ග්‍රාමීය ආර්ථිකය
Posted on October 27th, 2020

Press Release

ග්‍රාමීය ආර්ථිකය නගාසිටුවීමේ ජාතික වැඩපිළිවෙළට සමගාමීව ඌව පළාතේ බදුල්ල සහ මොණරාගල දිස්ත්‍රික්ක වලට අයත් ග්‍රාමීය ආර්ථික නගා සිටුවීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් ඌව පළාත් ගරු ආණ්ඩුකාරවර ඒ.ජේ.එම්. මුසම්මිල් මහතාගේ ප්‍රධානත්වයෙන් (27) ඌව පළාත් ආණ්ඩුකාරවර කර්යලයේදී පවත්වන ලදි.

මෙහිදී ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලිය ගහ මන්දිරයේ පැවැති ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීමේ ජාතික වැඩපිළිවෙළේ පිහිටුවන ලද කමිටු හතරම ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව පැහැදිලි කෙරිණි.

එමෙන්ම ග්‍රාමීය ආර්ථිකය නඟාසිටුවීමට අවශ්‍ය වන මූලික ක්‍රමවේද පිළිබඳව දීර්ඝව සාකච්ඡාවට බදුන් විය.

එම අවස්ථාවට බදුල්ල දිස්ත්‍රික්කයේ සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශන දෙනිපිටිය මහතා, ප්‍රධාන ලේකම්, ආණ්ඩුකාර ලේකම්, දිස්ත්‍රික් ලේකම්වරුන්, අමාත්‍යාංශයේ ලේකම් වරුන් ඇතුළු රජයේ නිලධාරීන් ද සහභාගී විය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress