විදෙස් සේවයට පත් වූ නව රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් සිව් දෙනෙක් අග්‍රාමාත්‍යතුමා හමුවෙති
Posted on October 17th, 2020

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

විදෙස් සේවයට පත් වූ නව රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් සිව් දෙනෙක් අද 2020.10.16 පස්වරුවේ අරලියගහ මන්දිරයේදී ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා හමු වූහ.

නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත ලෙස පත් කළ මොහාන් පීරිස් මහතා, චීනයේ නව තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා, ජපානයේ නව තානාපති සාජිව් ගුණසේකර මහතා හා ජිනීවා හි ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත සී. ඒ. චන්ද්‍රපේම මහතා මෙසේ අග්‍රාමාත්‍යතුමා හමුවූහ.

විදෙස් තානාපති සේවයට යන රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයින්ට අග්‍රාමාත්‍යතුමා මෙහිදී සුබ පැතුම් එක් කළේය.

නව පත්වීම් ලද මෙම  රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් නොබෝ දිනකින් සිය තානාපති සේවය සඳහා විදෙස්ගතවීමට නියමිතය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress