සුදර්ශනී හමුවූ වලලන කමිටුව හොර එකක්.. එවන් කමිටුවක් නෑ.. පුච්චන කමිටුව විතරයි..- ඇමතිනී පවිත‍්‍රා
Posted on January 7th, 2021

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

කොරෝනා ආසාදනයෙන් මිය යන පුද්ගලයන්ගේ මෘතදේහ භූමදානය කර නේද ආදානය යන්න විමර්ශනය කිරීමට පත් කළ කමිටුවේ නිර්දේශ වී ඇත්තේ ආදාහනය කිරීම බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කරයි.

එහිදී ආගමික දේශපාලන හෝ වෙනත් හේතු නොසලකන බවද ඇය පැවසීය.

ඇය මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේදී අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලෙසයි.

සෞඛ්‍ය අමාත්‍යංශයේ තවත් කමිටුවකින් භූමදානය නිර්දේශ කර තිබේදැයි විපක්ෂයේ මන්ත්‍රීවරුන් කළ විමසීමක ඇය කියා සිටියේ එහ කමිටුව ප්‍රධාන කමිටුව නොවන බවයි.

වෛරස විශේශඥයන් කිහිප දෙනෙකු විසින් සිය මතය රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ මහත්මිය වෙන ඉදිරිපත් කර තිබූ බවත් තමන්ද එය ලිඛිතව බාර ගෙන ප්‍රධාන කමිටුවට යොමු කළ බවද ඇය සඳහන් කළාය.

එම කණ්ඩායම සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ මහත්මිය මුණ ගැහුනේ නිල නොවන වශයෙන් බව ද ඇමතිනිය සඳහන් කළාය.

කෙසේ නමුත් ඔවුන්ගේ මතය ද ප්‍රධාන කමිටු වෙත දැනුම් බවත් ප්‍රධාන කමිටුවේ තීරණයක් තවදුරටත් ක්‍රියාත්මක වන බවත් ඇය තව දුරටත් කියා සිටියාය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress