මාතලේ කොහොඹාකංකාරිය
Posted on January 31st, 2021

විදුර වික්‍රමනායක

මිනිසා විවිධ රෝග බිය සැක දුරුකරගැනිමත් මානසික සුවයත් සදහා විවිධ නොපෙන බලවේග පිළිබදව විශ්වාස තැබු අතර විවිධ කාල වකවානු පසුකරමින් පැමිණ අතිතයේ ඇති වැදගත් සන්සිද්ධින් මුල් කරගෙන විවිධ ශාන්ති කර්ම කෙරෙහිද විශ්වාස තැබු අතර˜මුල් මඩුවේ රජ මහා කොහොඹා යක් කංකාරි ශාන්තිකර්මය ද ඉන් ප්‍රධාන වේ.
කෝවිඩ් 19 වසංගතයෙන් මව්බිම ආරක්ෂා කර ගැනීම අරමුණු කර ගනිමින් පැවැත්වූ මෙම කොහොඹා යක් කංකාරි ශාන්ති කර්මය මාතලේ ශ්‍රී පුන්‍යවර්ධන සමිතිය විසින් සංවිධානය කර මාතලේ බෞද්ධ මන්දිරය ශාලාවේදී දුරුතු මස 29 වැනිදා රැය පහන් වෙනතුරු පැවැත්වූවා.

මෙම ශාන්තිකර්මය සඳහා ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ අස්ගිරි විහාර පාර්ශවයේ මාතලේ මහ දිසාවේ ප්‍රධාන සංඝනායක අති ගෞරවාර්හ කොස්ගොල්ලේ සද්ධර්ම කීර්ති ශ්‍රී චන්ද්‍රජෝති සීලරතනාභිධාන නායක ස්වාමීන් වහන්සේ, ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ මාතලේ මහ දිසාවේ ප්‍රධාන සංඝනායක අති ගෞරවාර්හ මහල කොටුවේ ශ්‍රී සිද්ධාර්ථ රතනසාර විමලධම්මාභිධාන නායක ස්වාමීන් වහන්සේ, ඇතුලූ මහා සංඝරත්නය විශාල පිරිසක් වැඩම කොට සිටියා.
මෙම කොහොඹා යක් කංකාරි ශාන්තිකර්ම මංගල්‍යයට විශේෂ ආරාධිත අමුත්තා ලෙස ජාතික උරුම ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පි ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමා සහභාගි වුණා.
ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන මුල් මඩුවේ රජ මහා කොහොඹා යක් කංකාරිය ශාන්ති කර්මය හෙවත් හැටපස් මංගල්‍යය පිළිබඳව කන්ද උඩරට පමණක් නොව මුළු මහත් ශ්‍රී ලාංකේය ජනතාවගේම ඇත්තේ ඉමහත් භක්තියකි.

අපේ රටේ ඓතිහාසික උරුමයන් අතර කැපී පෙනෙන මෙම කොහොඹා යක්කංකාරිය ශාන්ති කර්මය කිරීම තුළින්, රටේ පවතින විවිධ වූ ව්‍යසනකාරී තත්වයන් ඇති වූ විට රටට සෙත් ශාන්තිය සෞභාග්‍ය උදාකර ලීමට හැකිවන බව සියලූ දෙනාගේම විශ්වාසයයි. රෝග නිවාරණය සදහා වසර 2500කට ආසන්නව අවිචින්නව පැවත එන මෙම කොහොඹා යක් කංකාරිය, ශාන්තිකර්මයක් පමණක් නොව සෞන්දර්යාත්මක අංගයක් ලෙසත් කලා ශිල්පින්ගේ ශිල්පිය දක්ෂතාවයන් ප්‍රගුණ කිරිමේ අවස්ථාවක් ලෙසද හැදින්විය හැකිය.
කුවේ‚ය විසින් විජය රජතුමාට කරන ලද ශාපයක් නිසා ප~ුවස්දෙව් රජතුමාට ඇති වූ දිවි දෝශය සුව කිරීම සඳහා මෙම මුල් මඩුවේ රජ මහා කොහොඹා යක් කංකාරි ශාන්ති කර්මය පැවැත් වූ බව ඉතිහාසයේ සඳහන් වේ.
මෙවන් ශාන්තිකර්ම මංගල්‍යයන් පවත්වමින්, මහනුවර මාතලේ සතර කෝරළය සත් කෝරළය ආදී ප්‍රදේශවල කලා ශිල්පීන් විසින් සිය ජන්මයෙන්ම උරුම කරගත් පාරම්පරික කලා සම්ප්‍රදායන් රැක ගනිමින් මතු පරපුරට උරුම කර දීම අගය කළ යුතුයි.

මාතලේ දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ දිසානායක, මාතලේ දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිŒ කවිරත්න, ගරු මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ යන අයගේ සහභාගීත්වය ඇතිව,
මාතලේ ශ්‍රී පුණ්‍යවර්ධන සමීතියේ ගරු සභාපති දේශබන්ධු ආර්.එම්.ආර්. ඉසුරු ජයවර්ධන මැතිතුමා ඇතුළු ගරු පාලක මණ්ඩලය සංවිධානය කළ මෙම කොහොඹා යක් කංකාරිය ශාන්තිකර්ම මංගල්‍යය ජනාධිපති සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පී නිශාන්ත රම්පිටිය මහතා ඇතුළු ප්‍රවීණ නර්තන ශිල්පීන් විසින් පවත්වනු ලැබුවා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress