ෆයිසර් එන්නත, ධම්මික පැණිය හා විද්‍යාත්මක ක‍්‍රමය
Posted on January 5th, 2021

අශෝක අභයගුණවර්ධනඋපුටා ගැන්ම දිවයින

fea8 4

දේශීය වෛද්‍ය විද්‍යාවේ විසඳුම් කුණුබක්කියට යෑමට ප‍්‍රධානතම හේතුව නම් දේශීය වෛද්‍යවරුන්හට කොරෝනා රෝගීන් සමඟ කිසිදු විධිමත් පරීක්ෂණයක් කිරීමට අවස්ථාවක් නොතිබීමයි. අපේ රටේ කොරෝනා රෝගීන් පිළිබඳ සම්පූර්ණ වගකීම බටහිර වෛද්‍යවරුන් හට පැවරිණි. සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින ආයුර්වේද රෝහල් වල වත් මෙම රෝගීන්ට ප‍්‍රතිකාර කිරීමට ඉඩ දුන්නේ නැත.

කොරෝනා වෛරසය මහා විප්ලවයක් සිදුකර, මානව සමාජය යටත් කර ඇත. ඒ අතින් බැලූවිට කොවිඞ්-19 වෛරසය තාවකාලිකව හෝ වත්මන් ලෝකයේ ප‍්‍රබලයා බවට මේ වනවිට පත්වී හමාරය.

කොරෝනා වෛරසය නිසා දැන් මිනිසුන් හට අලූත් මාතෘකා රාශියක් ලැබී ඇත. මෙම ලිපිය මඟින් අවධානය යොමු කරන්නේ කොවිඞ්-19 නිසා ‘විද්‍යාව’ හා ‘මිථ්‍යාව’ පිළිබඳව, මතුවී ඇති විවාදය ගැනයි.

කොවිඞ් – 19 වෛරසයට ඇති උත්තරය මොකද්ද? පළමුවෙන්ම කීවේ ‘අපි ප‍්‍රවේසම් වෙමු’ කියාය. නමුත් ප‍්‍රවේසම් වෙලා කොවිඞ්-19 න් බේරෙන්නට ලේසි නැත. කොතරම් ප‍්‍රවේසම් වෙමු කියලා කිව්වත්

පසුගිය අවුරුද්ද පුරාම මුළු ලෝකය පුරාම වේගයෙන් කොරෝනා රෝගය පැතිර ගියේය.

බටහිර වෛද්‍ය විද්‍යාවේ විසඳුම

නවීන බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව කොවිඞ්-19 වෛරස් රෝගය සඳහා බෙහෙත් නැත. එම නිසා කළ හැකි වන්නේ නිව්මෝනියා තත්ත්වය දරුණු වන්නේ නම් රෝගියාට හුස්ම ගැනීමේ පහසු කිරීමට නවීන උපකරණ භාවිතා කිරීම පමණි. බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව තිබෙන එකම විසඳුම රෝගය ඇති වීමට පෙර එන්නතක් ලබාදීමයි. ඒ අනුව මෙම කොවිඞ්-19 වෛරස පිළිබඳව නවීන උපකරණ භාවිතයෙන් අධ්‍යනය කර එම වෛරසයට ළඟින් යන මින් පෙර හඳුනාගෙන තිබූ වෛරසයන්ට ලබාදුන් එන්නත් පිළිබඳ විමසා බලා ඇත. ඒ අනුසාරයෙන් ලොව පුරා විසිරී ඇති විවිධ සමාගම් රාශියක් විසින් පර්යේෂණයන් සිදුකර එන්නත් සොයා ගැනීමට කටයුතු කර ඇත. දැනටමත් සමාගම් කිහිපයක් ඒවායේ සාර්ථකත්වය හා ප‍්‍රගතිය පිළිබඳ ව ප‍්‍රසිද්ධියට පත් කර ඇත.

දේශීය වෛද්‍ය විද්‍යාවේ විසඳුම

දේශීය වෛද්‍ය විද්‍යාවට අනුව කොරෝනා රෝගය සෙම් රෝගී තත්ත්වයකි. වසර දහස් ගණනක් තිස්සේ විවිධ සෙම් රෝගයන්ට භාවිතා කළ විවිධ බෙහෙත් ඇසුරෙන් සුදුසු බෙහෙත් සිය ගණනක් ආයුර්වේද හා පාරම්පරික වෛද්‍යවරු පහුගිය කාලයේ ඉදිරිපත් කළේය. ඒ අනුව 2020 මාර්තු මාසය වනවිට එම ඖෂධ අතුරින් වඩාත් සුදුසු යැයි හැෙඟන බෙහෙත් 12 ක් ආයුර්වේද වෛද්‍ය සභාව මඟින් තෝරාගත් බව වාර්තා විය. ඒත් මේ වන තෙක් ඒ පිළිබඳව කිසිදු පරීක්ෂණයක් සිදු කර නැත. ආයුර්වේද දෙපාර්තමේන්තුව පැණියක් එළි දැක්වූ නමුත් එහි බලපෑම පිළිබඳ ව ද කිසිම පාලිත පරීක්ෂණයක් සිදු කර නැත. එම නිසා දේශීය විසඳුම් යෝජනා කණු බක්කියට වැටුණු අතර පිටරටින් එන එන්නත පිළිබඳව සියලූ දෙනා ඇස් දල්වා ගෙන සිටින තත්ත්වයක් උදාවී ඇත.

දේශීය වෛද්‍ය විද්‍යාවේ විසඳුම් කුණුබක්කියට ගියේ ඇයි?

දේශීය වෛද්‍ය විද්‍යාවේ විසඳුම් කුණුබක්කියට යෑමට ප‍්‍රධානතම හේතුව නම් දේශීය වෛද්‍යවරුන්හට කොරෝනා රෝගීන් සමඟ කිසිදු විධිමත් පරීක්ෂණයක් කිරීමට අවස්ථාවක් නොතිබීමයි. අපේ රටේ කොරෝනා රෝගීන් පිළිබඳ සම්පූර්ණ වගකීම බටහිර වෛද්‍යවරුන් හට පැවරිණි. සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින ආයුර්වේද රෝහල් වල වත් මෙම රෝගීන්ට ප‍්‍රතිකාර කිරීමට ඉඩ දුන්නේ නැත. එපමණක් නොව රෝගීන්ටත් තමන් බෙහෙත් ගතයුත්තේ බටහිර වෛද්‍යවරුන්ගෙන් ද නැතිනම් දේශීය වෛද්‍යවරයෙක් ගෙන් ද යන්න තීරණය කිරීමට අවස්ථාවක් නොලැබිණි. ඒ පිළිබඳ අවසන් තීරණය ගත්තේ රජයයි. රජය විසින් ඒ පිළිබඳ සම්පූර්ණ අයිතිය බටහිර වෛද්‍යවරු කිහිප දෙනෙක් හට ලබා දී ඇත.

මේ අතරතුර අලූත් වැඩක් කිරීමට කෑගල්ලේ ධම්මික කපු මහතාත් වතුපිටිවල කොරෝනා

රෝගීන්ගේ ප‍්‍රතිකාර මධ්‍යස්ථානයේ නිර්භීත වෛද්‍යවරුන් කිහිපදෙනෙකුත් කටයුතු කර ඇත. එය ඇත්ත වශයෙන්ම නිර්භීත මෙහෙයුමකි. තිබෙන සියලූ බැමි කඩා බිඳ දමමින් ව්‍යාජ විද්‍යාඥයින්

සියල්ලන්ගේම රෙදි ගලවමින් පාලිත පරීක්ෂණයක් ආරම්භ කිරීම, මේ කොරෝනා යුගයේ දියත් වූ සාර්ථකම ගරිල්ලා ප‍්‍රහාරය බව කිව හොත් එය නිවැරදිය. ඉන්පසු දෙබරයට ගල් ගැසුවා සේ විය. බොහෝ අය බෙහෙත සොයන්නට විය. සෙසු අය ධම්මික මහතාගේ පැටිකිරිය හොයන්නට විය. ගල් හා මල් දසතින් එන්නට පටන් ගෙන තිබේ. මාධ්‍යවල ප‍්‍රධාන මාතෘකාවක් බවට පත්විය. එහෙත් එය අවුල් ජාලක් පමණක් වී ඇත.

එපමණක් නොව ශ‍්‍රී ලංකාවේ බටහිර වෛද්‍යවරුන් විසින් දේශීය ඖෂධ තහනම් කළ ද වෙනත් රටවල ශාක සාර වලින් තැනූ ඖෂධ තහනම් නැති හෙයින් ඩුබායි ආදී රටවල වාසය කරන ශ‍්‍රී ලාංකිකයන් ලංකාවේ පාරම්පරික වෛද්‍යවරුන් ගේ බෙහෙත් එම රටවලට ගෙන්වා ගෙන සාර්ථක ලෙස භාවිතා කර ඇති බව ද වාර්තා වී ඇත.

කළයුතුව ඇත්තේ කුමක්ද?

කොරෝනා වෛරසයට අදාළව ඉදිරිපත් වී ඇති ප‍්‍රතිකාර ක‍්‍රම වල සත්‍යඅසත්‍යභාවය, බටහිර වුවත් පෙරදිග වුවත් දේශීය වුවත් කවර දැනුම් පද්ධතියකට එනම් කවර පැරඩයිමයකට අයත් වුවත් ඉතා සරල පාලිත පරීක්ෂණයකින් විමසා බැලිය හැකිය. එබැවින් සිදු කළයුතුව නිවැරදිව සැලසුම් කළ පාලිත පරීක්ෂණයකි. එහි පළමු පියවර වතුපිටිවල වෛද්‍යවරුන් විසින් නිවැරදිව සිදු කර ඇත. වතුපිටිවලින් මහරගම රෝහලට ඡුක්‍ඍ සඳහා ලබාදුන් සාම්පල වල ප‍්‍රතිඵල ලැබිණි. එහි ප‍්‍රතිඵල 100%ක් ම සාර්ථක බව වාර්තා විය. නමුත් ජාතික රෝහලට ලබාදුන් සාම්පල වල ප‍්‍රතිඵල ලබා නොදිණි. එය ඉදිරියට ගෙනයාම සඳහා කළයුතුව ඇත්තේ නැවැත්වූ තැන සිට විධිමත් පාලිත පරීක්ෂණයක් සිදු කිරීම පමණි. පාලිත පරීක්ෂණය පියවර කිහිපයකින් සුදු කළ යුතුය.

පළමු පියවර – බෙහෙත් වල ඇති දේ විමසා බැලීම

පළමුව පරීක්ෂණය සඳහා යොදාගන්නා බෙහෙත් මොනවාද යන්න විමසා බැලිය යුතුය. බටහිර වෛද්‍ය විද්‍යාව මත පදනම් වූ ඖෂධයක් නම් පළමුව එහි අන්තර් ගත දේවල් පරීක්ෂා කර බලා එහි ශරීරයට අහිතකර විය හැකිදේ ඇති දැයි විමසා බැලිය යුතුය. ඒ බටහිර වෛද්‍ය විද්‍යාවට දීර්ඝ ඉතිහාසයක් නැති නිසාය. නමුත් දීර්ඝ ඉතිහාසයක් ඇති ලෝකයේ පාරම්පරික වෛද්‍ය ක‍්‍රම වලට එවැනි පරීක්ෂණයක් කිරීමට අවශ්‍ය නැත. පාරම්පරික ඖෂධ වලදී ඒ සඳහා භාවිතා කළ අමුද්‍රව්‍ය හා අනුගමනය කළ ක‍්‍රමවේදයන් වසර ගණනාවක් තිස්සේ තහවුරු වූ ක‍්‍රමවේදයන් ද යන්න විමසා බැලිය යුතුය. එම ඖෂධ වසර දහස් ගණනක් තිස්සේ භාවිතා කළ ඖෂධ වල සංයෝජනයක් නම් පළමු පියවර අවශ්‍ය නැත. ඒ අනුව දැනටමත් ආයුර්වේද වෛද්‍ය සභාව විසින් තෝරා ගෙන ඇති දේශීය ඹෟෂධ 12 දෙවන පියවර සඳහා සුදුසුකම් ලබා ඇත.

දෙවන පියවර – සතුන් සමඟ කරන පරීක්ෂණ

බටහිර ඖෂධයක් නම් ඒ පිළිබඳ දීර්ඝ ඉතිහාසයක් නැති නිසා සුදුසු සතුන් යොදාගෙන පරීක්ෂණයක් සිදු කළ යුතුය. නමුත් මෙවර නම් සියලූ ආචාර ධර්ම උල්ලංඝණය කරමින් බටහිර එන්නත සතුන් සමඟ කරන අත්හදා බැලීම වෙනුවට ඍජුවම මිනිසුන් සමඟ මෙම පරීක්ෂණය සිදුකර ඇත. එනම් මිනිසුන් සතුන් ලෙස සලකා මිනිසුන් සමඟ එන්නත අත්හදා බැලීමට කටයුතු කර ඇත.

එහෙත් ආයුර්වේදය මත පදනම් වූ ඖෂධ වලට එම ප‍්‍රශ්නය නැත. ඉතා දීර්ඝ ඉතිහාසයක් තිබෙන නිසා එම බෙහෙත් වලට කෙළින්ම තෙවන පියවර වෙත යා හැකිය.

තෙවන පියවර – නියැදි සැලසුම් කිරීම

බෙහෙත් වල සාර්ථකත්වය තහවුරු කර ගැනීමට නම් කොරෝනා රෝගයේ තිබෙන විවිධ අවස්ථා ආවරණය කිරීම සඳහා රෝගීන් ගේ නියැදි (සාම්පල) හඳුනාගැනීම අවශ්‍ය වේ.

ඒ අනුව රෝග ලක්ෂණ බරපතළව ඇති රෝගීන්

– විවිධ නිදන්ගත රෝග වලින් පෙළෙන රෝගීන් ද ඇතුළත් වන පරිදි

රෝග ලක්ෂණ බරපතළ නොවන රෝගීන්

රෝග ලක්ෂණ නොමැති එහෙත් PCR පරීක්ෂණ මඟින් ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති විවිධ දින ගණන් ප‍්‍රමාණයන් සම්පූර්ණ වී ඇති රෝගීන්

රෝගය ආසාදනය වී නොමැති අය

අවාසනාවකට රජයේ අ¥ර්දර්ශී ක‍්‍රියාකලාපය නිසා කොරෝනා රෝගීන් පිළිබඳ සම්පූර්ණ වගකීම බටහිර වෛද්‍යවරුන්ට පැවරූ බැවින් දේශීය ප‍්‍රතිකාර සඳහා මෙම සාම්පල ලබා ගැනීමට නොහැකි විය. නමුත් බටහිර වෛද්‍යවරු හා රෝගීන් හොරාට හොරාට දේශීය ඖෂධ ලබාගත් බව වාර්තා විය. දැන් රෝගීන්

විශාල සංඛ්‍යාවක් සිටින නිසා සහ දැනටමත් 200 කට වඩා රෝගීන් පිරිසක් කොරෝනා නිසා ලංකාවේ මියගොස් ඇති බැවින් මෙම පාලිත පරීක්ෂණය වහා කළ යුතුය. ස්වෙච්ඡුාවෙන් ඉදිරිපත් වන විවිධ මට්ටම් වල සිටින රෝගීන් සිටින නිසා මෙම සාම්පල සඳහා ලබා ගැනීමේ කිසිදු අපහසුවක් නැත. නිරෝගී අය සඳහා පාලිත පරීක්ෂණයක් කිරීම දුෂ්කරය. ඒ නිසා කළ හැකි වන්නේ නිරෝධායනයට ලක්ව සිටින කොරෝනා රෝගීන්ගේ ආශ‍්‍රිතයන් මෙම පරීක්ෂණය සම්බන්ධ කර ගැනීමයි.

පාලිත පරීක්ෂණය සඳහා තෝරාගත් බෙහෙත් ලබාදීම සඳහා ඒ ඒ කාණ්ඩ වලට අයත් රෝගීන් කණ්ඩායම් කළ යුතු වේ. එමෙන්ම සංසන්දනය සඳහා එම බෙහෙත් ලබා නොදෙන කණ්ඩායමක් බැගින් ද සිටිය යුතුවේ. පාලිත පරීක්ෂණය ආරම්භයේ දී හා නියමිත දින ගණනට පසුව ඡුක්‍ඍ පරීක්ෂණ සිදුකර ප‍්‍රතිඵල නිරීක්ෂණය කළ යුතුය.

සිව්වන පියවර – පරීක්ෂණය සිදු කර නිගමන ප‍්‍රකාශයට පත් කිරීම

පාලිත පරීක්ෂණ පවත්වා එම පරීක්ෂණයේ ප‍්‍රතිඵල අධ්‍යනය කර නිගමන වලට එළඹ සාර්ථක ඖෂධයක් වේ නම් ඒවා භාවිතයට නිර්දේශ කිරීමයි. සාමාන්‍යයෙන් නම් බෙහෙත් වලින් අතුරු ආබාධ හා සංකූලතා මතුවේදැයි සැලකියයුතු කාලයක් පරීක්ෂා කළ බැලිය යුතුවේ. නමුත් වසර දහස් ගණනක් තිස්සේ සාර්ථකව භාවිතා කර ඇති දේශීය ඖෂධ වල නම් අතුරු ආබාධ සංකූලතා මතු නොවේ.

වතුපිටිවල වෛද්‍යවරුන් විසින් මෙම ක‍්‍රමවේදය ඉතා නිවැරදිව සිදු කර ඇති බවට වාර්තා විය. එහිදී රෝග ලක්ෂණ නොමැති නමුත් ඡුක්‍ඍ පරීක්ෂණ වලින් ධන ප‍්‍රතිඵල ලැබූ රෝගීන් පිරිසක් සමඟ ධම්මික පැණිය පමණක් භාවිතා කරමින් එම පරීක්ෂණය සිදු කර ඇත.

දැන් කළ යුතුව ඇත්තේ තෝරාගෙන ඇති පාරම්පරික දේශීය ඖෂධ සඳහා මෙම පාලිත පරීක්ෂණය සම්පූර්ණ ලෙස වහාම සිදුකිරීමයි. එමගින් මෙම බෙහෙත් වල ඇත්තටම ගුණයක් ඇත්තේ දැයි විමසා බලා බෙහෙත් හරි නම් වහාම නිෂ්පාදනය මහා පරිමාණයෙන් සිදු කිරීමට ද බෙහෙත්වල ගුණයක් නැතිනම් ඒ පිළිබඳ ඇති දුර්මත දුරු කිරීමට ද හැකිවේ. අනෙක් අතට බෙහෙත සාර්ථක නම් ඒ සඳහා ජාත්‍යන්තර වෙළඳපොළක් නිර්මාණය වන බවද අමතක නොකළ යුතුය. බටහිර වෛද්‍යවරුන්, ආයුර්වේද වෛද්‍යවරුන් හා පාරම්පරික වෛද්‍යවරුන් අතර ඇති කඹ ඇදිල්ල ද මෙම පාලිත පරීක්ෂණය හරහා විසඳිය හැකිය. මේ සඳහා විශාල පිරිවැයක් වැයවන්නේ නැත. එය පිටරටින් එන්නත් ගෙන්වීම මෙන් සංකීර්ණ ක‍්‍රියාවලියක් ද නොවේ. ශ‍්‍රී ලංකාවේ දිනපතා සියගණනක් රෝගීන් වාර්තා වන බැවින් හා දිනපතා කොරෝනා රෝගයෙන් මිනිසුන් මිය යන බැවින් මෙම පාලිත පරීක්ෂණය වහාම සිදු කළ යුතුය. ඒ අනුව මෙම පාලිත පරීක්ෂණය සති දෙකක් ඇතුළත සිදු කළ හැකිය.

වගකිව යුතු දේශපාලඥයින් මේ සම්බන්ධයෙන් යහපත් මතයක සිට අදහස් දක්වද්දීත් මෙම පාලිත පරීක්ෂණය ප‍්‍රමාද වීම ගැටලූ සහගතය. මෙම පාලිත පරීක්ෂණය ප‍්‍රමාද කිරීම නිසා දිනපතා රෝගීන් මිය යන බව අමතක නොකළ යුතුය; දිනපතා සියගණනක් අලූතින් පිරිසක් රෝගී වන බව අමතක නොකළ යුතුය; කොරෝනා රෝගය නිසා රටේ ආර්ථික ක‍්‍රියාවලිය බිඳවැටීම නිසා කෝටි සංඛ්‍යාත ජනතාවගේ ජනජීවිතය ව්‍යාකූල වී ඇති බව අමතක නොකළ යුතුය. එපමණක් නොව මෙම පාලිත පරීක්ෂණය නොකර සිටීම නිසා රට වෙනත් අයුරකින්ද අනතුරකට ලක් වී ඇත. ඇත්තටම මෙම දේශීය ඖෂධ වල කිසිම ගුණයක් නොමැති නම් කුමක් සිදුවේද? ජනතාව ඒ බව නොදැන පොරකමින් දේශීය බෙහෙත් ගැනීමට යාමෙන් තත්ත්වය තවතවත් දරුණු විය හැකිය. එහි වගකීම ද රජයට බාර ගැනීමට සිදුවේ. පිටරට එන්නත් මෙරටට ගෙන්වන්නට වගකිවයුත්තන් දක්වන උනන්දුව මෙම පාලිත පරීක්ෂණය සඳහා නොදැක්වීම පිටුපස ඇති අභිරහස කුමක්ද? මෙම පාලිත පරීක්ෂණය සිදු කිරීමේ වගකීම දේශීය වෛද්‍ය විද්‍යාව පිළිබඳ කිසිවක් නොදන්නා බටහිර වෛද්‍යවරු කිහිප දෙනෙකුට පැවරීම සම්පූර්ණයෙන්ම වැරදිය.

අශෝක අභයගුණවර්ධන

3 Responses to “ෆයිසර් එන්නත, ධම්මික පැණිය හා විද්‍යාත්මක ක‍්‍රමය”

  1. Ratanapala Says:

    Those who are in the know should explain as to how proper clinical studies are conducted before allowing medications to be used among the public. It is obvious from what is happening in Sri Lanka that there should be a scientific way to ascertain the efficacy of the proposed drug – Dhammika Paniya and other similar formulations. I have attached below a brief explanation I picked up from the internet just to open up the subject. Hope somebody will find it useful.

    Double-Blind, Placebo-Controlled Clinical Trial Basics
    By Adrienne Dellwo

    A clinical trial is one that involves human participants and seeks to answer specific questions about a type of medical intervention. This can be a drug or other type of treatment, such as nutritional changes or massage.

    Double Blind

    In the context of a clinical trial, double-blind means that neither the patients nor the researchers know who is getting a placebo and who is getting the treatment. Because patients don’t know what they’re getting, their belief about what will happen doesn’t taint the results. Because the researchers don’t know either, they can’t hint to patients about what they’re getting, and they also won’t taint results through their own biased expectations about what the results will be.

    If researchers do know who’s getting the treatment but the participants do not, it’s called a single-blind trial.

    Placebo and Control Groups

    A placebo is an inactive substance (often a sugar pill) given to a patient in place of medication. In drug trials, a control group is given a placebo while another group is given the drug (or other treatment) being studied. That way, researchers can compare the drug’s effectiveness against the placebo’s effectiveness.2
    Placebo-controlled refers to a control group receiving a placebo. This sets it apart from studies that simply give participants treatment and record the results.

    Double-Blind Placebo-Controlled Clinical Trial

    Thus, a double-blind, placebo-controlled clinical trial is a medical study involving human participants in which neither side knows who’s getting what treatment and placebo are given to a control group.

    Before getting to this stage, researchers often perform animal studies, clinical trials not involving a control group, and single-blind studies.The highest-quality studies are also randomized, meaning that subjects are randomly assigned to placebo and intervention groups. The acronym DBRCT is commonly used for these types of studies.

  2. Geeth Says:

    මිහිමත ජීවීන්ගේ පැවැත්මට අත්‍යවශ්‍ය සාධක දෙකක් තිබෙනවා. ඒ තමයි ආහාර සහ ජලය. මේ සාධක දෙක සුලභ නම්, සුරක්ෂිත නම්, අනෙකුත් සාධක නොමැතිව උනත් මිහිමත ජීවී පැවැත්මේ සුරක්ෂිත බව සහතික කල හැකියි. ජලයේ හා ආහාර සැපයුමේ සුරක්ෂිතතාව ගෝලීයකරණය මුවාවෙන් බහු ජාතික සමාගම් විසින් ඇත පත් කර ගැනීමේ ව්‍යාපාරයක් අද වන විට දියත් වෙලා තියෙනවා.

    කොවිඩ්-19 පිළිබඳව විවිධ මති මතාන්තර පලවෙමින් තිබේ. ඇතැමුන් සිතන්නේ මෙය ලෝකය පාලනය කරන ධනවතුන් මෙහෙයවන රහස් සංවිධානයකින් මුදා හරින ලද්දක් බවය. ඊට හේතුව 9-11 සිදුවීමෙන් පසු ඔවුන් ලෝකයේ නීති රීති තමනට රිසි පරිදි වෙනස් කර ගත්තාක් මෙන්, කොවිඩ් හරහා දෙවන වටයටත් ලෝකය වෙනස් කිරීම දැනටමත් ආරම්භ කර ඇති නිසාවෙනි. 9-11 සිදුවීමත් සැබවින්ම ඇතුලතින් සිදුවූ දෙයක් බව විද්වතුන් සිතන අතර, මේ පිළිබඳව පරීක්ෂණ පැවැත්වූ ස්වාධීන පරීක්ෂණ කණ්ඩායම විසින් සොයාගත් කරුණු දැඩි පරිශ්‍රමයකින් සමාජ ගතවීම වලක්වන ලදී. මන්ද, ගොඩනැගිල්ලේ පාදම පුපුරුවා හැර තිබු බවත් ඒ වටා පුපුරන ද්‍රව්‍ය වල අවශේෂ residues තිබු බවත් මේ පරීක්ෂණ කණ්ඩායම සොයා ගැනීමත් මෙම ගොඩනැගිල්ලේ කඩා වැටීම Controlled Demolition කියන ක්‍රමය භාවිතා කොට, පුපුරන ද්‍රව්‍ය යොදා කරන ලද්දක් බව ප්‍රකාශ කරන ලදී.

    දැන් කොවිඩ්-19 ගැනත් විද්වතුන් විසින් එවැනි සැකයක් මතු කර තිබෙන්නේ මෙවරත් ආපසු හැරවිය නොහැකි ලෙස ලෝකය වෙනස් කිරීම දැනටමත් ආරම්භ කර ඇති නිසාවෙනි.

    අචාර්ය. Paul Craig Roberts රොනල්ඩ් රේගන් රජයේ ආර්ථික උපදේශකයකු වූ අතර මෑතක් වනතෙක් ඔහු ධනවාදය පිලිබද විශ්වාසයෙන් සිටියද දැන්දැන් ඒ පිළිබඳව අවිශ්වාසයෙන් හා එරෙහිව අදහස් පල කරන්නෙකි. පහත සඳහන් ලිපිය ඊට උදාහරණයකි.

    https://www.paulcraigroberts.org/2021/01/05/covid-is-an-orchestration-for-serving-an-agenda-the-destruction-of-freedom/

  3. Geeth Says:

    Please discard the previous comment. This is the correct one.

    කොවිඩ්-19 පිළිබඳව විවිධ මති මතාන්තර පලවෙමින් තිබේ. ඇතැමුන් සිතන්නේ මෙය ලෝකය පාලනය කරන ධනවතුන් මෙහෙයවන රහස් සංවිධානයකින් මුදා හරින ලද්දක් බවය. ඊට හේතුව 9-11 සිදුවීමෙන් පසු ඔවුන් ලෝකයේ නීති රීති තමනට රිසි පරිදි වෙනස් කර ගත්තාක් මෙන්, කොවිඩ් හරහා දෙවන වටයටත් ලෝකය වෙනස් කිරීම දැනටමත් ආරම්භ කර ඇති නිසාවෙනි. 9-11 සිදුවීමත් සැබවින්ම ඇතුලතින් සිදුවූ දෙයක් බව විද්වතුන් සිතන අතර, මේ පිළිබඳව පරීක්ෂණ පැවැත්වූ ස්වාධීන පරීක්ෂණ කණ්ඩායම විසින් සොයාගත් කරුණු දැඩි පරිශ්‍රමයකින් සමාජ ගතවීම වලක්වන ලදී. මන්ද, ගොඩනැගිල්ලේ පාදම පුපුරුවා හැර තිබු බවත් ඒ වටා පුපුරන ද්‍රව්‍ය වල අවශේෂ residues තිබු බවත් මේ පරීක්ෂණ කණ්ඩායම සොයා ගැනීමත් මෙම ගොඩනැගිල්ලේ කඩා වැටීම Controlled Demolition කියන ක්‍රමය භාවිතා කොට, පුපුරන ද්‍රව්‍ය යොදා කරන ලද්දක් බව ප්‍රකාශ කරන ලදී.

    දැන් කොවිඩ්-19 ගැනත් විද්වතුන් විසින් එවැනි සැකයක් මතු කර තිබෙන්නේ මෙවරත් ආපසු හැරවිය නොහැකි ලෙස ලෝකය වෙනස් කිරීම දැනටමත් ආරම්භ කර ඇති නිසාවෙනි.

    අචාර්ය. Paul Craig Roberts රොනල්ඩ් රේගන් රජයේ ආර්ථික උපදේශකයකු වූ අතර මෑතක් වනතෙක් ඔහු ධනවාදය පිලිබද විශ්වාසයෙන් සිටියද දැන්දැන් ඒ පිළිබඳව අවිශ්වාසයෙන් හා එරෙහිව අදහස් පල කරන්නෙකි. පහත සඳහන් ලිපිය ඊට උදාහරණයකි.

    https://www.paulcraigroberts.org/2021/01/05/covid-is-an-orchestration-for-serving-an-agenda-the-destruction-of-freedom/

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress