ජාතික ගීය සිංහලෙන් ගයා නින්දට ගිය ටිකට අධිකරණ ඇමති අලි සබ්‍රි නීතිඥ විභාග සිංහලෙන් ලියන එක තහනම් කරල….!
Posted on February 5th, 2021

අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col), නීතිඥ

සංස්ථාගත නීති අධ්‍යාපන සභාව, මුස්ලිම් අධිකරණ ඇමතිවරු සමග එක් වී නිදහස් අධ්‍යාපනයේ පුරවැසියන්ට සිංහල භාෂාවෙන් නීතිය හදාරා නීතිඥවරු වීම වළැක්වීමට ගන්නා දේශපාලන තීන්දු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3, 4(ඇ), 4ඈ), 9, 18, 21, 23.(4) සහ 24 ව්‍යවස්ථා  උල්ලංඝනය කරන ආකාරය.

ගරු සිරිමා බණ්ඩාරනායක මැතිණියගේ 1970 සමගි පෙරමුණු ආණ්ඩුව සමයේ ස්වභාෂාවෙන් වෘත්තීය අධ්‍යාපනය ලැබීමේ අයිතිය නිදහස් අධ්‍යාපනය ලබන දැයේ දරුවන්ට හිමිකර දෙනු ලැබීය. ඒ අනුව ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ සිංහල භාෂාවෙන් නීති අධ්‍යයන කටයුතු ආරම්භ විය. නීති අධ්‍යාපනය ලබා දෙන ආයතන කිහිපයක් ශ්‍රී ලංකාවේ තිබුණද නීතිඥවරු බිහිකරන එකම ආයතනය ශ්‍රී ලංකා නීති විද්‍යාලය පමණක් වන අතර ඒ අධිකාරිය ලබා ගත්තේ 276 වන අධිකාරය වන නීති අධ්‍යාපන සභා ආඥා පනත මගිනි. 1900 අංක 2 දරණ සංස්ථාගත නීති අධ්‍යාපන සභා ආඥා පනත, 1974 අංක 6 දරන නීති සංශෝධනය මගින් සහ 1993 අංක 33 දරන නීති සංශෝධන මගින් සංශෝධනය වී ඇති අතර එකී සංශෝධන මගින් ප්‍රධාන වශයෙන්ම සංශෝධනය කිරීමට අපේක්ෂා කර ඇත්තේ ප්‍රධාන ආඥාපනතේ 2.අ වගන්තිය ය. නීති අධ්‍යාපන සභා ආඥා පනතේ 2.අ වගන්තිය මගින් නීති අධ්‍යාපන සභාවේ සංයුතිය දක්වා ඇත.

ගරු සිරිමා බණ්ඩාරනායක මැතිණියගේ 1970 පාලන සමයේදී නීති අධ්‍යාපන සභාවේ සංයුතිය එතෙක් පැවති එංගලන්තයේ, ස්කොට්ලන්තයේ, අයර්ලන්තයේ නීති පාලනයෙන් ශ්‍රී ලංකාව නිදහස් කර ගැනීමට දිශානති කරවූ අතර 1993 අංක 33 දරන නීති සංශෝධනය මගින් එය තවත් ශක්තිමත් කරනු ලැබීය.

1993 අංක 33 දරන නීති සංශෝධනය මගින් නීති අධ්‍යාපන සභාවේ සංයුතිය සාමාජිකයන් සංඛ්‍යාව 14ක් වන අතර ඉන් 6 දෙනෙකුම අධිකරණ ඇමතිවරයා විසින් පත් කරන අතර තවත් අයෙකු වන්නේ අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයාය. ඒ අනුව නීති අධ්‍යාපන සභාවේ සංයුතියෙන් 50% ක් (7/14) අධිකරණ ඇමතිවරයාගේ අදහස් ක්‍රියාත්මක කරන ආකාරයට සකස් වී ඇත.

නීති විද්‍යාලය ආරම්භයේ පටන්ම එහි අධ්‍යාපනය ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් සිදු කළ අතර එය වර්ෂ 1815 උඩරට ගිවිසුම සමග බ්‍රිතාන්‍ය විසින් දිවයිනම යටත් කර ගැනීමේ දේශපාලන අරමුණු මත ක්‍රියාත්මක විය. 1972 මැයි 22 වන දින පළවන ජනරජ ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීමත් සමග නෛතිකව තිබූ යටත් විජිත බන්ධනයෙන් මිදීමේ අවශ්‍යතාවය පූරණය කිරීම අරඹයා නීති අධ්‍යාපන සභාවේ සංයුතියත්, නීති විද්‍යාලයේ අධ්‍යාපනය ලැබීමේ භාෂාවේත් වෙනස්කම් සිදු කළ අතර ඒවා පැහැදිලිවම දේශපාලනික වශයෙන් ගත් තීරණ වේ.

මේ සන්දර්භය තුළ  සංස්ථාගත නීති අධ්‍යාපන සභාව, මුස්ලිම් අධිකරණ ඇමතිවරු සමග එක් වී නිදහස් අධ්‍යාපනයේ පුරවැසියන්ට, සිංහල භාෂාවෙන් නීතිය හදාරා නීතිඥවරු වීම වළැක්වීමට ගන්නා දේශපාලන තීන්දු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3, 4(ඇ), 4ඈ), 9,18, 21, 23.(4) සහ 24 ව්‍යවස්ථා උල්ලංඝනය කරන ආකාරය පිළිබද විමසා බැලීමට මෙම ලිපියෙන් අදහස් කරයි.

රටේ නිදහස නිතිය සමග තදින් බැදී ඇති හෙයින් නෛතික නිදහස අත් කර නොගෙන රට යටත් විජිතත්ත්වයෙන් නිදහස් කර ගැනීමට හෝ තිරසර සංවර්ධනය හෝ නීතියේ පාලනය ස්ථාපිත කර ගත නොහැකි බව දුටු එවකට පාලකයන් නිදහස් අධ්‍යාපනය ලැබූ ගම්බද දැයේ දරුවන්ට ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ සිය මව් භාෂාවෙන් නීති අධ්‍යාපනය ලැබීමේ නිදහස අත් කර දෙන ලදී. එසේ වුවත් ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් නඩු තීන්දු දෙමින් 1815 සිට පැවති යටත් විජිත තත්ත්වය දිගටම පවත්වාගෙන යාම පාලනය කිරිමට අවශ්‍ය දේශපාලන තීන්දු ගැනීමට සමත් පාලනයක් ශ්‍රී ලංකාවේ ස්ථාපිත නොවූ අතර රටේ බහුතර ජනතාවට කියවිය හැකි ලෙස නඩු තීන්දු දෙමින් නීතියේ පාලනය ස්ථාපිත කිරීමට අවශ්‍ය පසුබිම ඇති කිරීමට පාර්ලිමේන්තුවද අසමත් විය. පාර්ලිමේන්තුව විසින් සිදු කළ මෙම වරදෙන් එංගලන්තයේ, ස්කොට්ලන්තයේ, අයර්ලන්තයේ නීති පාලනයෙන් ශ්‍රී ලංකාව නිදහස් කර ගැනීමට එරෙහි නීති විශාරදයන් ප්‍රයෝජන ගත් අතර මුස්ලිම් අධිකරණ ඇමතිවරු බලයේ සිටින අවස්ථාවල සිය පටු අරමුණු ක්‍රියාතමක කර ගැනීමට කටයුතු කර ගත්තේ ය.

ඒ අනුව වර්ෂ 2010 සහ වර්ෂ 2021 දී නිදහස් අධ්‍යාපනයේ පුරවැසියන්ට සිංහල භාෂාවෙන් නීතිය හදාරා නීතිඥවරු වීම වළැක්වීමට අදාල දේශපාලන තීන්දු ගැනීමට එකී එංගලන්තයේ, ස්කොට්ලන්තයේ, අයර්ලන්තයේ නීති පාලනයෙන් ශ්‍රී ලංකාව නිදහස් කර ගැනීමට එරෙහි නීති විශාරදයන් කටයුතු කර ගනු ලැබීය. ඒ 2010 සිට ස්ව භාෂාවෙන් නීති අධ්‍යාපනය ලැබීමේ අයිතිය ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අහිමි කිරීමත්, 2020.12.30 දින ස්ව භාෂාවට ශ්‍රී ලංකා නීති විද්‍යාලයේදී නීති අධ්‍යාපනයට කිසිම අවස්ථාවක් නොලැබෙන පරිදි අනු නීති පනවා ගැනීමෙනුත් ය. මෙහි අවසාන ප්‍රතිඵලය වන්නේ තව වසර කිහිපයක් ඇතුළත ස්වභාෂාවෙන් අධිකරණ කටයුතු කිරීම තහනම් කර එංගලන්තයේ, ස්කොට්ලන්තයේ, අයර්ලන්තයේ නඩු විසදන එනම් ඉංග්‍රීසියෙන්ම මහේස්ත්‍රාත් අධිකරණ, දිසා අධිකරණ, මහාධිකරණ සහ සිවිල් අභියාචනා මහාධිකරණ නඩු විසදන ක්‍රමයක් ඇති කිරිමය.

අලි සබ්‍රි අධිතරණ ඇමතිවරයාගේ එකගත්වයෙන් 2020.12.30 දින අංක 2208/13 දරන අති විශෙෂ ගැසට් පත්‍රය සංස්ථාගත නීති අධ්‍යයන සභාව විසින් රජයේ නිවේදනයක් ලෙස පළ කර ඇත. එමගින් වර්ෂ 2010 දක්වා පැවති ස්වභාෂාවෙන් නීතිය ඉගෙනීමේ අයිතිය නිදහස් අධ්‍යාපනයේ පුරවැසියන්ට අහිමි කරවනු ලැබ ඇති අතර නීතිඥ විභාග ස්වභාෂාවෙන් පැවැත්වීම නවත්වා ඇත.

එම ගැසට් පත්‍රයේ අදාල පාඨ මෙසේ ය.

ස්වභාෂාවෙන් නීතිය ඉගෙනීමේ අයිතිය නිදහස් අධ්‍යාපනයේ පුරවැසියන්ට අහිමි කිරීමද මේ සමගම සිදු කිරීමට කටයුතු කර ඇත්තේ කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ, ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යලයේ ඉගෙන ගන්නා නිදහස් අධ්‍යාපනයේ සිසුන්ටද ඉංග්‍රීසි භාෂාවෙන් නිතිඥ විභාග ලිවීම අනිවාර්ය කිරීමෙනි.

සංස්ථාගත නීති අධ්‍යාපන සභාව, මුස්ලිම් අධිකරණ ඇමතිවරු සමග එක් වී නිදහස් අධ්‍යාපනයේ පුරවැසියන්ට, සිංහල භාෂාවෙන් නීතිය හදාරා නීතිඥවරු වීම වළැක්වීමට ගන්නා දේශපාලන තීන්දු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3, 4(ඇ), 4(ඈ), 9, 18, 21, 23.(4) සහ 24 ව්‍යවස්ථා උල්ලංඝනය කරන ආකාරය

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වන ව්‍යවස්ථාව

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  වන ව්‍යවස්ථාවේ  4(ඇ) ව්‍යවස්ථාව

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  4(ඈ) ව්‍යවස්ථාව

ආණ්ඩුක්‍රම 9 ව්‍යවස්ථාව

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 18 වන ව්‍යවස්ථාව

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 ව්‍යවස්ථාව ( වර්ෂ 2010 දක්වා ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ සිංහල මාධ්‍යයෙන් නිති අධ්‍යාපනය ලබා දී ඇත)

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 23.4 ව්‍යවස්ථාව

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 24 ව්‍යවස්ථාව

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3, 4(ඇ), 4ඈ), 9, 18, 21, 23.(4) සහ 24 ව්‍යවස්ථාවල විධිවිධාන අනුව සහ 1970 සමගි පෙරමුණු ආණ්ඩුව ගත් ස්වභාෂා නීති අධ්‍යාපන ප්‍රතිපත්තියත්, සී. ඩබ්.ඩබ්. ඩබ්. කන්නන්ගර නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තියත් සැළකූවිට ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ නීති අධ්‍යාපන භාෂා මාධ්‍ය සහ නීතීඥවරයෙකු වීමට පවත්වන විභාගවල භාෂා මාධ්‍ය පැහැදිලිවම දේශපාලන තීරණ මත පදනම් වි ඇත. විශේෂයෙන් මේ දේශපාලන ප්‍රතිපත්ති මුස්ලිම් අධිකරණ අමාත්‍යවරයන් බලයේ සිටින විට නිදහස් අධ්‍යාපනය ලබන රජයේ පාසල් දරුවන්ට දැඩි ලෙස අහිතකර ලෙස ක්‍රියාත්මක වී ඇති බව 2010 සහ 2021 දී ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ නීති අධ්‍යාපන භාෂා මාධ්‍ය වෙනස් කිරීම සැළකීමේදී මනා ලෙස තහවුරු වේ.

විශේෂයෙන් රටක අනන්‍යතාවය නීතිය මගින් පිළිබිඹු කරන බවට පිළිගැනීමක් තිබියදී තවදුරටත් එංගලන්තයට, ස්කොට්ලන්තයට, අයර්ලන්තයට පක්ෂපාතී නීති විශාරදයින්ගේ අධිකාරී බලපෑමට යටත්ව, යටත් විජිත නීති ප්‍රතිපත්තිවලට අනුගතව ගත කිරීම සුදුසුද? යන්න නිවහල්ව සිතීම පුරවැසියන්ගේ ජාතික යුතුකමය, වගකීමය. නිතීයේ නිදහසත්, නීතියේ පාලනයත්, තිරසර සංවර්ධනයත් ළගා කර ගත හැක්කේ ජනතාව නීතියෙන් ඈත් කිරීමෙන් නොව ජනතාව නීතියට සමීප කිරීමෙන් බව පාලකයන් වටහා ගත යුතුය. බලවන්ත සහ දුර්වල සැමට බියකින් සැකයකින් තොරව ජීවත් විය හැක්කේ නීතියේ පාලනය ශක්තිමත් කිරීමෙන් පමණි.

4

සංස්ථාගත නීති අධ්‍යාපන සභාව, මුස්ලිම් අධිකරණ ඇමතිවරු සමග එක් වී නිදහස් අධ්‍යාපනයේ පුරවැසියන්ගේ භාෂා අයිතියත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් උල්ලංඝනය කරන විට කාට කියනුද? ඒ අමාරුව යන්න ජනතාව මුමුණති. මන්ද මෙයට එරෙහිව නඩු පැවරිය යුත්තේද ඔවුන් ඉදිරියේම බැවිණි. වැටත් නියරත් ගොයම් කා නම් කාට කියනුද ඒ අමාරුව” යන්න පැරන්නෝ කියා ඇත්තේ ඒ නිසාය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress