ශිෂ්‍යත්ව සමතුන් නොසලකා රුවන්වැල්ල රාජසිංහ ජාතික පාසලට දේශපාලකයින් සිසුන් ඇතුලත් කිරීමට කරන බැලපෑම් සම්බන්ධව.
Posted on January 26th, 2021

ලංකා ගුරු සේවා සංගමය.

ගරු අධ්‍යාපන අමාත්‍ය,
ජී.එල්. පිරීස් මහතා,
අධ්‍යාපන අමාත්‍යංශය,
බත්තරමුල්ල.

අමාත්‍යතුමනි,

ශිෂ්‍යත්ව සමතුන් නොසලකා රුවන්වැල්ල රාජසිංහ ජාතික පාසලට
දේශපාලකයින් සිසුන් ඇතුලත් කිරීමට කරන බැලපෑම් සම්බන්ධව.

    2021 වර්ෂය සඳහා රුවන්වැල්ල රාජසිංහ ජාතික පාසලේ 6 ශ්‍රේ‚ය සඳහා සිසුන් ඇතුලත් කර ගැනීමේ දී 169 ක් වු මෙවර ශිෂ්‍යත්ව කඩඉම් ලකුණ මත සිසුන් ඇතුලත් කර ගැනීමට උපදෙස් දෙනු වෙනුවට අධ්‍යාපන ලේකම් විසින් පාසල අවට දේශපාලන හිතවතුන්ගේ දරුවන් 73 ක් ඇතුලත් කිරීමට බලපෑම් කරන බව වාර්තා වේ. 5 ශ්‍රේ‚ය ශිෂ්‍යත්ව සමත් සිසුන්ට ඇති අවස්ථා අහුරමින් මේ ආකාරයෙන් දේශපාලන හිතවතුන්ගේ දරුවන් ඇතුලත් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය සෘජු ව මැදිහත් වීම දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිමු.

02ග මෙහිදී අධ්‍යාපන ලේකම්වරයා විසින් අදාළ පාසලේ විදුහල්පතිවරයාට මෙම සිසුන් ඇතුලත් කර ගන්නා ලෙස දුරකථනයෙන් කතා කර බලපෑම් කර ඇති අතර අතිරේක ලේකම් (පාසල් කටයුතු) විසින් පාසලට ගොස් මෙම සිසුන් ඇතුලත් කර ගන්නා ලෙස බලපෑම් කරමින් ලොග් සටහනක් තබා ඇති බව ද අප සංගමයට වාර්තා වේ.

03ග විශේෂයෙන් මෙවර 5 ශ්‍රේ‚යේ ශිෂ්‍යත්ව කඩඉමි ලකුණු අසාමාන්‍ය ලෙස ඉහළ යාමට පාසල්වල අතරමැදි පන්ති වලට අධ්‍යාපන ලේකම්වරයා විසින්ම දේශපාලන හිතවතුන්ගේ දරුවන් ඉවක් බවක් නොමැතිව ඇතුලත් කිරීම හේතු වූ බව ප්‍රසිද්ධ රහසකි. එය එසේ තිබියදී දෙමව්පියන් පැමිණ අමාත්‍යංශය ඉදිරිපිට උද්ඝෝෂණ කරද්දී ඊට විස`දුම් සොයනවා වෙනුවට එම ගැටළු තවත් උග්‍ර කරමින් අධ්‍යාපන අමාත්‍යංශය මේ ආකාරයෙන් මුග්ධ ලෙස කටයුතු කිරීම සමස්ත සිසු දරුවන්ටම සිදු කරන බලවත් අසාධාරණයක් මෙන්ම ඛෙහෙවින්ම නරක පූර්වාදර්ශයකි.

එහෙයින් ආණ්ඩුව මැදිහත්ව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළු වගකිවයුතු නිලධාරින් යොදවා ගනිමින් සිදු කරන මෙම දේශපාලන බලපෑම් හා නීති විරෝධී ක්‍රියාමාර්ග වහාම නතර කරන ලෙස ලංකා ගුරු සේවා සංගමය බලකර සිටිමු.

මෙයට,
විධායක සභාව වෙනුවෙන්,

මහින්ද ජයසිංහ,
ප්‍රධාන ලේකම්,
ලංකා ගුරු සේවා සංගමය.
සම්බන්ධීකරණය – 0718297022/0777685038
පිටපත් – 01.ලේකම් – අධ්‍යාපන අමාත්‍යංශය
02.අතිරේක ලේකම්(පාසල් කටයුතු) – අධ්‍යාපන අමාත්‍යංශය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress