ගල් මුල් මැද ධම්මික පැණිය තවත් ඉදිරියට.. ජ’පුර සරසවියෙනුත් පර්යේණ වාර්තාවක්.. ඇසුරුම්කර බෙදා හැරීම සූදානම් කෙරේ.
Posted on January 7th, 2021

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

කොරෝනා මර්ධනය සදහා තමන් විසින් හදුන්වා දුන් ඖෂධය ගැන ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් පර්යේෂණයක් සිදු කර ඇති බව කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා සදහන් කරයි.

නමුත් පර්යේෂකයන්ගේ ඉල්ලීම මත දැනට එම වාර්තා ප‍්‍රසිද්ද නොකරන බවද ඒ මහතා කියා සිටියේ එකී පර්යේෂණ වාර්තාවද පෙන්වමිනි.

https://www.facebook.com/watch/?v=408379460590899&t=19

තම ඖෂධයට බටහිර වෛද්‍යවරුන් හා සෞඛ්‍ය නිලධාරීන් අකමැති බවක් පෙනෙන්නට ඇතැයිද ඔහු පැවසීය.

ඔහු මේ බව සදහන් කරන ලද්දේ තම නිවසේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress