවයක් පවතින බවක් වත් කීමට සමාජයේ එකද පුද්ගලයෙක්වත් මැලිවන්නේ නවීන විද්‍යාවයයි, තමන් අදහන බලවේගය මේ වනතෙක් එවැන්නක් ප්‍රකාශ කර නැති බැවිනි. ඒ අනුව නවීන විද්‍යාවද එක්තරා ආගමක ස්වරූපයකින් සමාජය තුල කටයුතු කරන බව පෙනේ. නවීන විද්‍යාව මේ මුළු ලෝකයේ පාලනය තමන්ගේ අතට ගෙන මිනිසුන් මත විශාල ආධිපත්‍යක් ගොඩනංවාගෙන ඇති බවක් අපිට දක්නට ඇත. මේ ආධිපත්‍ය විසින් මිනිසුන්ට සිතීමේ නිදහස අවුරා දමා ඇත. මෙය සමාජයේ දියුණුවට ප්‍රබල බාධාවක් බවට පත්ව තිබේ.

අපි ශ්‍රී ලංකාව නම්වූ දිවයිනේ ජිවත් වෙන වැසියන්ය. අප වටකොට ඇති, මහා මුහුදින්  එහා රටවල් ඇති බවත්, ඒවා තුල ජීවින් සිටින බවත් තේරුම් ගෙන, එම ජීවින් සමග කටයුතු කිරීම ආරම්භ කලේ නවීන විද්‍යාව කැලේ  සිටි සමයකය.අද නවීන විද්‍යාව කැලෙන් එලියට පැන, අපව අල්ලා මෙල්ල කරගෙන ඇත.ඒ අනුව ඈත ග්‍රහ ලෝකවල සිටින දෙවිවරු සම්බන්ධව අපි කතා කිරීමට මැලිකමක් දක්වමු. ඈත ග්‍රහලෝකවල සිටින බ්‍රහමනයන් ගැන කතා කිරීම නතර කර ඇත්තෙමු. නවීන විද්‍යාව විසින් වෙනත් ග්‍රහයන් තුල ජීවින් සිටියි සොයාබලා ප්‍රකාශ කරන තෙක් අපි වෙනත් ග්‍රහයන් තුල ජීවින් සිටි යයි යන මතයට තිතක් තබා නුතන විද්‍යාව යයි කියන දෙවියාගේ, දේව වචනය එන තෙක් වෙනත් ග්‍රහයන් තුල ජීවින් නැතැයි යන මතයට බරව දෙගිඩියාවක් තුල ජීවිතය ගෙන යමින් සිටින්නෙමු. අපේ ජිවිත කාලය තුලදී මේ නවීන විද්‍යාව කිසිලෙසකින්වත් තවත් ලෝකයක සිටින ජීවයක් සම්බන්ධව සොයාගන්නෙවත්, සොයා ගැනීමට හැකියාවක් ඇත්තෙවත් නැත. එබැවින් අපිට වෙනත් ලෝක වල සිටින ජීවින් සමග ගනු දෙනු කිරීමට අවස්තාවක් කිසිදාක මේ නවීන විද්‍යාව තුලින් උදා නොවන බව ඉතාම පැහැදිලිය. එබැවින් අපි නවීන විද්‍යාව දෙස බලා නොසිට, එයට එසේ ගලා යාමට ඉඩදී, අපි අපේ ගමනද ඉදිරියට යා යුතුය.

ඉන්දියන් සාගරයේ කොදෙව්වක ජිවත් වෙන අපි, එම කොදෙව්ව, පෘථිවිය නම්වූ ග්‍රහ ලෝකයේ ඇති බවත්, එම පෘතුවි මාතාව, සෞර්යග්‍රහ මණ්ඩලය නම්වූ විශ්වය හරහා ගමන් කරන විශ්වතරණ යාන්ත්‍රනයේ, එක උපාංගයක් බවද දනිමු. මෙම විශ්වතරන යන්ත්‍රය විශ්වය හරහා පැයකට කිලෝ මීටර් 828,000ක වේගයෙන් මහා ගමනක් යමින් සිටින බවක්ද දනිමු.
මෙම මහා යාන්ත්‍රණයේ, ඉතා කුඩා උපාංගයක් වන පෘතුවියේ, ජීවින් සිටින අතර, මෙම යාන්ත්‍රණයේ න්‍යෂ්ටිය හෙවත් පාලන මැදිරිය වන සුර්යතුල ජීවින් නැතයි සිතීමට තරම් අපේ මනස පහත් තලයකට පත් කිරීමට මේ නවීන විද්‍යාවට ඉඩදිය යුතුද යන්න ඔබම සිතන්න. මේ යන්තරය මෙහෙයවන පාලක මැදිරිය වන සුර්යා තුල අපිට වඩා ප්‍රබලවූ ජීවින් කොට්ඨාශයක් ජිවත් වෙමින් මෙහි පාලන කටයුතු මෙහෙයවන බව ඔබට නොසිතෙන්නේද?

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress