ඌන සේවා උපාධිධාරීන් හා විදෙස් උපාධිධාරී පදනම තම ප්‍රතික්ෂේප කර ඇති උපාධිධාරීන් පිළිබඳ රජයේ ස්ථාවරය කඩිනමින් අපේක්ෂා කරමු
Posted on January 12th, 2021

උපාධිධාරී ජාතික මධ්‍යස්ථානය.

ගරු ජනාධිපති,
ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා,
ජනාධිපති ලේකම් කාර්යාලය,
කොළඹ 01.

ගරු ජනාධිපතිතුමනි,

සංවර්ධන නිලධාරී තනතුරට උපාධිධාරීන් බඳවාගැනීමේ දී ඌන සේවා උපාධිධාරීන් හා විදෙස් උපාධිධාරී පදනම තම ප්‍රතික්ෂේප කර ඇති උපාධිධාරීන් පිළිබඳ රජයේ ස්ථාවරය කඩිනමින් අපේක්ෂා කරමු.

සංවර්ධන නිලධාරී තනතුර සඳහා උපාධිධාරීන් බඳවා ගැනීමේ දී ඌන සේවා උපාධිධාරීන් ඉවත් කිරීම හා විදෙස් උපාධි පදනමින් ශ්‍රී ලාංකීය උගත් බුද්ධිමත් ප්‍රජාවක් නොසලකා හැරීමකට ලක්ව ඇති බව පළමුව ගරු ඔබතුමාගේ විශේෂ අවධානයට යොමු කරමු.

රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවාවන්වල රාජ්‍ය හා පළාත් සේවයේ උපාධි සුදුසුකම් සහිත තනතුරු වල නොවන උපාධිධාරීන් දැනට රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවයට අදාළ උපාධිය අධ්‍යාපන සුදුසුකම් ලෙස සලකා බඳවා ගැනීමේ මුල් තනතුරක් ලෙස ඇතුල් වීමට හැකිව ඇත්තේ සංවර්ධන නිලධාරී තනතුර සඳහා . නමුත් අද වන විට එම ඌන සේවා උපාධිධාරීන් සඳහා එම ඉඩකඩ අහිමිව ඇත.

2.
උපාධිධාරීන්ට රැකියා ලබාදීම සඳහා වන වැඩ පිළිවෙල දියත්වන කාල සීමාවන් මෙතෙක් පැවති ආකාරයට ආසන්න වශයෙන් වසර 05 න් 05 වීම හේතුවෙන් අධ්‍යාපන සුදුසුකම ලෙස උපාධි ලබාගන්නා පිරිස් කම්කරු, සනීපාරක්ෂක, අරක්කැමි, මුරකරු ඇතළු වැටුප් චක්‍රලේක අනුව ප්‍රාථමික වැටුප් තලයේ සිට කළමණාකරන වැටුප් තලය දක්වා විවිධ රැකියාවන් සඳහා ඇතුළත් වීම සුලභ තත්වයකි.

3.
උපාධිධාරීන්ගේ පවුල් පසුබිම් තුළ පවතින ආර්ථික ගැටළු හා වෙනත් සමාජීය ගැටළු හේතුවෙන් උපාධියක් තිබියදී ජීවත්වීම සඳහා කුමන හෝ රැකියාවකට යෑම ඔවුනට අනුව අනිවාර්ය වී ඇත.

04.
තමන් රාජ්‍ය සේවයේ නියැලෙන රැකියා අවස්ථාවට වඩා තමන් සතු ඉහළම අධ්‍යාපන සුදුසුකමට ගැළපෙන තනතුරක් සඳහා ඇතුල්වීමේ අවස්ථාව තිබිය යුතුයැයි පිළිගන්නා අප, ඌන සේවා උපාධිධාරීන්ට තමන් දැනට නියැලෙන රැකියාවට යෑමට පෙර හෝ පසුව ලබාගෙන ඇති උපාධියට සරිලන රැකියා අවස්ථාවක් හිමිකර ගැනීම සඳහා රජයේ පැහැදිලි වැඩ පිළිවෙලක් පැවතිය යුතුය.

05.
ඌන සේවා උපාධිධාරීන් අතරින් කැමති හා අවශ්‍ය උපාධිධාරීන්ට ව්‍යවස්ථාව යටතේ සංවර්ධන නිලධාරී සෘජු බඳවාගැනීමක් සඳහා හෝ, අනුපාත (කෝටා) බඳවාගැනීමක් සඳහා හෝ, උපාධියට ගැළපෙන තනතුරකට හා වැටුප් තලයකට අන්තර්ග්‍රහණය කිරීමක් යන වඩා සුදුසු හා විද්‍යාත්මක ක්‍රමවේදයක් මඟින් ඌන සේවා උපාධිධාරීන්ට සාධාණය ඉටුවිය යුතු බව යෝජනා කරමු.

06. 2021.01.11
පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී දැනට රඳවා තබා ගැනීමේ නාම ලේඛනයේ නම් සඳහන් 600 පමණ ඌන සේවා උපාධිධාරීන් බඳවා ගැනීමට ගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය එකඟ වූ බව සමාජ මාධ්‍යජාලා වල ප්‍රචාරය වෙමින් පවතී. කෙසේ වෙතත් උක්ත පිරිස 2021.02.01 දිනට බඳවා ගැනීම සඳහා විධිමත් නිසි පටිපාටිය අනුව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයාට හා පළාත් ලේකම්වරුන්ට කඩිනමින් ලිඛිතව දැනුම් දීම.

07. 2018
හා 2019 වර්ෂවල බඳවා ගැනීමේ දී පැවති තීරණවල හා සම්මුඛ පරීක්ෂණවල ගැටළුකාරී තත්වයන් මත ආසන්න වයස් සීමාවන් වල සිටි උපාධිධාරීන් පිරිසකට මුළු ජීවිත කාලය පුරාම මුහුණ දීමට සිදු වන අසාධාරණයක් සිදුව ඇති බැවින් 2020 උපාධිධාරීන් බඳවා ගැනීමේ දී ජනාධිපති ලේකම් කාර්යාලය හා රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය වෙත වාර්තා වී ඇති උක්ත ගැටළුව මත උපරිම වයස් සීමාව අවුරුදු 45 ගැටළුවට මුහුණ දී ඇති සීමිත උපාධිධාරීන් පිරිසට සාධාරණයක් ඉටුකරදීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමු කර සහනයක් ලබා දීම.

08.
ශ්‍රී ලංකා රජය විසින් ලියාපදිංචි කර උපාධි පාඨමාලා අවස්ථා ප්‍රධානය කර ඇති ශ්‍රී ලංකාවේ පිහිටි අර්ධ රාජ්‍ය හා පෞද්ගලික විශ්ව විද්‍යාල මෙන් ශ්‍රී ලංකාවේ පිහිට විදෙස් විශ්ව විද්‍යාල ශාඛා මඟින් පිරිනමන උපාධිය සහිත ලාංකීය විශාල උපාධිධාරී පිරිසකට සංවර්ධන නිලධාරීන් බඳවා ගැනීමේ දී මතුව ඇති ප්‍රතිපත්තිමය කරුණු මත පිරිසක් ගැටළුවකට මුහුණ දී සිටීම.

09.
විදෙස් උපාධි සහිත වෛද්‍යවරුන්, නීතිවේදීන්, ඉංජිනේරුවරුන් ඇතුළු විවිධ වෘත්තිකයන් රාජ්‍ය සේවයට මෙන්ම රාජ්‍ය ආයතන මෙහෙයවීම දක්වා සිය වෘත්තීය වගකීම් ඉටු කරන තත්වයක් තුළ Foreign හා NO UGC පදනමින් සංවර්ධන නිලධාරී තනතුරට බඳවාගැනීමේ දී රජයේ තීරණය මත එවන් පිරිසක් ප්‍රතික්ෂේප වීමකට ලක්ව පැවතීම.

8.
උක්ත කාණ්ඩවලට අයත්වන්නේ විදේශීය උපාධිධාරීන් නොවන බවත් පෙන්වා දෙන අතර ඔවුන් සියලූ දෙනා ශ්‍රී ලාංකීය පුරවැසියන් වන අතර අපේ රටේ දෙමව්පියන්ගේම දරුවන් බවද සැලකිය යුතුව ඇත.

රැකියා විරහිත උපාධිධාරීන් රැකියාගත කිරීම 2020 වැඩ සටහන යටතේ අයදුම්පත් යොමු කර 2020.09.15න් පසු අභියාචනා සලකා බැලීමේ ක්‍රියාවලිය අනුව රඳවා තබා ගැනීමේ නාම ලේඛනයේ නම් සඳහන් ඌන සේවා උපාධිධාරීන්ට පිළිගතහැකි විසඳුමක් ලබා දීම හා ඌන සේවා උපාධිධාරීන්ට රාජ්‍ය/ පළාත් රාජ්‍ය සේවය තුළ උපාධියට සුදුසු අවම රැකියා අවස්ථාව සඳහා ප්‍රවේශවීමේ ප්‍රතිපත්තිමය වෙනස්කම් සිදු කිරීමද, Foreign / NO UGC පදනම මත රැකියා වලින් පිටමං වන අපේ රටේ උපාධිධාරීන්ට රාජ්‍ය සේවයට මෙන්ම රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට දායක කර ගත හැකි අර්ධ රාජ්‍ය අංශය හා පෞද්ගලික අංශයේ පිළිගත් වැඩ පිළිවෙලක් සකස් කර ක්‍රියාත්මක කිරීම ඇතුළු ඉල්ලීම් අපි රජයට ඉදිරිපත් කරමුු.

මේ පිළිබඳව ගරු ඔබතුමා ඇතුළු වත්මන් ආණ්ඩුවෙන් සාධනීය පිළිතුරක් අපේක්ෂා කරමු.

ස්තූතියි.

මෙයට,
චන්දන සූරියආරච්චි
කැඳවුම්කරු,
උපාධිධාරී ජාතික මධ්‍යස්ථානය.  

සම්බන්ධීකරණය071 81 78 268
Coordinating – +9471 81 78 268

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress