ආණ්ඩුව, Corvid-19 වසංගතයට මුවා වී අ.පො.ස. සා/පෙළ සෞන්දර්යය ප්‍රායෝගික පරීක්ෂණ අතහැර දැමීමට ගත් තීරණය සම්බන්ධවයි.
Posted on February 8th, 2021

ලංකා ගුරු සේවා සංගමය

ගරු අධ්‍යාපන අමාත්‍ය,
ජී.එල්. පීරිස් මහතා,
අධ්‍යාපන අමාත්‍යංශය,
ඉසුරුපාය,
බත්තරමුල්ල.

අමාත්‍යතුමනි,
ආණ්ඩුව, Corvid-19 වසංගතයට මුවා වී අ.පො.ස. සා/පෙළ සෞන්දර්යය
ප්‍රායෝගික පරීක්ෂණ අතහැර දැමීමට ගත් තීරණය සම්බන්ධවයි.

ක‍දඩසා-19 වාතාවරණය හමුවේ අ.පො.ස. සා/පෙළ 2020 විභාගයේ සෞන්දර්යය විෂයන් ස`දහා වන ප්‍රායෝගික පරික්ෂණ නොපවත්වා පාසල් පාදක තක්සේරුකරණ ලකුණු ප්‍රමිතිකරණය කොට ප්‍රායෝගික පරීක්ෂණ ලකුණු වශයෙන් යොදා ගන්නා ලෙස අංක RD/16/02/5BA/OL/2020හා 2021.02.05 දිනැතිව විභාග කොමසාරිස් විසින් පළාත් හා කලාප අධ්‍යක‍ෂවරුන්ට පිටපත් සහිතව සියලූම විදුහල්පතිවරුන්ට දන්වා ඇති ලිපිය සම්බන්ධව විරෝධය පළ කරන ලංකා ගුරු සේවා සංගමය, පෙර වර්ෂවල පරිදි අදාළ ප්‍රායෝගික පරීක්ෂණ මෙවර ද පැවැත්වීමට පියවර ගන්නා ලෙස ඉතා වගකීමෙන් යුතුව ඉල්ලා සිටිමු.

02ග ක‍දඩසා-19 වසංගතයෙහි දැඩි අවදානමක් පැවති අවස්ථාවකදී පවා විභාග දෙපාර්තමේන්තුව අ.පො.ස. උ/පෙළ විභාගයේ අදාළ ප්‍රායෝගික පරීක්ෂණ පැවත්විණි. එහිදී ආසාධිතව සිටි සිසුන්ට පවා විභාගයට පෙනී සිටීමට අවස්ථාව සලසා දී තිබු අතර ගුරුවරුන් ඇතු`ඵ විභාග කාර්ය මණ්ඩල කැපවීම මත ඔවුන් සාර්ථකව විභාගයට පෙනී සිටී බව පිළිගත යුතුව ඇත.

03ග එවැනි වටපිටාවක් තුළ මෙවර පැවැත්වීමට නියමිත 2020 අ.පො.ස. සා/පෙළ විභාගයේ සෞන්දර්යය විෂයන්හි ප්‍රායෝගික පරීක්ෂණ පමණක් මේ ආකාරයට ක‍දඩසා-19 වසංගත අවදානමට මුවා වී නතර කිරීමටත් ඒ සදහා වලංගුභාවයෙන් හා විශ්වාසනීයත්වයෙන් තොර එමෙන්ම පුද්ගලබද්ධ නිතරම ක්ෂේත්‍රයේ විවේචනයට ලක් වන පාසල් පාදක ඇගයීම් වැනි ලකුණක් ගණනය කිරීමට උපදෙස් දීමත් 2 වන හා 3 වන වර විභාගයට පෙනී සිටින සිසුන්ගේ මෙම ඇගයීම් ලකුණු පිළිබදව අදාළ ලිපියෙහි නිසි උපදෙස් නොවීම ගැට`ඵ සහගත වීමත් කෙරෙහි අවධානය යොමු කරන විට මෙම තීරණය විභාග දෙපාර්තමේන්තුවෙහි අභිමතය පරිදි සිදු වන්නක් නොව ආණ්ඩුවේ පටු උවමනාවක් මත සිදු වන බලපෑමක ප්‍රතිඵලයක් බව මේ වනවිට පැහැදිලි කරුණකි.

04ග එහිදී විශේෂයෙන් මෙරට පාසල් අධ්‍යාපනය තුළ අනිවාර්ය විෂයන්ව පැවති සෞන්දර්යය විෂයන්, එකිනෙකට නොගැලපෙන තවත් විෂයන් ගණනාවක් තුළ බහා තෝරා ගැනීමට සලස්වා ඇති අතර අ.පො.ස. උ/පෙළ විෂය ධාරාව තුළ ද ජීව විද්‍යාව/භෞතික විද්‍යාව/වානිජ වැනි විෂය ධාරාවක් ලෙස වෙනම සංවර්ධනය වීම වළක්වා දිගින් දිගටම සිදු කරන ලද කප්පාදු කිරීම් වල තවත් එක් දිගුවක් ලෙස මෙම තීරණය ද ගෙන ඇති බව තහවුරු කළ හැකි කරුණු රැසක් අප සතුව ඇත.

05ග පාසල් අධ්‍යාපනය තුළ හ`දුන්වා දී ඇති සෞන්දර්යය විෂයන් අනාගත පරපුරක මානව දයාවන්ගෙන් පිරිපුන් අධ්‍යාත්මික හා පෞර්ෂ සංවර්ධනයටත් ඛෙහෙවින් රුකුලක් වු අතර එහි විෂය කරුණු හා ප්‍රායෝගික දක‍ෂතාවයන් යනු ගසට පොත්ත ලෙස වෙන් කර නොහැකි වුවකි. එවැනි විෂය ධාරාවක් කිසිසේත් පිළිගත නොහැකි කරුණක් මත කිසිදු වගවිභාගයකින් තොරව මේ ආකාරයට එහි ප්‍රායෝගික පරීක්ෂණ අත්හැර දැමීමත් පොදුවේ සෞන්දර්යය විෂය ධාරාවක් ලෙස සංවර්ධනයට සිදු කරන තවත් එක් බාධාවක් මිස අන්යමක් නොවන බව පැහැදිලි කරුණකි.

එහෙයින් ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීමට මෙන්ම ඊට පෙනී සිටීමට කොන්දේසි විරහිතව ගුරුවරුන් මෙන්ම සිසු දරුවන් ද බලාපොරොත්තුවෙන් සිටි තත්ත්වයක් තුළ ආණුඩුවේ පටු උවමනාවන් මත විභාග දෙපාර්තමේන්තුව හරහා ඒක පාර්ශවිකව ගත් මෙම තීරණය වහා හකුලා ගන්නා ලෙස නැවතත් බලකරන ලංකා ගුරු සේවා සංගමය එසේ නොවන්නේ නම්, අදාළ ගුරුභවතුන් සම`ග මීට එරෙහිව එළඹෙන පෙබ: 22 අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට උද්ඝෝෂණ ක්‍රියාමාර්ගවල අවතීර්ණ වන බව මෙයින් දන්වා සිටිමු.

ස්තූතියි,
මෙයට, විධායක සභාව වෙනුවෙන්,

මහින්ද ජයසිංහ
ප්‍රධාන ලේකම්,
ලංකා ගුරු සේවා සංගමය
සම්බන්ධීකරණය – 0718297022/0777685038

පිටපත – 01. ලේකම් – අධ්‍යාපන අමාත්‍යාංශය
02.විභාග කොමසාරිස් ජනරාල් – විභාග දෙපාර්තමේන්තව

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress