විජයදසමි දින පණිවිඩය
Posted on October 24th, 2020

මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය

පත්තිනි මෑණියන්ගේ කරුණාව උදෙසා පැවැත්වූ නවරාත‍්‍රී උපවාසයේ අවසාන දිනය වන විජයදසමි දිනය භක්තියෙන් සමරන මාගේ ආදරණීය ශ‍්‍රී ලාංකික හින්දු භක්තිකයින්ට මාගේ හෘදයාංගම සුබපැතුම් පිරිනමමි.

මිනිස් සමාජයේ මූලික අවශ්‍යතා තුන වන ධෛර්යය, අධ්‍යාපනය සහ ධනය ලබා දෙන මහා බලවතුන් වන දුර්ගා, සරස්වතී සහ ලක්ෂ්මි දෙවියන් වෙත අපගේ කෘතවේදීත්වය, නමස්කාරය පුදකිරීම සහ එම දෙවියන් අයැදීම නවරාත‍්‍රි යනුවෙන් ව්‍යවහාර වෙයි.

ජයග‍්‍රාහී මංගල්‍යය දිනය වන විජයදසමි දින, සියලු යහපත් දේ සාර්ථක වනු ඇතැයි යන බලාපොරොත්තුවෙන් දෙවියන් නමස්කාර කර, අධ්‍යාපනය, කලාව, වෘත්තිය යනාදී සුබ කටයුතු ආරම්භ කරන හින්දු බැතිමතුන් මෙදින මහත් භක්තියකින් යුතුව සමරති.

මෙම විජයදසමි සුබ දිනයේදී පත්තිනි මෑණියන්ගේ කරුණාවෙන් ශ‍්‍රී ලංකාවේ ජනතාවට ආගමික සමගිය, විවිධත්වය වර්ධනය කර ගැනීමටත්, සියලු ප‍්‍රතිලාභ සමඟින් ජීවන තත්ත්වය ඉහළ නැංවීමටත් හැකිවේවායි මම නැවත වරක් මාගේ හෘදයාංගම සුබ පැතුම් පිරිනමමි.

මහින්ද රාජපක්ෂ

අග්‍රාමාත්‍ය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress