අධිවේගී මාර්ග සම්බන්ධයෙන් නව සමාගමක්
Posted on October 18th, 2020

මාර්ග සංවර්ධන සේවක සංගමය

අග‍්‍රාමාත්‍ය,
මහින්ද රාජපක්ෂ මැතිතුමා
අරලියගහ මන්දිරය,
කොළඹ-01.

අධිවේගී මාර්ග සම්බන්ධයෙන් නව සමාගමක් පිහිටුවීම පිළිබදව මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ ඒකකයක් ලෙස දැනට පවතින අධිවෙගී මාර්ග මෙහෙයුම් අංශය හා අධිවෙගී මාර්ග ඉදිකිරීම් ව්‍යාපෘතින් සියල්ලම මහා භාණ්ඩාගාරය යටතේ වෙනමම සමාගමක් වශයෙන් පිහිටුවීමට කැබිනට් අනුමැතිය ලබා දී ඇති බවට අප සංගමය වෙත දැන ගැණිමට ලැබී ඇත.

1986 වර්ෂයේ සිට ජාතික මහා මාර්ග පද්ධතිය නඩත්තු කිරීම හා නව මහා මාර්ග ඉදි කිරීම මාර්ග සංවර්ධන අධිකාරිය වෙත ව්‍යවස්ථාපිතවම පැවරී ඇති අතර එකී වගකීම මාර්ග සංවවර්ධන අධිකාරිය විසින් ඉටු කරමින් පවතිද්දී ඒ සදහා වෙනම තවත් සමාගමක් පිහිටුවීම තුලින් අධිවෙගී මාර්ග මෙහෙයුම් අංශයේ ආදායම ආයෝජනය කිරීමෙන් අධිකාරිය වාර්ෂිකව උපයා ලනු ලබන රුපියල් බිලියනයකට ආසන්න මුදලක් අධිකාරියට අහිමි වීමට ඉඩ ඇති බවත්, එමගින් සේවකයින්ගේ වැටුප් හා අනෙකුත් ප‍්‍රතිලාභ සාමාන්‍ය පරිදි ගෙවීමට අධිකාරියට නොහැකි වනු ඇති බවටත්, බරපතල සැකයක් සේවකයින් තුල හට ගෙන ඇත.

මෙසේ අධිවෙගී මාර්ග මෙහෙයුම් අංශය අධිකාරියෙන් වෙන් කිරිම තුලින් අධිකාරියේ දොළොස් දහසකට ආසන්න සේවකයින්ගේ වැටුප් හා අනෙකුත් ප‍්‍රතිලාභ ගෙවීමටත්, අධිකාරියේ පොදු කාර්ය වියදම් සදහා මුදල් උපයා ගැනීමටත් ඇති එකම ආදායම් මාර්ගය අහිමි වීම තුලින් අධිකාරියේ පැවැත්මටත් සේවකයින්ගේ රැනියා සුරක්ෂිත බාවයටත් ඉතා බරපතල තර්ජනයක් මතුව ඇති බැවින් අප සංගමයද මෙම යෝජනාවට විරුද්ධ වන අතර මෙම යෝජනාව වහාම වෙනස් කර දැනට පවතින තත්වයෙන්ම අධිකාරිය පවත්වා ගෙන යන ලෙසත් අධිකාරියේ සමස්ථ සේවකයින් වෙනුවෙන් අපි ඉතා ඕනැකමින් ඔබතුමාගෙන් ඉල්ලා සිටින්නෙමු.

සභාපති,
බී එම් ඩී කේ බණ්ඩාරනායක
මාර්ග සංවර්ධන සේවක සංගමය.

සම්බන්ධීකරණය – 071 7582019
Coordinating – +94 71 7582019

පිටපත් –
(01) මහා මාර්ග අමාත්‍ය, ජොන්ස්ටන් ප‍්‍රනාන්දු – දැ.ගැ.ස.
(02) මහා මාර්ග රාජ්‍ය අමාත්‍ය, නිමල් ලන්සා – දැ.ගැ.ස.
(03) මහා මාර්ග ලේකම්, ආර් ඩබ්. ආර්.පේමසිරි මහතා – දැ.ගැ.ස.
(04) සභාපති- මාර්ග සංවර්ධන අධිකාරිය – දැ.ගැ.ස.
(05) අධ්‍යක්ෂ ජෙනරාල් – මාර්ග සංවර්ධන අධිකාරිය – දැ.ගැ.ස.
(06) සියළු වෘත්තීය සමිති – මාර්ග සංවර්ධන අධිකාරිය – දැ.ගැ.ස.
(07) සියළු මාධ්‍ය ආයතන සදහා – දැ.ගැ.ස.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress