හාමුදුරුවරු දෙනමක් හා ජනාධිපතිලා දෙන්නෙක්
Posted on October 31st, 2020

චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B., Ph.D.

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්‌ද හාමුදුරුවන් සමඟ ඔක්තෝබර් 30 දින, ට්‍ර‌ැත් විත් චමුදිත විසින් කල සාකච්චාව බැලූ පසු මෙම ලිපිය ලිවීමට සිතුනි. ඊට හේතුව ඒ නිසා මට මා විසින් මාදුළුවාවේ සෝභිත හිමියන්ට යැවූ <අවවාදාත්‌මක> සංදේශයක් මතක් වීම නිසාය. මගේ බිරිඳගේ සහෝදරයා සෝභිත හිමියන්ගේ කිට්ටුම හිතවතෙකු විය. මේ නිසා 2012 දී ලංකාවට ගිය විට මම උන්වහන්සේව දේශපාලනය උඩ මුණගැසීමටද ගියෙමි. මේ සමඟ ලින්ක් කර ඇති ලිපිය .(www.lankaweb.com/news/items/2013/04/09/ven-maduluwave-sobitha-and-his-christian-marxist-friends/)
හාමුදුරුවන්ට යැව්වේ ඇමෙරිකන් තානාපති මිචෙල් සිසන්, අටපිරිකර සමඟ නාගවිහාරයට යෑමට පෙරද පසුවද කියා මට මතක නැත. නමුත් එම ලිපියේ අවධාරණය කල කාරණය වූයේ වැරදි වලින් පිරි මහින්ද රාජපක්‍ෂ රෙජීමය වෙනස් කිරීමට යයි සිතා, රනිල්-චන්ද්‍රිකා-මංගල ඇතුළු එන්.ජී.ඕ. කල්ලිවල උගුලට අසු නොවන ලෙසය. මගේ අවවාදය කිරි ගහට ඇන්නා සේ නිවැරදි බව ඔප්පු වීමට ගියේ යහපාලන මරාලයේ ජනාධිපති දිවුරුම් දුන් වහාමය.

අගමැති බණ්ඩාරනායක ගැන කළකිරී ඉවත්‌වීම බෞද්‌ධ බලවේගයේ මෙත්තානන්ද මහතා මාස දෙකක් ඉවසා සිටියත්, <මහත්තයෝ අපි රැවටුනා> යයි සෝභිත හිමියන් කිව්වේ මරණ මංචකයේ සිටය. උන්වහන්සේගේ බාගෙට මළ ශරීරය සිංගප්පූරුවට යැවීම, ගංගොඩවිල සෝම හිමියන් රුසියාවට යවා මරවා ගැනීමේ කුමණ්ත්‍රණය හා සමාන නැද්දැයි යමෙකු සිතීම සාධාරණය. මහින්ද දමණය සඳහා මුල්වූ අනිත් හාමුදුරුවන්‌වූ අතුරැලියේ රතන හිමි, ජාම් බේරා ගෙන යම් සමාජ සේවයක්ද කලේය. එහෙත් බොදු බල සේනාවේ ඥානසාර හිමියන්ගෙන් 2020 මන්ත්‍රී ධූරය හොරාගන්නට රතන හිමි ක්‍රියාකල ආකාරය, සිහිපත් කරන්නේ, කලකට පෙර දළදාව හොරකම් කරණ ලෙස එතුමා ඥානසාර හිමියන්ට දුන් ලණුවය. ඒ අවස්ථාවේ ඒ ලණුව කෑවා නම් ඥානසාර හිමියන්ට වෙන්නේ කුමක්ද? රතන හිමියන් ඇඟබේරාගෙන වැජඹෙන්නේ නැද්ද?

මේ කාරණා වලින් පේන්නේ <ජාතියේ මුර දේවතාවා> යන සංකල්පය, දැලි පිහියෙන් දීකිරි කනවා වැනි එකවිටම සියුම් හා ගැඹුරු සංසිද්‌ධියක් බවය. එය අවදානම් සහිතය. රජුගේ අකටයුතු ක්‍රියා වලට විරුද්‌ධවූ, වැලිවිට ශ්‍රී සරණංකර නාහිමිඳුන්ට එකැස්කණා යයි අපහාස කරමින් උන්වහන්සේ අල්ලා මරා දැමීමට රජු තැත්කලේ ඒ නිසාය. ඒ සඳහාම කොළඹින් ක්‍රිස්තියානි ඝාතකයින් ගියේද ඒ නිසාමය. දේශපාලකයෙකු නොවන ගෝඨාභය නම් නිලධාරියා බලයට ගෙන ඒම සඳහා රටේ හාමුදුරුවරු එකතුවීම නොසිතූ විරූ ආශ්චර්යයක්, රටේ භාග්‍යයක් විය. පෘතග්ජන, පංචස්කන්‌ධ වශයෙන් මෙම හාමුදුරුවරුන්ද, ලෝභ-ද්වේෂ-මානයෙන් පිරි, සෝවාන් නොවූ අයවළුන්‌ය. බුද්‌ධරක්ඛිත-සෝමාරාමගේ සිට දිවෙන ඉතිහාසයක් හා වලානේ සිරි සිද්‌ධාර්‍ථ, හික්කඩුවේ ශ්‍රී සුමංගල, මිගෙට්ටුවතේ ගුනානන්ද, ගංගොඩවිල සෝම දක්‌වා දිවෙන ඉතිහාසයක්ද අපට ඇත.

ලංකාවේ ගැලවීම ඇත්තේ, (1) පන්සලත් (2) යුද හමුදාවත් එකතුව, (3) ග්‍රාම රාජ්‍ය සභා (ජන මූල සභා) මට්ටමෙන්, පක්‍ෂ දේශපාලනයෙන් තොරව ගෙනයන පාලන ක්‍රමයකින් පමණමය. දැනට රට විනාශ කරණ, පක්‍ෂ දේශපාලකයා-නිලධාරියා- එන්.ජී.ඕ.කාරයා -යන දුෂ්ඨ ත්‍රිකෝණයේ ග්‍රහණය මුලින් උපුටා දැමිය හැකි බුද්‌ධාගමේ උගන්වන මධ්‍යම ප්‍රතිපදාව අනුවය. ඉන්‌දියාවේ බෞද්‌ධ නොවන ජනාධිපතිලා දෙන්නෙක්, එනම් අබ්දුල් කලාම් හා ප්‍රතිභා පටිල්ද, හින්දු අගමැති මෝඩිද, <ලෝකයේ ප්‍රශ්ණ වලට විසඳුම් බුදු දහම අනුසාරයෙන් සොයා ගත හැකි යයි> කියන්නේ මේ නිසාය. කෝවිල්, කතෝලික පල්ලි හා මුස්ලිම් පල්ලි මීට එකතු කරගත හැක්කේ පන්සල් හරහා පමණ වන්නේ, චතුරාර්ය සත්‍යය යනු අයිසැක් නිව්ටන්ගේ, අයින්ස්ටයින්ගේ සූත්‍ර වලටත් වඩා එහාට ගිය විශ්ව පරම සත්‍ය නිසා, එයට යමෙකුගේ ලබ්ධිය අදාල නැති හෙයිනි. පන්සලක පිළිම කුටියකට, ලොව ඕනෑම ලබ්ධිකයෙකුට ඇතුළු විය හැක්කේත්, අනිත් පල්ලි දෙවර්‌ගයට අන් ලබ්ධිකයෙකුට ඇතුළුවීමට ඉඩ නොදෙන්නේත් මේ මූලික වෙනස නිසාය.

පල්ලියේ ලෙබ්බේට පන්සල එන්නට ආරාධනා කිරීම, කන්ද මොහමඩ් ලඟට නොeන නිසා මොහම්ඩ් කන්ද ලඟට යනවා වැනිය. සිංහල හාමුදුරුවරු, දෙමළ භාෂාව ඉගෙන ගෙන දමිළ ජනයාට බුද්‌ධාගම බෙදා නොදීම ගැන, <දෙමළාට නිවන අකැපද> යයි අසමින් උතුරේ මහ ඇමතිව සිටි සුරේන් රඝුවාන් කරණ චෝදනාව ලෝකයේ වෙන කිසිම රටක අසන්නට ලැබේවිද? දමිළ පූසාරිවරයෙක්ව සිට බුදු දහම වැළදගෙන, දැන් සිංහලෙන් හා දෙමළෙන් බණ කියන, දමිළ ජනයා අතර ජනප්‍රියව සිටින, වයස අවුරුදු 31 ක් පමණක් වන බගවන්තලාවේ රාහුල හිමියන්ද, උතුරට බුදු පිලිම එපා යයි විග්නේෂ්වරන් විසින් උතුරේ මහ ඇමති ලෙස ගෙන ගිය ව්‍යාපාරය හාස්‍යයට ලක් කරන්නේය. අම්බෙඩ්කාර් ලක්‍ෂ සංඛ්‍යාත ඩලිත් ජනයා බුද්‌ධාගමට හැරවූයේ ලංකාවේ හාමුදුරුවරුන්ගේ බලපෑමකින් තොරවය.

ජනාධිපති ගෝඨාභය විසින් මාසිකව පවත්‌වන සංඝ උපදේශක සභා රැස්වීම බොහෝ අයට ඇහේ කටු අණිනවා මෙන් බව නිසැකය. මෙවැන්නක් අන්තිමට කල සිංහල රජු කවුරුන් විය හැකිද? එහෙත් මෙම උපදේශක සභාවට හාමුදුරුවරුන් තෝරාගැනීමේදී, ඊට ඇල්ලේ ගුණවංශ, මුරුත්තෙට්ටුවත්තේ ආනන්ද හා ගලගොඩ‌අත්තේ ඥානසාර යන හිමිවරුන් තුන්‌දෙනා ඇතුලත් කර නොගත්තේ කුමක් නිසාද යන්න ප්‍රහේලිකාවකි. රටේ දැවෙන හා විවිධ ප්‍රශ්ණ ගැන බිම් මට්ටමේ දැණුමක් ඇති මේ තුන් නම විසින් ජනාධිපතිතුමා ඉදිරියට ගෙන එන තොරතුරු, ඇමෙරිකන් හෝ ඉන්දියන් රෝ චරපුරුෂ සේවාවලටද වඩා අනර්‌ගය. ජනාධිපති මුරුංගා අත්තේ තියනවාට වඩා, ඔහුගේ ක්‍රියාවල අඩුපාඩු පෙන්වාදීම කෙතරම් වැදගත්ද? මගේ මිත්‍රයා නොවන්නේ මගේ හතුරාය යන සිතුවිල්ලේ වරද ගැන ලියූ පොත් දුසිම් ගණනින් ඇත. බුදු දහම අනුව, සංඝ සමාජයේ පරිපාලන විනය නීති ආදිය දෙස බලනවිට, නොයෙක් අදහස් විවෘතව ප්‍රකාශ කිරීම මූලික ලක්‍ෂණයකි. රනිල් විසින් නිතර නිතරම ලිච්චවි පාලනයක් ගැන කතා කලා අමතකද?

මෙම හාමුදුරුවරුන් සහභාගි කර නොගැනීම බරපතල අඩුපාඩුවකි. ගෝඨාභයගේ ජයග්‍රහණය වෙනුවෙන් දර දිය ඇදි දැන් අමතක කර දමා ඇති කොටස් අතර මේ හාමුදුරුවරුන් තුන් නම කැපී පෙනේ. ඇමෙරිකන් ජනාධිපති ලින්ඩන් ජොන්සන් වරක් කල ප්‍රකශයක් මෙහිදී මතකයට නැඟේ. ඔහු විසින් තමාට විරුද්‌ධව කතා කරණ අයෙක් ආණ්ඩුවට සම්බන්‌ධ කරගත් විට, ඔහුගේ මිත්‍රයෙක් ඔහුගෙන් ඒ ගැන විමසුවේය. ඔහු දුන්නේ සරල පිලිතුරකි. <මගේ ආණ්ඩුවට (නමැති වතුර ටැංකියට) එලියේ සිට මුත්‍රාකරණ අයෙකු ඇතුලට ගත්‌විට, ඔහු එතැන් සිට මුත්‍රා කරන්නේ ටැංකියේ සිට එලියටයි!>. මීට පෙර මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවූ විට විපක්‍ෂ මන්ත්‍රීන් නොයෙක් ක්‍රම වලින් ආණ්ඩුවට ගෙන දේශපාලන කූඨ ඥානය විදහා දැක්‌වූයේය. ඔහුගේ මෙම ක්‍රියාව ජනාධිපති ලින්කන් විසින් සිය විරුද්‌‌ධවාදීන් හැම දෙනාම තම කබිනට් මණ්ඩලයට බඳවා ගැනීම වැනි යයි ඒ කාලයේ ලියූ ලිපියක පෙන්‌වා දුන්නා මට මතකය.

ඉහත සඳහන් කල හාමුදුරුවරුන් තුන් නමට අමතරව තවත් බඩගිනි උසුලමින් ගෝඨාභය ජය සඳහා අ‌වංකව කැපවූ දක්‍ෂ, දැණුමැති තරුණ හාමුදුරුවරු සිටිනවා විය හැකිය. මේ හමුදුරුවරු, මෙම රජයට විරුද්‌ධව, ඩොලර් බලපෑමට ලක්‌වූ අය ලෙස සිතීම පවා පාපයකි. එවැනි සමහරුන්ද සිටිය හැකි බවත් නිසැකය. අධිරාජයාගේ ඇඳුම් ගැන කතාව ගිහියන්ට පමණක් සීමාවූවක් නොවේ. මෙම හාමුදුරුවරුන් තුන්නම ජනාධිපති උපදේශක සභාවට ගෙන්නා ගැනීම, එහි දැනට ඉන්නා සෙසු හාමුදුරුවරුන්ට <අවුලක්> විය නොහැකිය.

අනිත් අතට, මේ ආණ්ඩුව පෙරලා දැමීමට සිහින මවමින් සිටිනා විවිධ බලවේග ඒ සඳහා යොදාගන්නා එක් උපක්‍රමයක් නම් ශාරියා අන්තවාදය, බෞද්‌ධ අන්තවාදයේ ප්‍රතිපලයක් යන්නය. හිටපු ජනාධිපති සිරිසේන මහතා පාස්කු ප්‍රහාර කොමිෂම ඉදිරියේ බෞද්‌ධ අන්තවාදයක් ගැන කියා සිටියේය. ඔහු ඥානසාර හිමියන් හිරෙන් නිදහස් කලේ, එසේ කරණ ලෙස අසාද් සාලි, රවි කරුණානායක, හිස්බුල්ලා, රිෂාඩ්, කබීර් හෂීම් වැන්නන් පවා ඉල්ලා සිටියදීය. බොදු බල සේනාවට අභූත චෝදනා එල්ල නොකර, අළුත්ගම සිද්‌ධිය හෝ හැම බොදු බල සේනා ක්‍රියාවක් ගැනම විමසීමට කොමිෂමක් පත්කරණ ලෙස ‌ඥානසාර හිමියන් දේශපාලකයින්ට අභියෝගයක්ද කලේය.

ජනාධිපතිතුමාගේ තීරණය නොසිතා සිදුකල සංඝයා දෙකට බෙදීමක් සේය. ඔවුන්ට ඔවුන්ගේ තර්‌ක-විතර්‌ක ජනාධිපතිට ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලබානොදීම බුද්‌ධ ශාසනයට කරණ අසාධාරණයකි. මෙම වරද නිවැරදි කිරීම රටේ අනාගත ශුභසිද්‌ධියට ඉතාමත් වැදගත්‌ය.

2 Responses to “හාමුදුරුවරු දෙනමක් හා ජනාධිපතිලා දෙන්නෙක්”

  1. NeelaMahaYoda Says:

    රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්‌ද හාමුදුරුවන් කියන්නේ විනය පිටකය පසෙකට දමා රාජ්‍ය තාන්ත්‍රික වැඩවල යෙදීමෙන් නිරපරාදේ පාරාජික වුන ඝණින්නාසේ කෙනෙක් පමනය.

  2. Ratanapala Says:

    Is Freedom of Expression stiffling the Government? The President must lead from the front!

    It is true that Maha Sangha took a leading part in bringing victory to Pohottuwa at the last Presidential and Parliamentary Elections. It is also true that Abhayaramaya was the meeting place of the nascent Pohottuwa movement. However this does not mean that how the Government shoud function can be dictated entirely by the way Maha Sangha thinks. It is well that they point the government in the right direction. Otherwise it can easily become the second coming of Buddharakkhitas!

    We also cannot have a government that is run by Media Slander. This is what we saw at Chamuditha – Ven Muruttetuwe Ananda Himi interview. The same goes for those of Chapa. Though meant well, the grain and substance of these interviews and talks are extremist and not helpful.

    On the otherhand it is a grave mistake to entirely lock out Ven Elle Gunawansa Thero, Ven Muruttetuwe Ananda Thero and several similar others. They have the well being of the nation at heart and are better sounding boards than even the Intelligence Services when it comes to matters dealing with the people.

    One of the reasons for this is the fact that President Gotabhaya is not seeing to be ‘leading from the front’. The Brahmins around him seem to have kept him insulated and are letting him to be seen as a lame horse! It is of paramount importance that he takes the people who gave him the power into his confidence by periodically going public and addressing them of the situation the nation faces – in front of the pandemic as well as international geo politics. The other world leaders do this so effectively – especially now during the Covid-19 pandemic!

    The matter of MCC should be public debate and not entirely in the realm of politicians in power, for MCC directly affects we the people! President’s inability to articulate the need for dual citizenship holder inclusion is a case in point. The lame excuse he has given has not made him look very great either! Over this matter the Opposition has been able to get even the Pohottuwa supporters on their side including the disgruntled and myopic Sangha. There are so many good reasons for including dual citizens in the process. This is taking into consideration the spread of well educated and experienced Sri Lankan diaspora throughout the world. If what the President has in mind is to attract such resources to his administration he can articulate that view and the people will understand.

    At the moment the consensus that is being built by the media is that the President is surrounded by self serving Brahmins and the wheels of his administration are stuck in quagmire of his own making. The sooner this situation is reversed the better it is for this new Gotabhaya administration.

    Those who forget the past are condemned to relive them – Santayana

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress