දහනවයේ පියා රනිල්දාසගේ කපටි වෙස් මාරුව
Posted on October 15th, 2020

මතුගම සෙනෙවිරුවන්

            යහපාලන මෛත්‍රීපාල රනිල් ජෝඩුව සහ එවකට ආණ්ඩුබලයේ සිටි මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ මන්ත්‍රී කණ්ඩායම විසින් සම්මත කරගත් 19 වන සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත්කරන ලද්දේ අධිකරණ ඇමතිව සිටි විජේදාස රජපක්ෂ මහතාය.රනිල් වික්‍රමසිංහ මහතාගේ අවශ්‍යතාවය මත මෙම ව්‍යවස්ථා සංශෝධන කොටුම්පත සකස් කරන ලද්දක් බව බොහෝ දෙනා දනී.විශේෂයෙන්ම එවකට ප්‍රබලව සිටි රාජපක්ෂ කණ්ඩායම දුර්වල කිරීම පිණිස එල්ල කළ විශේෂ සංශෝධන කීපයක් එහි විය.එසේම කුමන ප්‍රශ්ණ පැණ නැගුණද වසර හතරහමාරක කාලයක් ආණ්ඩුව පවත්වාගෙන යෑමට අවශ්‍ය ප්‍රතිපාදනද එහි ඇතුලත් විය.මෙම සංශෝධනය නිසා සිදු වූයේ යහපාලන රජය ආම්භයේ සිටම ඉතාමත් දුර්වල තත්වයකට පත් වීමයි.මෛත්‍රීපාල සහ රනිල් වික්‍රමසිංහ යන දෙදෙනා අතර ව්‍යවස්ථාමය සන්ධානයක් ඇති කරමින් රජයයක් පවත්වාගෙන යෑමට බලාපොරොත්තු වූ තවත් මන්ත්‍රීවරයෙකු විය.ඒ පූජ්‍ය අතුරලියේ රතන ස්වාමීන් වහන්සේය. 2014 වර්ෂයේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ මුලු දුන් පිවිතුරු හෙටක් රැස්වීමකදී රතන හිමියන් විසින් මෙම අදහස අඩංගු පත්‍රිකාවක් රනිල් වික්‍රමසිංහ මහතාට භාරදෙනු ලැබීය.විධායක ජනපතිවරයාගේ බලතල අඩු කිරීම ව්‍යවස්ථාදායක සභාවක් පත් කර ගැනීම ස්වාධීන කොමිෂන් සභා බල ගැන්වීම ආදී කරුණු එහි අඩංගු විය.

      යහපාලන කාලවකවානුව තුළ අප පසක් කරගත් පරිදි ව්‍යවස්ථා දායක සභාව එකම විකාරයක් විය.එහි ඇත්තේ පක්ෂ දේශපාලන අරමුණු සහ දෙමළ ජාතිවාදී අරමුණු මිස ජාතික දේශපාලන අරමුණු නොවේ.කොමිෂන් සභා වලට පත් වූයේ ද රට අවුල් කිරීම පිණිස  නිතර කතා කරන විදේශීය හාම්පුතුන් ගේ මුදලින් නඩත්තු වන පිරිස්ය. එසේත් නොමැති නම් දෙමළ ජාතිවාදීන්ය.මුස්ලිම් අන්තවාදීන්ය.මෙම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල පිරිස් අතර ඉදිරියෙන්ම සිටින කෙනෙක් වූ විජේදාස එදා පාර්ලිමේන්තුවේ දී 70 (1) වන ව්‍යවස්ථාව සංශෝධනයට කරුණු ඉදිරිපත් කරන ලද්දේ කිසිම හිරිකිතයක් නොමැතිවය. මෙම 70 ව්‍යවස්ථාවෙන් කියැවෙන්නේ ජනපතිවරයාගේ බලතල පිළිබඳවයි. වසරකට පසුව පාර්ලිමේන්තුව විසිරුවා හැරිය හැකියැයි  78 ව්‍යවස්ථාව මගින් ජනපතිට දුන් බලය අඩංගු වැකිය සම්පූර්ණයෙන් ඉවත් කිරීමට රනිල් වික්‍රමසිංහට අවශ්‍ය විය. ඒ මන්ද වසර හතරහාමාරක් ඇතුලත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කොට බෙදුම්වාදයට පාර කපා ඉවර කරන්නටයි. විජේදාස රාජපක්ෂ මහතා ඒ බැව් දැන සිටියේය.ඔහුටද අවශ්‍ය වූයේ යම් කිසි ආකාරයකින් සිංහල බෞද්ධ බලය ශූන්‍ය කරන්නටයි. හිරිකිතයක් නැතිව මෙම සංශෝධන කිරීමට ඔහු ඉදිරිපත් වූයේ  ඒ නිසාය. නමුත් 70 ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට නම් ජනමත විචාරණයක් අවශ්‍ය බව 2002 දී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දුවක් දී තිබුණි.එය නොසලකා හැර තුනෙන් දෙකක පාර්ලිමේන්තු චන්ද බලයකින්  සංශෝධනය සම්මත කිරීමට රනිල් හැකි වූයේ ජී.ඒල්. පීරිස් වැනි පුද්ගලයන් හරහා එක්සත් ජාතික නිදහස් සන්ධානය නොමග යවමිනි.

මේ කුමන්ත්‍රණය පිළිබඳ 2015 දී ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපිට දී සාකච්ඡා වූයේ නැත. ශ්‍රී පවන් ඇතුලු විනිසුරු මණ්ඩලය වංගුවක් ගසා 2002 නඩු තීන්දුව නොසලකා හරින ලද්දේය.එහි ප්‍රතිඵලයක් වශයෙන් 2018 වසරේ මෛත්‍රීපාල ජනපතිවරයා විසින් ආණ්ඩුව විසිරුවීමෙන් පසු මහත් වූ ව්‍යවස්ථා අර්බුදයක් ඇති විය.

         ඉතින් අද තත්වය කුමක්ද ගෝඨාභය රාජපක්ෂ මහතා සිංහල බෞද්ධ බහුතරයකගේ චන්දයෙන් පත්වී තිබේ. එහෙත් රට වෙනුවෙන් ඔහුට හිතුවක් කළ නොහැකිය. එයට පළමු හේතුව වන්නේ රනිල් වික්‍රමසිංහ විජේදාස වැන්නවුන් මුල් වී කල ව්‍යවස්ථා කුමන්ත්‍රණය ගැන ඔහු හරිහැටි තේරුම් ගෙන නොසිටීමයි. ඒ වෙනුවට ඔහු ගෙනා විස්ස  විසින් ඇති කර තිබෙන්නේ මහත් අවුලකි. ඔහුගේ නීති උපදේශක අලි සබ්‍රි මහතා ඔහුට නිවරදිව මග පෙන්වූයේ නම් ජනපති වරයා මෙලෙසෙ අමාරුවේ වැටෙන්නේ නැත.එසේත් නැතිනම් නීතිපති වරයා විසින් නිවැරදිව නීති උපදෙස් දුන්නේ  නම් ඔහු මේ අමාරුවේ වැටෙන්නේ නැත.සැබවින්ම 19 සම්මත වූයේ තුනෙන් දෙකකින් පමණකි.එහිදී හිටපු කතානායක වරයාගේ වගකීම විය යුතුව තිබුණේ.78 ව්‍යවස්ථාවේ 79 වගන්තිය ප්‍රකාරව ඔහුගේ අත්සන යොදා ජනාධිපතිවරයා වෙත කෙටුම්පත යැවීමයි.එවිට ජනපතිවරයාට ජනමත විචාරණයක් කැඳවීමට බලය ලැබේ.නමුත් එසේ සිදු නොවීමට හේතුව වූයේ රනිල් වික්‍රමසිංහ මහතා විසින් මුලු පාර්ලිමේන්තුවම නොමග යැවීමයි.සරත් වීරසේකර මහතා පමණක් මෙම සංශෝධනයට විරුද්ධව චන්දය භාවිත කළද වෙනත් කිසිම මන්ත්‍රීවරයෙකුට එවැනි නුවණක් පහළ වූයේ  නැත. කාරක සභා අවස්ථාවේ දී විජේදාස රාජපක්ෂ විසින් 1978 ව්‍යවස්ථාවේ වගන්ති අමු අමුවේ ඉවත් කරමින් අලුත් වගන්ති රිංගවීම කලේය.ඉන් ඒකක් නම් අග්‍රාමාත්‍යවරයා පිළිබඳ සඳහන් වන වගන්ති දෙකකි.අගමැති ස්වකීය අත්සන යටතේ ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපියක් මගින් සිය ධූරයෙන් ඉල්ලා අස්වුවහොත් හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු නොවුවහොත් මිස යම් තාක් අමාත්‍ය මණ්ඩලය පවතින්නේද ඒ තාක් කල් ස්වකීය ධුරය දරන්නේය.යන්න ඒ වගන්ති වල ඇතුලත්ව තිබුණි.

        මෙය නම් අගමැති රනිල් කිසිම කරුණකින් ඉවත් නොකිරීමට ඇටවූ සංශෝධනයකි.කෙසේ වෙතත් 19 විසින් කරන ලද විනාශය පෙරට පැමිණියේ හිටපු ජනපති වරයා විසින් පාර්ලිමේන්තුව විසිරුවා හළ අවස්ථාවේ දීය. එහිදී අධිකරණය විසින් එය ව්‍යවස්ථා විරෝධී යයි තීන්දු කල බව කවුරුත් දනී.සම්මත නොවූ ව්‍යවස්ථාවක පිහිටා දුන් තීන්දුවක්ද නිවැරදි නොවේ යැයි තර්ක කළ හැක්කේ ව්‍යවස්ථා විශාරදයෙකුට පමණි. නමුත්. වත්මන් විස්සට දෙන තීන්දුවෙන් ඒ බැව් තහවුරු වනවා නිසැකය.එයට හේතුව 19 වැරදි ගැන පෙත්සම් කරුවන් සාකච්ඡා කල බැවිනි.කෙසේ වෙතත් ජනපතිවරයා වටේ යවා විස්සක් ගෙන ඒමෙන් විශාල අවැඩක් වී ඇත. ජනපති වරයා බුද්ධිමත්ව කටයුත කලේ නම් 19 ඉවත් කරගන්නට ඔහුට කෙටි ක්‍රම තිබුණි. එනම් ජනපති වරයාට  129 ව්‍යවස්ථාව මගින් දී තුබූ බලතල ක්‍රියාත්මක කිරීමයි. එනම් ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසීමයි.නමුත් ජනපති වටා සිටින කේවට්ටයන් කුමන්ත්‍රණ කරුවන් ඊට ඉඩදී නැත. ඔවුනට අවශ්‍ය විස්සට එල්ලවන විරෝධතාවය හමුවේ රජය අස්ථාවර කිරීමයි.මේ වන විට එය සිදු වෙමින් ඇත. කලින්ම 19 අඩපණ කොට මන්ත්‍රී මණ්ඩලය සමග සාකච්ඡා කොට අත්‍යවශ්‍ය සංශෝධන කීපයක් පමණක් 20 වශයෙන් පසුව ගෙන එන්නට තිබුණි. එනම් අමාතය මණ්ඩලය 30 ට අඩු කිරීම හදිසි පනත් ගෙන ඒමට තිබෙන හදිසිය නැති කිරීම මෙන්ම ද්විත්ව පුරවැසි බව ආදී තැන් නිවරදි කර ගැනීමට  අවස්ථාව තිබුණි. නමුත් සතුරන් ඊට ඉඩදී නැත.

     විශේෂයෙන්ම කවුරුත් දැන ගත යූතුම කාරණ නම් රනිල් වික්‍රමසිංහ මහතා චන්දයෙන් පරාජය කොට තිබුණද ඔහු වටා පෙළ ගැසී සිටි විදේශීය හාම්පුතුන් පරාජය කොට නොමැති බවයි.ඔවුන් විසින් ලංකා අධීකරණයද පාලනය කරන බව කියන්නට පැහැදිලි සාක්ෂි තවමත් නැතද 20 වන සංශෝධනයට එරෙහි දී තිබෙන විනිශ්චයෙන් යම් කිසිවක් තේරුම් ගන්නට හැකිය.දැනට අන්තර් ජාලයේ සංසරණය වන නඩු තීන්දු පිටපත අනුව 20 සංශෝධනයේ 3 සහ 5 එමෙන්ම 14 සහ 22 ට ජනමත විචාරණයක් අවශ්‍ය වේ.තෙවන ව්‍යවස්ථාවෙන් පැරණි 33 ගැන කියැවෙන අතර පස්වන ව්‍යවස්ථාවෙන් පැරණි 35 ගැන කියැවේ. 14 වගන්තියෙන් කියැවෙන්නේ 70(1) ව්‍යවස්ථාව ගැනයි. 22 යනු 104 ව්‍යවස්ථාවයි.2002 නඩු තීන්දුවට අදාල වන්නේ 70 ව්‍යවස්ථාවයි.2015 දී එය ජනමත විචාරනයකින් සම්මත නොවුණු අතර එයට එරෙහිව තීරණයක් ගත් මෛත්‍රීපාල ජනපතිවරයා අසරණ කරනු ලැබිණ.දැන් මෙලෙස ජනමත විචාරණයකින් සම්මත නොවූ වගන්තියක් යලි වෙනස් කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය බව දක්වා තිබේ.සැබවින්ම 2015 කුමන්ත්‍රණයේ තවත් දිගුවක් ගෙසට මෙය සැලකිය නොහැකිද. මෙහි තිබෙන භයානකම තත්වය නම් යම් හෙයකින් 1978 ව්‍යවස්ථාවේ නවවන වගන්තිය හෙවත් බුද්ධාගම පිළිබඳ ව්‍යවස්තාව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක චන්ද බලයෙන් පමණක් සම්මතව නීතියක් බවට පත් වුවහොත් එය වෙනස් කිරීමට නැවත ජනමත විචාරණයක් පැවැත්වීමට සිදු වීමයි.මේ ආකාරයට රනිල් වික්‍රමසිංහ විජේදාස රාජපක්ෂ සුමන්තිරන් ඇතුලු දෙමල බෙදුම්වාදීන් මෙන්ම බද්යුදීන් වැනි මුස්ලිම් අන්තවාදීන් බලාපොරොත්තු වන විනාශය තව දුරටත් සිදු වීමට ඉඩ තැබිය යුතුද.

මතුගම සෙනෙවිරුවන්

One Response to “දහනවයේ පියා රනිල්දාසගේ කපටි වෙස් මාරුව”

  1. DR M D P DISSANAYAKE Says:

    රනිල්, විජේදාස, ජයම්පතී, අනුර කුමරු ජාති ද‍ෝර්හී-ජනතා ද‍ෝර්හී-ජාතිභ‍ර්‍ෂ්ඨ-තුප්පහි චංඩාලයින් හා සමාන බව ජනතාව දනිති.

    එහෙත්, කණගාටුවට කරුනක් නම් විමල් වීරවංශ වැන්නවුන් කටුස්සන් සේ පිම්බී දුර දිග නොබලා, අලියාගේ පිට උඩට නෑගපු කටුස්සා සේ “මමයි රජා, මමයි රජා” කියමින් කට මැත දොඩමින්, නැති ප‍ර්ශ්ණ ඇති කිරීමය.

    අලියා හොඬවැලින් වතුර පාරක් පිම්ඹුවොත්, කටුස්සාට කුමක් වේවිද?

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress